කැනඩාවට සංක්‍රමණය වීම සඳහා වීසා ලොතරැයිය බව කියමින් ඉකුත් දින කිහිපයේදී වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ පණිවුඩයක් හුවමාරු විය.
Canada Resident Card Visa Lottery යනුවෙන් එහි සඳහන්ව තිබූ කැනඩාවට සංක්‍රමණයට වීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට අදාළ පණිවුඩයේ ඇති සබැඳිය තුළින් අයඳුම් කරන්නැයි ද එම පණිවුඩයේ දැක්විණි.
වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වූ පණිවුඩය.
එහි ඇති සබැඳිය (Link) මත ක්ලික් (click) කළ පසු පහත වෙබ් පිටුවට (web page) පිවිසේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කරන ලදි.
මෙම පණිවුඩය ව්‍යාජ එකක් බවත් මේ සම්බන්ධයෙන් මේ වනවිට සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ (Facebook) සහ (Twitter) පැහැදිලි කිරීමක් කළ බව ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාල ෆේස්බුක් පිටුවේ (Facebook) දැක්වෙන නිවේදන ය.
අදාළ පණිවුඩයට අනුව “Resident Card Lottery Program” හෝ “Visa Lottery” program කැනඩාවට යෑම සඳහා අවස්ථා හෝ වීසා හෝ නිකුත් කිරීමක් නොකර යි.
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාල ට්විටර් ගිණුමේ (Twitter) දැක්වෙන නිවේදන ය.
එම පණිවුඩ ද්විත්වයෙන්ම කැනඩාවේ වීසා වැඩසටහන් සඳහා සබැඳ ලබා දී ඇත.
අපගේ නිගමනය
මෙය ව්‍යාජ පණිවුඩයකි.
මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය.
කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී.
මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය.
මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණ කි.
මේ ආකාරයේ තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල වීසා වැඩසටහන්, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය.
ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය.
ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය.
‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මූල්‍ය සේවා, බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය.
එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය.
මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂ කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය.
- “ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයිය” සම්බන්ධ පණිවුඩ ව්‍යාජයි
- වට්ස්ඇප් මැසේජ් යැව්වාට “ඩේටා” ලැබෙන්නේ නැහැ.
- ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහනට අන්තර්ජාලය තුළින් ලියාපදිංචි විය යුතු ද ? විය හැකි ද ?
- ‘කොවිඩ්-19’ වයිරසයට වියට්නාමය ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. / උණු වතුරේ තේ සාදා ලෙමන් යුෂ යොදා පානය කිරීම ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් නොවේ.
- සුපිරි වෙළෙඳසැල්වලින් තෑගි, වට්ටම්, වවුචර ලබාදෙන බවට සඳහන් කරමින් හුවවාරු වන පණිවුඩ අසත්‍යයි/ව්‍යාජයි.
- මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.