ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උදෑසනට විකාශය වන දස දෙසින් හත වැඩසටහනේ දී ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විණි.
එම වැඩසටහන මෙහෙයවන හඩ්සන් සමරසිංහ මහතා සඳුදා (25) ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය නොහැකි යැයි පැවැසීය.
එම වැඩසටහනේ 12.21 මිනිත්තුවේ දී ඔහු ඒ බව පැවැසීය.
එම සම්පූර්ණ වැඩසටහනට මෙතැනින් පිවිසිය හැකි ය.
“ඒකෙන් ඔහුට අස්වෙන්න බෑ. ජනාධිපතිවරයා ඉල්ලා අස්කරන්න නම් දෝෂාභියෝගයක් ගේන්න ඕන නීත්‍යනුකූලව” යනුවෙන් හඩ්සන් සමරසිංහ මහතා පැවැසීය.
ඔහුගේ එම ප්‍රකාශය වැරැදි ය.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38.1 (ආ) වගන්තියෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි බව පැහැදිලිව දක්වා තිබේ.
එම වගන්තියේ මෙසේ දැක්වෙයි.
“කථානායකවරයා වෙත තමාගේ අත්සනින් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් එවිට ද; ජනාධිපති ධුරය හිස්වන්නේ ය.”
නිගමනය : “ඒකෙන් ඔහුට අස්වෙන්න බෑ. ජනාධිපතිවරයා ඉල්ලා අස්කරන්න නම් දෝෂාභියෝගයක් ගේන්න ඕන නීත්‍යනුකූලව” යනුවෙන් කර ඇති ප්‍රකාශය වැරැදි වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය.