FACT CHECK : ජනාධිපති හමු වූ  “IMF” ප්‍රධානියා ඉල්ලා අස්වුණා ද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී දැඩි කතාබහක් නිර්මාණය විය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල වාර්තාව නිකුත් කිරීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා හමු වීම සම්බන්ධයෙන් ද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත් සමාජ මාධ්‍ය තුළත් කතාබහක් නිර්මාණය වී තිබිණි. 

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසේ ප්‍රධානියකු   වූ එම අරමුදලේ ආසියා-ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee)  ඉල්ලා අස් වී ඇතැයි විවිධ වෙබ් අඩවි පුවත් පළ කර තිබිණි. 

ඒවා උපුටා දක්වමින් සමාජ මාධ්‍ය පුවත් සහ සටහන් (Posts) පළ කර තිබිණි. 

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් (Facebook) ඔස්සේ පළ වී තිබූ සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දක්වා ඇත. 

මෙම ප්‍රවෘත්ති සහ කරුණු බොහෝමයක සඳහන් ව තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණ, ආපසු ඇමෙරිකා එක්සත් ජනපදයට යෑමෙන් පසු එතුමා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවයි.

“ලංකාවට පැමිණ ජනපති හමු වූ IMF ප්‍රධානියා ධූරයෙන් ඉල්ලා අස්වෙයි” යන සිරස්තලය යටතේ එම පුවත් පළ කර තිබිණි. 

එම පුවත වැරදි අර්ථකථනයකි. 

ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හමු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee) මහතා ය. 

ඔහු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති හමුව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ (Official Facebook Page) පළ කර තිබූ සටහනට (Post), මෙතැනින්

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයට, මෙතැනින්

එම හමුව සම්බන්ධයෙන් Daily FT පුවත්පත පළ කර තිබූ ප්‍රවෘත්තිය, මෙතැනින්

ආචාර්ය චන්ග්යොන්ග් රී, මහතා ඉල්ලා අස් වූ බවට පළ වූ සටහන් සහ ප්‍රවෘත්ති නිවැරදි නොවන අතර ඊට වැරදි අර්ථ කථන ද ලබා දී තිබිණි. 

ආචාර්ය චන්ග්යොන්ග් රී මහතාගේ නම දකුණු කොරියාවේ මහ බැංකුවේ අධිපති ධුරයට යෝජනා වී තිබේ.

මේ හේතුවෙන් ආචාර්ය චන්ග්යොන්ග් රී මහතා අප්‍රේල් මාසය මුල දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා-ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් විශ්‍රාම යෑමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය මාර්තු මස 23 වැනි දා එම නිවේදනය නිකුත් කර තිබිණි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය මෙතැනින්

මේ සම්බන්ධයෙන් Economy Next වෙබ් අඩවිය පළ කර තිබූ සවිස්තරාත්මක ප්‍රවෘත්ති ලිපිය, මෙතැනින්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ කාර්ය මණ්ඩල වාර්තාව, මෙතැනින්

නිගමනය : “ලංකාවට පැමිණ ජනපති හමු වූ IMF ප්‍රධානියා ධූරයෙන් ඉල්ලා අස්වෙයි” යන සිරස්තලයත් එම ප්‍රවෘත්තියක් නිවැරදි නොවේ. 

ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee) ඇතුළ දූත පිරිසකි. 

ආචාර්ය චන්ග්යොන්ග් රී මහතාගේ නම දකුණු කොරියාවේ මහ බැංකුවේ අධිපති ධුරයට යෝජනා වීම නිසා ඒ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිය ධූරයෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …