FACT CHECK: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය නොදෙන බව සඳහන් කරමින් වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමාජ මාධ්‍ය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබේ. 

ඉකුත් ජනවාරි මාසය තුළදීත් ඉන් පෙරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් කතාබහ ඇති වන අයුරුත් ඊට පක්ෂව සහ විපක්ෂ අදහස් පළ වන අයුරුත් නිරීක්ෂණය විය. 

මේ අතරවාරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මුදල් අමාත්‍යවරයා ඈඳා ගනිමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය තුළ පණිවුඩයක් හුවමාරු වන අයුරු අපට නිරීක්ෂණය විය. 

එම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත. 

ඉහත දක්වා ඇති වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයේ සංක්ෂිප්ත පරිවර්තනයක් පහතින් දක්වා ඇත. 

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවීණයන් ශ්‍රී ලංකාවට පැමිණ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හමුවී උපදෙස් ලබා දුන්නේ මෙම ව්‍යාකූල තත්ත්වයෙන් ගොඩ ඒමට ඇති එකම විසඳුම වන්නේ සොරකම් කරන ලද බිලියන ප්‍රමාණයේ මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීම බවයි. ඔවුන් පවසා සිටියේ කොල්ලකනු ලබන රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධාර සපයන්නේ නැති බවයි. ඔවුන් සිටින්නේ එකම කොල්ලකරුවන් බලයේ සිටින රටකට උදව් කිරීමට නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය නොදක්වන හේතුව ලෙස  ඔවුන් තවදුරටත් සදහන් කරනු ලැබුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන දේ නැවත කොල්ලකෑමට ලක් වන බවයි.” 

මෙම පණිවුඩය මුලින්ම නිරීක්ෂණය කිරීමේදී මෙම පණිවුඩයේ ඉංග්‍රීසි භාෂාව භාවිතයේ වැරැදි තිබෙන බව ද නිරීක්ෂණය කළ හැකි ය. 

අප මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසීමක් කළෙමු. 

විද්‍යුත් තැපෑල ඔස්සේ (ඊමේල් පණිවුඩයක්) යවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙය පිළිබඳව විමසීමක් කළ අතර ඊට ලද ප්‍රතිචාරය පහත දැක්වේ. 

ශ්‍රී ලංකාවේ සංචාරය කළ දූත පිරිසේ ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා විසින් පළ කරන ලද අදහස් :

  • මේ වනවිට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය දෙන දූත පිරිසකට අදාළ ව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙබරවාරි 2 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් සම්බන්ධයෙන් අපි අවබෝධයෙන් පසුවෙමු. මෙම දූත පිරිස මුදල් අමාත්‍යාංශයේ සාර්ව ෆිස්කල් ඒකකයට සහාය ලබාදීමට අරමුණු කරගෙන ඇති අතර ශ්‍රී ලංකාව තුළ අප කරන හැකියා/ධාරිතා සංවර්ධන ක්‍රියාකාරකම්වල කොටසක් ලෙස එම ඒකකයේ කාර්යමණ්ඩලය පුහුණු කිරීමට අවධානය යොමු කර ඇත. මෙම දූත මෙහෙයුම පෙබරවාරි 9 වැනිදා දක්වා විඩියෝ තාක්ෂණය (අන්තර්ජාලය) ඔස්සේ සිදු කෙරෙනු ඇත. 
  • ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු මූල්‍ය සහයෝගයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කර නොමැති අතර එසේ ඉදිරිපත් වුවහොත් ඊට සහාය වීමට කාර්යමණ්ඩලය සූදානමින් සිටියි. 
  • ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ප්‍රතිපත්ති ප්‍රවර්ධන පිළිබඳව  අපි සමීපව නිරීක්ෂණය කරන්නෙමු. ශ්‍රී ලංකාව සමඟ IV වගන්තිය යටතේ තිබෙන උපදේශන පැවැත්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායමක් දෙසැම්බර් මස 7 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වගන්තිවලට අනුව එන  IV වගන්තිය යටතේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලු සාමාජික රටවල් සමඟ ආර්ථික ප්‍රවර්ධන සහ ප්‍රතිපත්ති විමසා බැලීම සඳහා විධිමත්ව ද්විපාර්ශවීය සාකච්ඡා පවත්වයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වයේ අනුමැතිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් මෙම තීරණ මත පදනම් ව කාර්යමණ්ඩල වාර්තාව පිළිබඳ සාකච්ඡා කරනු ලබයි. ඔබගේ සාමාන්‍ය දැනුම/අවබෝධය සඳහා IV වගන්තියට මෙතැනින් පිවිසෙන්න. IV වගන්තිය යටතේ කෙරුණු උපදේශනවලට අදාළ විධායක කමිටු රැස්වීම පෙබරවාරි මාසය අගදී පැවැත්වීමට නියමිත ය. 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය. 

තමන්ට ද මෙම පණිවුඩය ලැබුණු බවත් එහි ඇති කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසීය. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඉහත දක්වා ඇති වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයේ ඇති කරුණු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හෙතෙම කීය. 

නිගමනය : මේ අනුව ඉහත දක්වා ඇති වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයේ ඇති කරුණු අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …