FACT CHECK : පිළියන්දල පොලිසියෙන් විශේෂ නිවේදනයක් යනුවෙන් සංසරණය වන පණිවුඩය ව්‍යාජ යි

“පිළියන්දල පොලිසියේ විශේෂ නිවේදනයක්” යනුවෙන් දැක්වෙන පණිවුඩයක් ඉකුත් දින කිහිපයේ දී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළත් වට්ස්ඇප් ඇතුළු පණිවුඩ ජාල තුළත් සංසරණය වන අයුරු දක්නට ලැබිණි. 

විශේෂ නිවේදනයක් යයි පිළියන්දල පොලිසිය ද සඳහන් කරමින් කහ සහ කළු පැහැති පසුබිමක රතු පැහැ සහ සුදු පැහැ අකුරු සහිතව මෙම දැන්වීම සකසා තිබිණි. 

විශේෂ නිවේදනය යි, පිළියන්දල පොලිසිය, බන්ධනාගාරය තුළ රඳවාගෙන සිටි අපරාධකරුවන් රැසක් මේ වනවිට සමාජයට මුදාහැර ඇති බවත් දිවයිනේ සියලුම පළාත්වලින් විවිධ සොරකම්, කොල්ලකෑම්, ගෙවල් බිඳීම්, පැහැර ගැනීම්, කප්පම් ගැනීම් වාර්තා වේ අවධානයෙන් සිටින ආදරණීයයන් රැකගන්න යනුවෙන් අප දැන්වීම ආරම්භ වී තිබිණි. 

මෙම පණිවුඩය ෆේස්බුක් සටහනක් (Facebook Post) ලෙසත් වට්ස්ඇප් පණිවුඩයක් (WhatsApp) ලෙසත් සංසරණය වී තිබිණි. 

ඉහත ෆේස්බුක් සටහනට (Post) මෙතැනින්

මේ සම්බන්ධයෙන් පළ වී තිබූ තවත් ෆේස්බුක් සටහන් කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස් කිහිපයක් පහතින් දැක් වේ. 

මෙම පණිවුඩය‌ විශාල වශයෙන් සංසරණය වීමට ඉහත ෆේස්බුක් සටහන හේතු විය හැකි යැයි නිගමනය කළ හැකි ය. 

අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීම ආරම්භ කළ විටම පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ඉහත දක්වා ඇති පණිවුඩයේ භාෂා භාවිතය යි. 

එහි ව්‍යාකාරණ සහ අක්ෂර වින්‍යාස වැරැදි රැසක් නිරීක්ෂණය කළ හැකි ය. 

දෙවැනුව, පිළියන්දල පොලිස්  ස්ථානයේ දුරකතන අංකයේ ඇත්තේ අංක 9 ක් පමණි. 

එම නිවේදනයේ පහළම කොටසෙහි, පිළියන්දල පොලිස් ස්ථානයේ දුරකථන අංකය සහ වසම භාර  නිලධාරීතුමා, ප්‍රජා පොලිස් කමිටු සභාපති යන තනතුරුවලට අදාළ ව දුරකතන අංක ද ඇතුළත් කර ඇත. 

අප මෙහි ඇති අනෙකුත් ජංගම දුරකතන අංක දෙකට දුරකතන ඇමතුම් ලබාගෙන මේ සම්බන්ධයෙන් විමසීම් කරන ලදි. 

අදාළ අංකවලට ගත් දුරකතන ඇමතුම්වලදී අපට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලැබුණු අතර මෙය නොදැනුවත්කම සහ අනබෝධය නිසා සිදු වූවක් බව පැහැදිලි විය. 

ඉහත ජංගම දුරකතන අංකවලට අදාළව ඇති තනතුරුවල සිටින පුද්ගලයන්ගේ අංක එහි සඳහන් ව ඇත. ඒ අනුව අංක ඉදිරියෙන් ඇති තනතුරු සහ එම අංක නිවැරැදි වේ. 

එහි එක් පුද්ගලයකුට පැමිණි වෙනත් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් මේ ආකාරයෙන් සකසා ඔවුන්ගේ වට්ස්ඇප් සමූහවලට (WhatsApp) යවා ඇත. 

ඉහත සඳහන් එක නිලයක සිටින අයකු මෙම පණිවුඩය පොලිසිය නිකුත් කළ පණිවුඩයක් යැයි සිතා ඉහත දැක්වෙන අයුරින් පණිවුඩයක් නිර්මාණය කර මෙය හුවමාරු (share) කර ඇත. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉහත අංක සහිත එක් නිලයක සිටින පුද්ගලයකු සඳහන් කළේ තමන්ගේ අනුදැනුමකින් තොරව මෙය සිදුව ඇති බව ය. 

මුල් වරට වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වී ඇති පණිවුඩයේ තිර ඡායාරූප (screenshots). 

ඉහත අප දක්වා ඇති වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ විශාල වශයෙන් සංසරණය වී ඇති පණිවුඩය අප පොලිස් මාධ්‍ය අංශයට යොමු කර සත්‍ය අසත්‍යතාව විමසා සිටියේ ය. 

එවැනි පණිවුඩයක් පොලිසිය මඟින් නිකුත් කර නැතැයි පොලිස් මාධ්‍ය අංශය තහවුරු කළේ ය. 

මෙම පණිවුඩය ව්‍යාජ එකක් බවත් පිළියන්දල පොලිසිය කිසිදු අවස්ථාවක මෙවැනි නිවේදනයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර නැති බවත් මේ සම්බන්ධයෙන් අප පිළියන්දල පොලිසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් පැවැසීය. 

මහජනතාව නොමඟ යවමින් පිළියන්දල පොලිසියේ නම සඳහන් කරමින් මෙවැනි පණිවුඩයක් සමාජ මාධ්‍යයට මුදා හැරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් සිදුවන බව ද එම නිලධාරියා පැවැසීය. 

නිගමනය ; පිළියන්දල පොලිසියෙන් විශේෂ නිවේදනයක් යනුවෙන් සඳහන් කරමින් වට්ස්ඇප් (WhatsApp) සහ ෆේස්බුක් හි (Facebook) සංසරණය වන පණිවුඩය ව්‍යාජ යි. 

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …