‘කොවිඩ්-19’ වසංගතය ආරම්භ වීමත් එය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සහ එන්නත්කරණය සම්බන්ධයෙන් තහවුරු නොකළ ප්‍රවෘත්ති, අසත්‍ය ප්‍රවෘත්ති, දුස් තොරතුරු මෙන්ම මහජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රවෘත්ති සිය දහස් ගණනක් අන්තර්ජාලය තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ පළ විය.
එහිදි මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ සහ දානපතියකු වන බිල් ගේට්ස් සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති රැසක් පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය විය. එසේ මෑතකදී සංසරණය වූ නවතම සිදු වීම වන්නේ ජීව විද්‍යා ආචාර්යවරයෙකු වන තිස්ස ජනනායක මහතා විසින් 2022 පෙබරවාරි 2 වැනිදා ඔහුගේ යූ ටියුබ් නාලිකාව (YouTube Channel) ඔස්සේ “කොවිඩ්-19 එන්නතේ මොනවද තියෙන්නේ?” යන ශීර්ෂපාඨය යටතේ ප්‍රසිද්ධ (Upload/Publish) කර ඇති වීඩියෝවෙහි ඇතුළත් ප්‍රකාශය යි.
එම වීඩියෝවේ 8.58 වන මිනිත්තුවේ සිට 14.07 වන මිනිත්තුව දක්වා කොටසෙහි නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරසය මර්දන එන්නත පිළිබදව 2015 වසර වන විටත් බිල් ගේට්ස් දැන සිටි බවට කරුණු අන්තර්ගත වේ. එම ප්‍රකාශය පහතින් උපුටා දක්වා ඇත
“මෙහෙම එන්නතක් හදන බව කියලා තියෙන්නේ 2015 දී. මේ කොවිඩ් එන්නත, කොවිඩ් එන්නත කියලම, කොවිඩ් ඉන්ජෙනක්ෂන් කියලම නම් කරලා තියෙනවා ඒක 2015 දී. අර තියෙන්නේ වීඩියෝ එකකුත් බිල් ගේට්ස් කරන කතාවක පසුබිමේ දාන්නේ කොරෝනා වැක්සින් කියලා. 2015 වීඩියෝ එකක්. ඒ කියන්නේ 2015ත් ඒගොල්ලෝ දැනගෙන ඉදලා තියෙනවා මේ මෙහෙම වැක්සින් එකක් හදලා තියෙනවා කියලා. මේක පොඩි මාෆියාවක් මට හිතෙන විදියට. ඒ වෙනකොට එතකොට මේ ඉන්ජෙක්ෂන් හදාගෙන තිබිච්ච කම්පැණි දැන් කොහොම ඩොලර් ගාණක් හොයලා ඇත් ද නේ. ඒ නිසා ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නම් තමයි. මේක ස්වභාවිකව ආපු එහෙකට වඩා ඇත්තටම හැදුවාද කියලත් ප්‍රශ්නටන් දැන්නම් තියෙනවා මේ ඉන්ජෙක්ෂන් බිස්නස් එක හින්දා. එහෙම ගැටලුවකුත් තියෙනවා.”
එම විඩියෝවට මෙතැනින් ,
තිර ඡායාරූප (Screenshots)
තිස්ස ජනනායක මහතා විසින් සිදුකරන මෙම ප්‍රකාශයට මුලික වී තිබෙන්නේ බිල් ගේට්ස් 2015 වසරේ මාර්තු මාසයේ කරන ලද අනතුරු ඇඟවීමකි.
ඉබෝලා වෛරසය ව්‍යාප්ත වීමෙන් අනතුරුව පැවැති ටෙඩ් සමුළුවකට එක්වෙමින් බිල් ගේට්ස් මීළඟ වසංගතයකට අප සූදානම් නැතැයි අනතුරු ඇඟවීමක් කරන ලදි. බිල් ගේට්ස් සම්බන්ධ කරගනිමින් කුමන්ත්‍රණ න්‍යාය, දුස් තොරතුරු යනාදිය ඇතුළුව අසත්‍ය පුවත් සිය ගණනක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙම දේශනය අඩංගු වීඩියෝවයි.
ඔහු තම දේශනයේ දී පවසන්නේ “වසංගතයක් නැවැත්වීම සඳහා අපි ඇත්ත වශයෙන්ම ඉතා සුළු මුදලක් ආයෝජනය කර ඇති බවයි. අපි ඊළඟ වසංගතයට සූදානම් නැති බවයි.”
ඔහු තම කතාවේදී “කොරෝනා වයිරසය” යන වචනය භාවිත නොකරයි. වසර 2014 දී බටහිර අප්‍රිකාවේ රටවල පැතිර ගිය ඉබෝලා වයිරසය පිළිබඳවත් එය පාලනය කිරීමේ දී සිදු වූ අසාර්ථකත්වය පිළිබඳවත් හෙතෙම අදහස් දක්වයි.
ඉබෝලා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලයන් 10,000 පමණ මිය ගිය බවත් මරණවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් බටහිර අප්‍රිකාවේ සිදු වූ බවත් ගේට්ස් සිය ටෙඩ් කතාවේදී සඳහන් කරයි.
“පෙර සූදානම් වීමකට අපොහොසත් වීමෙන් මීළඟ වසංගතය ඉබෝලාවට වඩා විනාශකාරී වීමට ඉඩ ඇති බවත් වයිරසයේ මූලාශ්‍රය ඉබෝලා වැනි ස්වාභාවික වසංගතයක් විය හැකි අතර නැතිනම් එය ජෛව ත්‍රස්තවාදයක් විය හැකි යැයි ද” බිල් ගේට්ස් එහිදි තවදුරටත් පවසයි.
ඊළඟ වසංගතය සඳහා අපට සූදානම් විය හැකි ආකාරය, යහපත් ප්‍රතිචාර පද්ධතියක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න ඔහු මෙහිදි පෙන්වාදෙයි.
නිගමනය
තිස්ස ජනනායක මහතා පවසන්නේ ගේට්ස් 2015 දී කොරෝනා වෛරස එන්නත පිළිබඳව දැනගෙන සිටි බවයි. නමුත් 2015 වීඩියෝ පටයේ ඇති TED සාකච්ඡාවේදී ඔහු කිසි විටෙකත් කොරෝනා වෛරසය හෝ කොරෝනා වයිරස එන්නත යන වචනය භාවිත නොකරන අතර COVID-19 ගැන සඳහන් නොකරයි.
‘කොවිඩ්-19’ වෛරසය සම්බන්ධයෙන් බිල් ගේට්ස් අනාවැකි පළ කළ බවට හෝ ඔහු විසින් වයිරස හෝ එන්නත් පිළිබදව වයිරසය ඇති වීමට පෙර සිට ම දැන සිටි බවට කිසිදු පිළිගත හැකි හෝ තහවුරු කළ හැකි සාක්ෂියක් නොමැත.
එම නිසා බිල් ගේට්ස් ‘කොවිඩ්-19’ වෛරසය සම්බන්ධයෙන් අනාවැකි පළ කළ බවට සහ ඔහු එන්නත් පිළිබදව වෛරසය ඇති වීමට පෙර සිට ම දැන සිටි බවට පළ වන ප්‍රකාශනය මහජනතාව නොමඟ යවන අසත්‍ය/ව්‍යාජ ප්‍රකාශනයක් ක ලෙස නිගමනය කළ හැකි ය.
අප මීට බිල් ගේට්ස් සම්බන්ධයෙන් කරන ලද කරුණු පරීක්ෂාවක්. මෙතැනින් අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.