FACT CHECK : බිල් ගේට්ස් ‘කොවිඩ්-19’ වයිරසය නිර්මාණය කළ බවට පළ වන වාර්තා අසත්‍ය යි.

‘කොවිඩ්-19’ වසංගතය ආරම්භ වීමත් එය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් තහවුරු නොකළ ප්‍රවෘත්ති, අසත්‍ය ප්‍රවෘත්ති, දුස් තොරතුරු මෙන්ම මහජනතාව නොමඟ යවන ආකාරයේ ප්‍රවෘත්ති සිය දහස් ගණනක් අන්තර්ජාලය තුළ පළ විය. 

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් තොරතුරු සිය දහස් ගණනක් පළ විය. 

නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වයිරස වසංගතය ආරම්භය, එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වගේම මේ වනවිට එන්නත්කරණය සම්බන්ධයෙන් ද අසත්‍ය පුවත් රැසක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබේ. 

එහිදි මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ සහ දානපතියකු වන බිල් ගේට්ස් සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති රැසක් පසුගිය දිනවල මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. 

ඒ ආකාරයේ සමාජ මාධ්‍ය සටහන්/අන්තර්ගත ස්ක්‍රීන්ෂොට්ස් (screenshots) පහතින් දැක්වේ. 

‘කොවිඩ්-19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ එය නිර්මාණය කරන ලද්දේ බිල් ගේට්ස් බව පවසමින් ලොව පුරා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවල දුස් තොරතුරු පළ විය. 

මේවා විශේෂයෙන්ම කුමන්ත්‍රණ න්‍යාය (Conspiracy Theory) ප්‍රවෘත්තිවල ස්වරූපයක් ගත්තේ ය. 

ඉහතින් දැක්වෙන ස්ක්‍රීන්ෂොට්වල අදාළ ෆේස්බුක් සටහනේ (Post) අනුව ‘කොවිඩ්-19’ වයිරසය නිර්මාණය කර ඇත්තේ බිල් ගේට්ස් ය. ඔහු වසර හයකට පෙර කොවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් අදහස් දක්වන බවත්, ඔහු ‘කොවිඩ්-19’ නිර්මාණය කළ බවත් ‘කොවිඩ්-19’ එන්නතත් ඔහුගේම නිර්මාණයක් බවත් එහි දැක්වේ. 

මෙම සටහනට මූලික වී තිබෙන්නේ බිල් ගේට්ස් 2015 වසරේ මාර්තු මාසයේ කරන ලද අනතුරු ඇඟවීමකි. 

ඉබෝලා වයිරසය ව්‍යාප්ත වීමෙන් අනතුරුව පැවැති ටෙඩ් සමුළුවකට එක්වෙමින් බිල් ගේට්ස් මීළඟ වසංගතයකට අප සූදානම් නැතැයි අනතුරු ඇඟවීමක් කරන ලදි. 

බිල් ගේට්ස් සම්බන්ධ කරගනිමින් කුමන්ත්‍රණ න්‍යාය, දුස් තොරතුරු යනාදිය ඇතුළුව අසත්‍ය පුවත් සිය ගණනක් නිර්මාණය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ මෙම දේශනය යි. 

ඉබෝලා වයිරසය මුල් වරට හඳුනාගෙන ඇත්තේ 1976 වසරේ දී ය. 

එය වසංගතයක් දක්වා ව්‍යාප්ත වූයේ 2014-2016 කාලයේ දී ය. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කරගනිමින් එය වසංගතයක් ලෙස ව්‍යාප්ත විය.

ඉබෝලා වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීම. මෙතැනින්

ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ පැහැදිලි කිරීම. මෙතැනින්

ටෙඩ් යනු ඇමෙරිකානු මාධ්‍ය සංවිධානයකි. TED

බිල් ගේට්ස් ටෙඩ් (TED) සමුළුවේදී කරන ලද අදහස් දැක්වීම සම්බන්ධයෙන් බී.බී.සී. (BBC) පුවත් සේවය පළ කර තිබූ පුවත් වාර්තාව. 

TED 2015: Bill Gates warns on future disease epidemic

එම වැඩසටහනේදී බිල් ගේට්ස් ‘කොවිඩ්-19’ වසංගතය සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක් මෙවැන්නක් සිදු වේවි යැයි නිශ්චිත අදහසක් පළ කරන්නේ නැත. 

අනගතයේදී වසංගතයක් ඇති වුවහොත් අප එයට සූදානම් නැති බවට අනතුරු ඇඟවීමක් පමණක් ඔහු සිදු කරන අතර එවැන්නක් ඇති වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි පැහැදිලි කිරීමක් සිදු කරයි. 

බිල් ගේට්ස් ගේ සම්පූර්ණ කතාව මෙතැනින්, මෙතැනින්

ඉහත සඳහන් කළ අයුරින් ‘කොවිඩ්-19’ වයිරසය නිර්මාණය කරන ලද්දේ බිල් ගේට්ස් බව සඳහන් කරමින් තිබූ ෆේස්බුක් සටහන් (Posts) කිහිපයක ස්ක්‍රීන්ෂොට්ස්. 

‘කොවිඩ්-19’ වයිරස වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගත් අවස්ථාවේ පටන් මේ දක්වා කාලයේ දී බිල් ගේට්ස්, ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝ වන රෝග පිළිබඳ ප්‍රධානම වෛද්‍යවරයා ලෙස සැලකෙන ඇන්තනි ෆවුචි වැනි පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් කුමන්ත්‍රණ න්‍යාය, දුස් තොරතුරු යනාදිය ඇතුළුව අසත්‍ය ප්‍රවෘත්ති ව්‍යාප්ත විය. 

අන්තර්ජාලය තුළ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ මෙවැනි පුවත් විශාල වශයෙන් සංසරණය විය. 

මෙවැනි ප්‍රවෘත්ති සහ අන්තර්ගත සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙළේ කරුණු පරීක්ෂා කිරීමේ ආයතන සහ ප්‍රවෘත්ති කාර්යාංශ කරුණු පරීක්ෂා කිරීමේ (Fact Checking Organizations) ලිපි පළ කර ඇත. 

ඒවා කිහිපයක් මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

අපගේ නිගමනය 

‘කොවිඩ්-19’ වයිරසය සම්බන්ධයෙන් බිල් ගේට්ස් අනාවැකි පළ කළ බවට හෝ ඔහු විසින් වයිරසය හෝ එන්නත් නිර්මාණය කළ බවට කිසිදු පිළිගත හැකි හෝ තහවුරු කළ හැකි සාක්ෂියක් නොමැත. 

එම නිසා බිල් ගේට්ස් ‘කොවිඩ්-19’ වයිරසය නිර්මාණය කළ බවට, ඒ සම්බන්ධයෙන් අනාවැකි පළ කළ බවට සහ ඔහු එන්නත් නිර්මාණය කළ බවට පළ වන වාර්තා මහජනතාව නොමඟ යවන අසත්‍ය/ව්‍යාජ ප්‍රකාශ ලෙස නිගමනය කළ හැකි ය. 

Share this post

Related Projects

Fact Check

FACT CHECK : Fake TikTok accounts in the name of an upcoming Actress

Among social media platforms such as Facebook and YouTube, TikTok has been socialized as one of the most famous social …

Fact Check

FACT CHECK : නවක නිළියගේ නමින් ව්‍යාජ ටික්ටොක් ගිණුම්

ෆේස්බුක් (Facebook), යූටියුබ් (YouTube), වැනි සමාජ මාධ්‍ය අතර මේ වන විට සමාජයේ වඩාත් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලයක් ලෙස    ටික්ටොක්(TikTok) …

Fact Check

FACT CHECK : වට්ස්ඇප් ඔස්සේ ඔස්ට්‍රේලියාවේ රැකියාවට අයදුම් කරන්න, ඔබත් ලින්ක් එක ක්ලික් කළා ද ?

ඔස්ට්‍රේලියානු රජය එරට රැකියා හිඟය පිරවීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර අයදුම්කරුවන් සොයමින් සිටින බව සඳහන් කරමින් ‘ඔස්ට්‍රේලියාවේ රැකියා සඳහා අයදුම් …

Fact Check

FACT CHECK : ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳ වීමට හේතු වුණා යැයි කියන ළමා සිරප් ලංකාවටත් ආවද ?

“ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳ වූ ළමා සිරප් ලංකාව ඇතුළු රටවල් 42කට යවලා” යන සිරස්තලය යටතේ දිවයින පුවත්පත ඔක්තෝබර් මස …

Fact Check

FACT CHECK : Is singer Shihan Mihiranga raising money for children diagnosed with cancer through a YouTube channel?

A Facebook post circulating on social media was observed stating that singer Shihan Mihiranga has helped a child diagnosed with …

Fact Check

FACT CHECK: சிங்கள பாடகர் ஷிஹான் மிஹிரங்க புற்றுநோயால் பாதிக்கப்பட்ட சிறுவர்களுக்காக யூடியூப் சேனல் ஒன்றின் மூலம் பணம் திரட்டுகின்றாரா?

இசை நிகழ்ச்சி ஒன்றின் போது சிறுகுழந்தை ஒருவரின் உயிரை காப்பாற்றுவதற்காக தான் பணம் திரட்டியதாகவும், அதனால் குறித்த குழந்தையின் உயிரை காப்பாற்ற முடிந்ததாகவும் அதேபோல் உள்ள ஏனைய …