FACT CHECK : “රථ වාහන නලා නාද කිරීම” සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා ද ?

රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ බව කියන පණිවුඩයක් විශේෂයෙන් ම මැයි 1 සහ 2 දෙදින තුළ වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ හුවමාරු (Share) වන අයුරු නිරීක්ෂණය විය. 

“රථ වාහන නලා නාද කිරීම සම්බන්ධවයි

අද දින සිට බලාත්මක වන පරිදි රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා වලට අයත් වාහන වල මෙන් ම, ලං.ග.ම බස්රථ හා දුම්රියන් හි නලා නාද කිරීම සපුරා තහනම් බව දන්වා සිටිමී. එසේ ම බැසිල්,බැසිල් යනුවෙන් පිළිතුරු නාද කිරීම ද තහනම් බව දන්වා සිටීමට කැමැත්තෙමි.

ජේ.ජේ රත්නසිරි

ලේකම්

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය” යනුවෙන් එම පණිවුඩයේ සඳහන් විය. 

අදාළ පණිවුඩය ඡායාරූපයක් ලෙස වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ හුවමාරු (Share) විය. 

එම ඡායාරූපය සහ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

මෙය බැලූ බැල්මටම ව්‍යාජ පණිවුඩයකි. 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නියෝග, නිවේදන, චක්‍රලේඛ නිකුත් කරන ආකෘතිය මෙය නොවන බව අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ලිපි ලේඛන නිරීක්ෂණය කිරීමෙන් තහවුරු කර ගත හැකි ය. 

ඊට අමතරව මෙහි භාෂා භාවිතය, අදාළ ලිපියේ උඩ කොටස සහ යට කොටස අකුරු, කඩදාසියේ වර්ණය යනාදිය නොගැලපෙන අයුරු දළපීම  යනාදිය ද නිරීක්ෂණය කළ හැකි ය. 

ලිපියේ අන්තර්ගතය සහ ලිපියේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන, නම තනතුර යනාදිය දැක්වෙන කොටසේ ඇති පැහැදිලි වෙනස නිරීක්ෂණය කළ හැකි ය. 

ඊට අමතරව මෙහි ඇති අමාත්‍යාංශයේ නම වැරදි ය. අමාත්‍යාංශයේ වෙබ් අඩවියට, මෙතැනින්. 

අප මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් විමසීම් කරන ලදී.

මෙම පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් බව අප විමසීම් කළ නිලධාරිහු තහවුරු කළහ. 

අපි මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් ද විමසීමක් කළෙමු. 

මෙය සම්පූර්ණ ව්‍යාජ පණිවුඩයක් බවත් මේ සම්බන්ධයෙන් අදාළ අංශවලට පැමිණිලි කළ බවත් ලේකම්වරයා පැවැසීය. 

මෙය බැලූ බැල්මට ම ව්‍යාජ පණිවුඩයක් බව තහවුරු වන බව ද හෙතෙම කීය. 

නිගමනය : රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක්, නියෝගයක් හෝ චක්‍රලේඛයක් හෝ නිකුත් කර නොමැත. 

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Fact Check

FACT CHECK : 2022 ஆம் ஆண்டு இலங்கை வாழ் முஸ்லிம்களுக்கு ஹஜ் கடமையினை நிறைவேற்றுவதற்காக சவூதி அரேபியா செல்ல முடியுமா? முடியாதா?

உலகம் பூராகவும் வாழ்கின்ற முஸ்லிம்கள் ஆண்டுதோறும் சவுதி அரேபியா நாட்டில் உள்ள மக்கா நகருக்கு மேற்கொள்ளும் புனித பயணமே “ஹஜ்” ஆகும்.  அதற்கு அமைய வருடம் தோறும் …

Fact Check

FACT CHECK : Will Sri Lankan Muslims be able to go to Saudi Arabia in 2022 to perform Hajj?

Hajj is the annual pilgrimage to Mecca in Saudi Arabia by Muslims from all over the world. During the month …

Fact Check

FACT CHECK : ඉන්ධන බවුසරයෙන් තෙල් ගත්තේ කවුද?

රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මාස ගණනාවක සිට ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබේ. එම තත්ත්වය මධ්‍යයේ මෝටර් රථයකින් …

Fact Check

FACT CHECK : අයර්ලන්තේ අයිති ලංකාවට ද ?

ශ්‍රී ලංකාවට පැමිණි එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් සමාගමට අයත් ගුවන් යානය සම්බන්ධයෙන් අපි මීට පෙර සවිස්තර කරුණු පැහැදිලි කිරීමක් කරන ලදි.  …

Fact Check

FACT CHECK : Has the Russian Aeroflot plane caused a diplomatic crisis?

The suspension of flight SU289 to Moscow resulted in public interest during the first week of June. The flight was …

Fact Check

FACT CHECK : ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙනව ද ?

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණක් මුදලක් ලබාදෙන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් …