FACT CHECK : ලැප්ටොප් දෙන බව කියන වට්ස්ඇප් පණිවුඩය ව්‍යාජයි

සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදෙන සඳහන් කරමින් ඉකුත් දිනවල වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වූ පණිවුඩයක් අපගේ අවධානයට යොමු විය. 

විශේෂයෙන්ම පුත්තලම ප්‍රදේශය කේන්දු කරගනිමින් මෙම පණිවුඩය හුවමාරු වන බවක් ද අපට දැනගන්නට ලැබුණු අතර මෙහි නිරවද්‍යතාව සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ඇතැම් පිරිස් වෙතින් අප වෙත ඉල්ලීම් ද ඉදිරිපත් විය. 

මේ අනුව අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් කරන ලදි. 

අදාළ පණිවුඩයේ ස්ක්‍රීන්ෂොට්ස් (screenshots)  සහ අදාළ පණිවුඩයේ ඇති සබැඳියට (link) පිවිසි පසු දැක්වෙන අයුරු දැක්වෙන් ස්ක්‍රීන්ෂොට්ස් (screenshots) පහතින් දක්වා ඇත. 

01

02

මූල්‍ය අපහසුතා ඇති සිසු සිසුවියන්ට ලැප්ටොප් (ලැප්ටොප් පරිගණක) ලබාදෙන බවත් ඕනෑම රටක සිටින සිසුවකුට/සිසුවියකට මේ සඳහා අයඳුම් කළ හැකි බවත් වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ හුවමාරු වූ පණිවුඩයේ දැක්වේ. 

ඉකුත් වසරේ දී (2020) කොවිඩ්-19 හේතුවෙන් සිසු/සිසුවියන් 20,000කට ලැප්ටොප් ලැබුණු බවත් මේ වසරේ සිසු/සිසුවියන් 560,000කට නොමිලේ ලැප්ටොප් ලබාදෙන බවත් අදාළ පණිවුඩයේ දැක්වේ. 

සාමාන්‍යයෙන් මෙවැනි පණිවුඩ හුවමාරු වනවිට ඒවා ඇතැම් විට යම්කිසි ප්‍රසිද්ධි ආයතනයකට සම්බන්ධ කරගනිමින් මෙම පණිවුඩ හුවමාරු කරයි. 

ඒ හා සමාන ව්‍යාජ පණිවුඩ කිහිපයක් ම Hashtag Generation විසින් කරුණු පරීක්ෂා කරන ලදි. 

කැනඩා වීසා ලොතරැයිය සම්බන්ධ වට්ස්ඇප් පණිවුඩ ව්‍යාජයි

මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.

එහෙත් මෙම පණිවුඩයේ එවැනි කිසිදු ආයතනයක්, සමාගමක් හෝ සංවිධානයක් සම්බන්ධයෙන් සඳහහනක් නොමැති බව පැහැදිලිව ම පෙනෙන්ට තිබේ. 

එම නිසා මෙය ව්‍යාජ පණිවුඩයක් යන්න නිගමනය කළ හැකි ය. 

ඊට අමතරව මෙවැනි නොමිලේ ලැප්ටොප් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නම්, එවැන්නක් සංවිධානය කරන ආයතනයක් තිබිය යුතු වේ. එහෙත් මෙම පණිවුඩයේ එවැනි සඳහන් ද නොමැත. 

එම නිසාත් මෙය ව්‍යාජ පණිවුඩයක් යැයි නිගමනය කළ හැකි ය. 

මෙවැනි පණිවුඩයක් ලද පසු එහි සත්‍ය අසත්‍යතාව විමසීම සඳහා අපි එහි ඇති සබැඳියට පිවිසෙන්නෙමු. 

එසේ පිවිසි පසු ඉහත 01 (ස්ක්‍රීන්ෂොටේ) සහ 02 (ස්ක්‍රීන්ෂොටේ) යන ඡායාරූපවල දැක්වෙන පරිදි වෙබ් පිටුවක් විවෘත වේ. 

ඒවායේ ඉහත දැක්වෙන වෙබ් ලිපිනය පෙන්නුම් කෙරේ. 

එම ලිපිනය ලියවිල්ලට (Google Doc/Microsoft Document) , Copy+Paste කළ විට දිස්වන්නේ පහත අයුරිනි. 

එහෙත් නිල වෙබ් ලිපිනයක් දිස්වන්නේ එසේ නොවේ. 

උදාහරණයකට Hashtag Generation වෙබ් අඩවියේ, වෙබ් පිටුවේ ස්ක්‍රීන්ෂොට් පහතින් දක්වා ඇත. 

මෙම කරුණු නිසා මෙම පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් ලෙස තවදුරටත් නිගමනය කළ හැකි ය. 

ඊට අමතරව මෙම පණිවුඩයේ වෙබ් ලිපිනය ව්‍යාජ එකක් බවට හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක් ම තිබේ. 

ව්‍යාජ ලිපිනයක් යැයි සඳහන් කරනවාට වඩා සැක සහිත ලිපිනයක් යැයි සඳහන් කිරීම යෝග්‍ය වේ. 

උදාහරණයක් ලෙස මෙහි ඩොමේන් (domain – dns – domain name system) ව්‍යාජ බව නිරීක්ෂණ කළ හැකි ය. 

ඩොමේන් යන්න වසම් නාමය යනුවෙන් ද හැඳින් වේ. 

මේ සම්බන්ධයෙන් මොසිලා වෙබ් අඩවිය කර ඇති පැහැදිලි කිරීමට මෙතැනින් පිවිසෙන්න. 

වෙබ් ලිපිනයක අංග සම්බන්ධයෙන් IBM සමාගම කර ඇති පැහැදිලි කිරීමට මෙතැනින් පිවිසෙන්න. 

ඩොමේන් (domain – dns – domain name system) යන්න කුමක්දැයි 11 වසර තොරතුරු තාක්ෂණ පෙළපොතේ ද සරල පැහැදිලි කිරීමක් කර තිබේ. 

ඊට මෙතැනින් පිවිසෙන්න. එහි ස්ක්‍රීන්ෂොට් (Screenshot) පහතින් දැක්වේ. 

අපගේ නිගමනය : ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී ඉහත වට්ස්ඇප් (Whatsapp) පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් යැයි නිගමනය කළ හැකි ය. 

මෙලෙස ව්‍යාජ සබැඳි (link) ප්‍රසිද්ධ කිරීමේ සහ හුවමාරු කිරීමේ (share) බොහෝමයක අරමුණ මහජනතාවගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීම සහ මූල්‍ය වංචා සිදු කිරීම ය. 

කූට අරමුණු ඇති පිරිස් මේවා ප්‍රසිද්ධ කරන අතර මහජනතාව නොදැනුවත්ම සිය ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ මේවා හුවමාරු (share) කරගනී. 

මෙමඟින් ඔබගේ හරපත් (Debit Cards) සහ ණයපත්වල (Credit Cards) තොරතුරු පවා සොරකම් කළ හැකි ය. 

මුදල් වංචා සිදු කිරීම මේවා හුවමාරු කිරීමේ තවත් අරමුණ කි. 

මේ ආකාරයේ තානාපති සහ මහ කොමසාරිස් කාර්යාලවල වීසා වැඩසටහන්, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ සැල්, විවිධ ආයතන සහ සමාගම්, වෙළෙඳ භාණ්ඩ, විවිධ වැඩසටහන් හෝ යම් කිසි දෙයකට තොරතුරු විමසන සෑම අවස්ථාවකදීම ඊට අදාළ නිල ආයතනයේ නිල වෙබ් අඩවිය, ෆේස්බුක් හෝ නිල (verified) සමාජ මාධ්‍ය ජාල හා ඒවායේ පිටු (pages) යනාදිය පරීක්ෂා කර අදාළ තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් ය. එමෙන්ම ඒවායේ නිල දුරකතන අංක සහ සම්බන්ධ වීමෙන් තොරතුරු ලබාගත හැකි ය. 

ඒවායේ වෙබ් අඩවි (Websites) , සමාජ මාධ්‍ය ජාල ගිණුම් සහ පිටු (Facebook Accounts or Pages) පහසුවෙන් හඳුනාගත හැකි ය. 

ඒ නිසා මේ ආකාරයේ යම් පණිවුඩයක් දුටු විගස ඒවායේ සබැඳිවලට (link) පිවිසීමට පෙර ඒවායේ නිරවද්‍යතාව පරීක්ෂා කර බැලීමටත්, ඒවා සමඟ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගැනීමටත් පරෙස්සම් විය යුතු ය. 

‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මූල්‍ය සේවා, බිල්පත් ගෙවීම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම යනාදි සියල්ල සිදුවන්නේ අන්තර්ජාලය ඔස්සේ ය. මේ සියල්ල සඳහා අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණයක් තිබේ. එම තොරතුරු ප්‍රමාණය ඉක්මවා යන්නේ නම් ද ඔබ ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු ය. 

එමෙන්ම තමන් තොරතුරු ලබාදෙන්නේ කාට ද ? ලබාදෙන තොරතුරු මොනවාද ? තොරතුරු ලබාගන්නා පාර්ශවය ලියාපදිංචි හෝ පිළිගත් ආයතනයක් යනාදිය සම්බන්ධයෙන් ද විමසිලිමත් විය යුතු ය. 

මෙවැනි ව්‍යාජ ක්‍රියාකාරකම් සහ තොරතුරු එක්රැස් කිරීම්වලට අදාළ කරුණු පරීක්ෂ කිරීම් (Fact Checks) කිහිපයක් අප විසින් සිදු කරනු ලැබූ අතර ඒවාට පහත සබැඳිවලින් පිවිසිය හැකි ය. 

  1. “ඇමෙරිකානු විවිධත්ව වීසා ලොතරැයිය” සම්බන්ධ පණිවුඩ ව්‍යාජයි
  2.  වට්ස්ඇප් මැසේජ් යැව්වාට “ඩේටා” ලැබෙන්නේ නැහැ.
  3. ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහනට අන්තර්ජාලය තුළින් ලියාපදිංචි විය යුතු ද ? විය හැකි ද ?
  4. ‘කොවිඩ්-19’ වයිරසයට වියට්නාමය ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. / උණු වතුරේ තේ සාදා ලෙමන් යුෂ යොදා පානය කිරීම ‘කොවිඩ්-19’ වයිරසයට ප්‍රතිකාරයක් නොවේ.
  5. සුපිරි වෙළෙඳසැල්වලින් තෑගි, වට්ටම්, වවුචර ලබාදෙන බවට සඳහන් කරමින් හුවවාරු වන පණිවුඩ අසත්‍යයි/ව්‍යාජයි.
  6. මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.
  7. මහජන බැංකුවේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් මුදල් ත්‍යාග පිරිනමන බව පවසමින් හුවමාරු වන පණිවුඩය ව්‍යාජයි.

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Fact Check

FACT CHECK : රුපියල ශක්තිමත් වුණේ උච්චමනෙයි විකුණපු නිසා ද? රනිල් අගමැති වුණු නිසා ද?

ශ්‍රී ලංකා රුපියල 2015 වසරේ සිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති ආකාරය පිළිබදව හෑෂ්ටැග් පරපුර මීට පෙරදී ද කරුණු …

#Generation Explanations

Explanation of Emergency Regulations

Emergency (Miscellaneous Provisions and Powers) Regulations, No. 1 of 2022 were made by President Gotabhaya Rajapaksa and issued under Gazette …

Uncategorized

FACT CHECK : Can there be a salary cut for public servants who participated in the Hartal Campaign?

A message was observed circulating on social media including on Facebook and WhatsApp stating that the salaries for the month …

Fact Check

Fact Check : රාජ්‍ය සේවකයෙක් හර්තාලයට සහයෝගය දැක්වූවොත් මැයි මාසේ වැටුප කපාවිද?

“හර්තාල ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප් කපා හැරේ” යන සිරස්තලය යටතේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ බවට …

Fact Check

FACT CHECK : “රථ වාහන නලා නාද කිරීම” සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා ද ?

රථ වාහන නලා නාද කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ බව …

Fact Check

FACT CHECK : ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද ?

ජනාධිපතිවරයාට ඉල්ලා අස්විය හැකි ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ …