FACT CHECK : වරායෙන් පිට කරන්න හැදූ බහාලුම (කන්ටේනර් පෙට්ටිය) පිළිබඳ වාර්තා මහජනතාව නොමඟ යවයි

සමාජ මාධ්‍යයත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති වාර්තා කර තිබිණි.

විශේෂයෙන්ම එක් විඩියෝ පටයක් මෙලෙස සංසරණය වෙමින් තිබිණි. ඊට අදාළව තවත් විඩියෝ පටයක් ද දක්නට ලැබිණි. 

එම විඩියෝ පටයට,  මෙතැනින්

ඊට අදාළව පළ වී තිබූ තවත් විඩියෝ පටයක්, මෙතැනින් 

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ සටහන් (Posts) කිහිපයක තිර ඡායාරූප (Screenshots) පහතින් දැක්වේ. 

මෙම විඩියෝ පටය සම්බන්ධයෙන් ‘රාජපක්ෂ පවුල’ යන්න භාවිත කරමින් ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා යන අය ඉලක්ක කරගනිමින් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල වී තිබිණි. 

ඇතැම් පාර්ශව මෙතරම් හමුදා ආරක්ෂාවක් ඇයි ද යන්න විමසමින් අදහස් පළ කර තිබිණි. 

ප්‍රවෘත්ති වෙබ් අඩවි ඇතුළු බොහෝ වෙබ් අඩවි, හමුදා ආරක්ෂාව යටතේ රටින් පිට කරන බහාලුම කුමක්දැයි විමසමින් ප්‍රවෘත්ති පළ කර තිබූ අතර ම අදාළ විඩියෝ ද පළ කර තිබිණි. 

මෙම විඩියෝ පටය ප්‍රසිද්ධියට පත්වූයේත් ඒ පිළිබඳ සමාජය තුළ විශේෂ කතාබහක් ඇති වූයේත් අප්‍රේල් 5 වැනිදා ය. 

එදිනම පස්වරුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. 

ෆේස්බුක් (Facebook) ඔස්සේ එය නිකුත් කර තිබිණි

ශ්‍රී ලංකා රේගුව විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මේ වන විට නිකුත් කර තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සහ රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා කළ ප්‍රකාශය පහතින් දැක්වෙයි.

“COBALT 60 TYPE C-188 SOURCES නමින් හැදින්වෙන අතිශය අන්තරායකර විකිරණශීලී ද්‍රව්‍ය අඩංගු බහාලුමක් (කන්ටේනරයක්) ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන ආයතන විසින් නියම කර ඇති සම්මත ක්‍රියා පටිපාටියට අනුව වෛද්‍ය අත්ආවරණ (ජීවානුහරණය කරන ලද/සැත්කම් සඳහා භාවිත කරන (Surgical Gloves)) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සමාගමක් විසින් කැනඩාව වෙත ප්‍රති නැව්ගත කළ බව මෙමඟින් මහජනතාවට දැනුම් දෙයි. ජාත්‍යන්තර පරමාණු බලශක්ති කාර්යාංශය දක්වා ඇති මාර්ගෝපදේශවලට අනුව, මෙම වර්ගයේ ද්‍රව්‍ය අපනයනය කිරීමේ දී ආරක්ෂක හේතු මත සන්නද්ධ හමුදාවක් විසින් පැටවීමේ ස්ථානයේ සිට අපනයනය කරන ස්ථානය දක්වා නැව්ගත කිරීම ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. මෙම අවස්ථාවේදී කර්මාන්තශාලා පරිශ්‍රයේ සිට කොළඹ වරාය දක්වා මෙම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයා ඇත.”

කොළඹ වරායේ ‘හාබර් මාස්ටර්’ කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා සමාජ මාධ්‍යවල පළ ව තිබූ වාර්තා ප්‍රතික්ෂේප කළේ ය. 

විකිරණශීලී ද්‍රව්‍ය හැසිරවීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ හමුදා නිලධාරීන් යෙදවීම සාමාන්‍ය ක්‍රියා පිළිවෙත යැයි ද ඔහු පැවැසීය. 

“මෙම කන්ටේනරයේ අන්තර්ගතය සම්පුර්ණයෙන් ම නිත්‍යනුකූල බවත් සියලු ම ලියකිවිලි ක්‍රියාත්මක බවත් මට සහතික විය හැකිය. මෙම කන්ටේනරයේ අන්තර්ගතය කොබෝල්ට් 60 නම් විකිරනශීලී ද්‍රව්‍ය වන අතර එය රෝහල්වල එක්ස් කිරණ යන්ත්‍ර වැනි වෛද්‍ය උපකරණවල භාවිත කරන ප්‍රබල විකිරනශීලී ද්‍රව්‍යවල අපද්‍රව්‍ය නිෂ්පාදනයකි. ශ්‍රී ලංකාව තුළ මෙම අතුරු නිෂ්පාදනය ආරක්ෂිතව බැහැර කිරීමට නොහැකි බැවින් ආරක්‍ෂිතව බැහැර කිරීම සදහා මෙම නැව්ගත කිරීම කැනඩාව වෙත යොමු කෙරේ. මෙම කන්ටේනරය එවන්නේ ඇන්සල් ලංකා සමගම වන අතර ඒවායේ ලියකිවිලි ද නිෂ්කාශනය (Clear) වී තිබෙනවා.”

කොබෝල්ට් 60 ඉතා විකිරණශීලී ද්‍රව්‍යයක් නොවන නමුත් අන්තරායකර භාණ්ඩ ප්‍රෝටකෝලය අනුගමනය කරමින් ආරක්ෂාව අනිවාර්ය බව ඔහු පැවසීය.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් තවදුරටත් නොසන්සුන්තාවයන් ඇති කිරීම සදහා පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ගතයන් බෙදා ගැනීමට නැඹුරු වන බවත් එය නිවැරදි නොවන බවත් එසේ කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කපිතාන් සිල්වා වැඩිදුරටත් පැවසීය. 

ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ නිවේදනයක් නිකුත් කර තිබිණි. 

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. 

ශ්‍රී ලංකා පොලිසිය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. එම නිවේදනය පහතින් දැක්වේ. 

සියලු කරුණු සොයා බැලීමේදී මෙම බහාලුම පෞද්ගලික සමාගමකට අයත් එකක් බව තහවුරු විය. 

අප මේ සම්බන්ධයේන අදාළ සමාගමේ නිලධාරියකු සම්බන්ධ කරගත් අතර ඔහුගේ නම සහ සමාගමේ නම ප්‍රසිද්ධ නොකරන්නැයි ඉල්ලීමක් කළේ ය. 

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ තවත් තැන් කිහිපයක අදාළ සමාගමේ නම දක්වා තිබිණි. 

වෛද්‍ය කටයුතුවලට යොදාගන්නා, විශේෂයෙන්ම සැත්කම් යනාදිය සඳහා භාවිත කරන අත් ආවරණ නිෂ්පාදනයේදී භාවිත කරන ප්‍රභවයක් මෙලෙස නැවත යැවීමට අදාළ විඩියෝ පටයක් මෙලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇතැයි එම නිලධාරියා අප වෙත පැවැසීය. 

අදාළ ප්‍රභවය ක්ෂය වී ඇති බැවින් එම ප්‍රභවය අදාළ රටට නැවත යැවිය යුතු බව හෙතෙම කීය. 

ජාත්‍යන්තර ප්‍රමිත සහ සම්මතවලට අනුව අදාළ ප්‍රභව ක්ෂය වූ පසුව (භාවිතයෙන් පසු) නැවතත් අදාළ රටට යැවිය යුතු වේ. එපමණක් නොව ඒවා ප්‍රවාහනයේ දී අදාළ ආරක්ෂාව දිය යුතු බව ද හෙතෙම කීය. 

මේ පිළිබඳව සවිස්තර තොරතුරු ජාත්‍යන්තර පරමාණු බලශක්ති කාර්යාංශය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.  

මෙය සමාගම වසර ගණනාවක් මුළුල්ලේ අනුගමනය කරන පිළිවෙතක් බව ද අදාළ නිලධාරියා කීය. 

ආරක්ෂාව යටතේ මෙලෙස ප්‍රවාහනය කෙරෙන්නේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති කාර්යාංශයේ විකිරණ ප්‍රභවල ආරක්ෂිත ප්‍රවාහනය අංක 9, සම්මත හා උපදෙස් අනුව ය. (IAEA Nuclear Security Series No. 9 on transport security of radiological sources). 

විකිරණශිලි ද්‍රව්‍ය ආරක්ෂිත ප්‍රවාහනය කිරීමට අදාළ ව ජාත්‍යන්තර පරමාණු බලශක්ති කාර්යාංශය (IEAE) තවදුරටත් නිකුත් කර ඇති රෙගුලාසි. 

2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත. මෙම පනතේ ස්ථාන කිහිපයක විකිරණශීලී ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත. 

පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පනතක් ද තිබේ. එය 1956 අංක 21 පුපුරණ ද්‍රව්‍ය පනත යනුවෙන් හැඳින්වේ. පසුකාලීනව ඊට සංශෝධන ද එකතු වී තිබේ.   

නිගමනය : “හමුදා ආරක්ෂාව මධ්‍යයේ වරායෙන් පිටකරන්න හදන සැකකටයුතු කන්ටේනර් පෙට්ටියක්” යන්න මහජනතාව නොමඟ යවන පණිවුඩයක් බව තහවුරු කළ හැකි ය. අදාළ බහාලුම පෞද්ගලික සමාගමකට අයත් එකකි. 

ශ්‍රී ලංකාව මේ වනවිට අර්බුදකාරී සමයක සිටින අතර එවැනි අර්බුදකාරී කාලවලදී ඇතැම් සාමාන්‍ය කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගේ තිබෙන අනවබෝධය නිසා ගැටලුකාරී තත්ත්ව ඇති විය හැකි ය. එම නොදැනුවත්භාවය ඇතැම් පාර්ශව ඔවුන්ගේ වාසියට භාවිත කළ හැකි අතරම මහජනතාව නොමැඟ යැවීමටත් ඔවුන් අතර සැකයක් නිර්මාණය කිරීමටත් හැකි ය. 

එම නිසා මෙවැනි දෑ දුටු විගස අදාළ ආයතනවලින් පරීක්ෂා කිරීම ඉතාම වැදගත් වේ. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න. 

Share this post

Share on facebook
Share on twitter
Share on linkedin

Related Projects

Fact Check

FACT CHECK : 2022 ஆம் ஆண்டு இலங்கை வாழ் முஸ்லிம்களுக்கு ஹஜ் கடமையினை நிறைவேற்றுவதற்காக சவூதி அரேபியா செல்ல முடியுமா? முடியாதா?

உலகம் பூராகவும் வாழ்கின்ற முஸ்லிம்கள் ஆண்டுதோறும் சவுதி அரேபியா நாட்டில் உள்ள மக்கா நகருக்கு மேற்கொள்ளும் புனித பயணமே “ஹஜ்” ஆகும்.  அதற்கு அமைய வருடம் தோறும் …

Fact Check

FACT CHECK : Will Sri Lankan Muslims be able to go to Saudi Arabia in 2022 to perform Hajj?

Hajj is the annual pilgrimage to Mecca in Saudi Arabia by Muslims from all over the world. During the month …

Fact Check

FACT CHECK : ඉන්ධන බවුසරයෙන් තෙල් ගත්තේ කවුද?

රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මාස ගණනාවක සිට ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබේ. එම තත්ත්වය මධ්‍යයේ මෝටර් රථයකින් …

Fact Check

FACT CHECK : අයර්ලන්තේ අයිති ලංකාවට ද ?

ශ්‍රී ලංකාවට පැමිණි එරෝෆ්ලොට් (Aeroflot) ගුවන් සමාගමට අයත් ගුවන් යානය සම්බන්ධයෙන් අපි මීට පෙර සවිස්තර කරුණු පැහැදිලි කිරීමක් කරන ලදි.  …

Fact Check

FACT CHECK : Has the Russian Aeroflot plane caused a diplomatic crisis?

The suspension of flight SU289 to Moscow resulted in public interest during the first week of June. The flight was …

Fact Check

FACT CHECK : ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙනව ද ?

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක පමණක් මුදලක් ලබාදෙන බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් …