“ලොව දුර්වලතම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්වෙයි” යනුවෙන් පුවතක් මේ දිනවල ෆේස්බුක් (Facebook) වැනි සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරය දක්නට ලැබුණි. එලෙස සංසරණය වූ සටහන්(Post) කිහිපයක තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.





මෙම පුවත සම්බන්ධයෙන් අප වැඩිදුර සොයා බැලීමක් සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) සඟරාව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් දිනෙන් දින රුපියලේ අගය ඉතිහාසගත ලෙස අවප්‍රමාණය වීම ශ්‍රී ලංකා රුපියල ලෝකයේ දුර්වලතම මුදල් ඒකකය වීමට හේතු වී ඇති බවත් රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ රුසියානු රූබල් මුදල් ඒකකය අවප්‍රමාණය වී තිබෙනවාට වඩා ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇතැයි එම පුවත්පත පෙන්වා දී ඇත.
ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) සඟරාව විසින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් දක්වා ඇති වාර්තාවට, මෙතැනින්.
ඇත්තට ම රුපියලට මොකද වුණේ?
“ලොව දුර්වලතම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල වෙලා” ,”රුපියල අවප්‍රමාණය වෙලා” ආදී වශයෙන් මේ දිනවල හැමෝම කතා බහ කරන අවප්‍රමාණය වීම කියන්නේ ඇත්තටම මොකක්ද?
කිසියම් රටක ව්‍යවහාරික මුදල් ඒකකයක් ( ශ්‍රී ලංකා රුපියල) විදේශ රටක ව්‍යවහරික මුදල් ඒකකයක් සමඟ (උදාහරණයක් ලෙස ඇමරිකානු ඩොලර්) හුවමාරු වන අනුපාතය එරට විදේශ විනිමය අනුපාතය වන අතර විදේශීය මුදල් ඒකකයකට ගෙවිය යුතු දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යාමක් මුදල් අවප්‍රමාණයක් ලෙස සරලව හැදින්විය හැකිය. (උදාහරණයක් ලෙස ඇමරිකානු ඩොලරයකට ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ඉහළ යාම)
ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2015 සිට මේ දක්වා අවප්‍රමාණය වුණු ආකාරය පහත දැක්වෙන වගුව මඟින් අවබෝධ කර ගත හැකිය.
දිනය | ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය | ගැනුම් අනුපාතය (රුපියල්වලින්) | විකුණුම් අනුපාතය (රුපියල්වලින්) |
2015-01-01 | 131.09 | 130.56 | 133.37 |
2016-01-01 | 144.07 | 141.97 | 146.19 |
2017-01-02 | 149.97 | 147.93 | 151.67 |
2018-01-02 | 153.46 | 151.42 | 155.23 |
2019-01-01 | 182.91 | 180.66 | 184.63 |
2020-01-01 | 181.50 | 179.48 | 183.15 |
2021-01-01 | 189.80 | 184.98 | 189.80 |
2022-01-03 | 200.43 | 224.88 | 233.72 |
2022-04-08 | 310.88 | 310.88 | 321.49 |
2022-04-22 | 334.80 | 327.50 | 339.99 |
(ශ්‍රී ලංකා මහ බැංකුව)
ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවලට අනුව, ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 22 වැනිදා දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 40.1කින් අවප්‍රමාණය වී ඇත.
වසර 2019 ජූනි මාසයේ සිට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය අඛණ්ඩව අඩු වෙමින් තිබේ.
2021 අවසන් වනවිට එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,579ක් දක්වා අඩු වී ඇත (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.579). වෙරීටේ රිසර්ච් (Verité Research) ඇසුරිනි.
මාර්තු මස 31 වැනිදා වන විට විදෙස් සංචිත තත්ත්වය – ශ්‍රී ලංකා මහ බැංකුව
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාව සතුව ඇති නිල සංචිත වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1938.7 (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.93) කි. එයින් විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,723.6 (ඇමෙරිකානු ඩොලර් බිලියන 1.72).
ශ්‍රී ලංකා මහ බැංකුව අප්‍රේල් 8 වැනිදා නිකුත් කරන ලද සතිපතා දර්ශක ඇසුරිනි.
නිගමනය : ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය යි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 8 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියල සියයට 40.1 කින් අවප්‍රමාණය වී ඇත.
මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකා රුපියල වාර්තාගත ලෙස අයුරින් අවප්‍රමාණය වී ඇතැයි ප්‍රකාශ කළ හැක.
හෑෂ්ටැග් පරපුර මීට පෙර කළ කරුණු පරීක්ෂා කිරීම්වලට මෙතැනින් පිවිසෙන්න. fact check.