FACT CHECK : රූපවාහිනියේ ලාංඡනයෙන් ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ඉවත් කළා ද?

මෙරට රාජ්‍ය රූපවාහිනි නාලිකාව වන රූපවාහිනියේ නිල ලාංඡනයෙන් දෙමළ භාෂාව ඉවත් කර ඇතැයි ප්‍රකාශයක් ට්විටර් (Twitter) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 

පෙබරවාරි මස (24) වැනිදා නිකුත් කෙරුණු ට්විටර් පණිවුඩයක් මෙම සංවාදයට මූලික වී තිබිණි. 

එම ට්විටර් පණිවුඩයේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ. එම ට්විටර් පණිවුඩයට මෙතැනින්

ට්විටර් මෙන්ම ෆේස්බුක් සමාජ ජාලය තුළ මේ සම්බන්ධයෙන් කතා බහ ඇති වී තිබිණි. 

මේ සම්බන්ධයෙන් පළ වූ තවත් ට්විටර් (Twitter) පණිවුඩ කිහිපයක්. 

ෆේස්බුක් ඔස්සේ ද මේ සමබ්න්ධයෙන් කතාබහක් ඇති වී අයුරු නිරීක්ෂණ විය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) වෙබ් අඩවිය පළ කර තිබූ පුවත් වාර්තාවක්. මෙතැනින් 

ඒ සම්බන්ධයෙන් ම නිව්ස්19 වෙබ් අඩවිය පළ කළ ප්‍රවෘත්තිය ක්. මෙතැනින් 

අප මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතාගේ විමසීමක් කළ අතර නිල ලාංඡනයෙන් එලෙස දෙමළ භාෂාව ඉවත් කර ඇති බව හෙතෙම තහවුරු කළේ ය.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිංහල මාධ්‍ය නාලිකාව රූපවාහිනිය බවත් නේත්‍රා නාලිකාව දෙමළ මාධ්‍ය නාලිකාව බවත් චැනල් අයි නාලිකාව ඉංග්‍රීසි මාධ්‍යමාධ්‍ය නාලිකාව බවත් ඔහු සඳහන් කළේ ය. 

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති සොනාල ගුණවර්ධන මහතාගේ විමසීමක් කරන ලදි. 

“අපි දෙමළ භාෂාව පමණක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවත් ඉවත් කර තිබෙනවා. 

මේක භාෂාවට අදාළ කාරණයක් නෙමෙයි. අපි ජාතික රූපවාහිනිය ඩිජිටල්කරණයට ලක් කරමින් ඉන්නවා. ඩිජිටල් මාධ්‍යයෙන් මේ ලාංඡනය දිහා බැලුවාම මේ කිසිම භාෂාවක් පේන්නේ නැහැ. 

මේ නිසා අපි මේ ක්‍රියාමාර්ගය ගත්තා. අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියත් ඊට ලැබුණා. අපි මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාත් අමාත්‍යාංශයත් දැනුවත් කර තිබෙනවා. 

අපි භාෂා ත්‍රිත්වයෙන් නාලිකා ත්‍රිත්වයක් තිබෙනවා. ඒ නිසා සිංහල මාධ්‍යයෙන්  රූපවාහිනියත්, දෙමළ මාධ්‍යයෙන් නේත්‍රා නාලිකාවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් චැනල් අයි නාලිකාවත් ක්‍රියාත්මක වෙනවා”. 

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන සෙනෙවිරත්න මහතාගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලදි.  

ඔහු ලබාදුන් පිළිතුර පහතින් දැක්වේ.

“දෙමළ භාෂාව පමණක් නෙවෙයි ඉංග්‍රීසි භාෂාවත් ඉවත් කරලා තියෙන්නේ. පෙබරවාරි 22 වැනිදා සිට තමයි මෙය ක්‍රියාත්මක වෙන්නේ. 

අපි වෙනස්කම් කරමින් ඉන්නවා. අපිට භාෂා ත්‍රිත්වයට නාලිකා තුනක් තිබෙනවා. රූපවාහිනිය සිංහල මාධ්‍යයෙන් ද,  නේත්‍රා නාලිකාව දෙමළ මාධ්‍යයෙන් ද චැනල් අයි නාලිකාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. 

ඒ අනුව ලබන අප්‍රේල් මාසයේ සිට මේ සෑම නාලිකාවක්ම සම්පූර්ණයෙන් ම අදාළ මාධ්‍යයෙන් පමණක් ක්‍රියාත්මක කිරීමට අපි සැලසුම් කර තිබෙනවා.

සංඛ්‍යාත ආවරණය නොමැති නිසා චැනල් අයි සහ නේත්‍රා යන නාලිකා දෙක දැනට එකට ක්‍රියාත්මක වෙනවා.”

රූපවාහිනියේ 2022 පෙබරවාරි 21 රාත්‍රී 8  ප්‍රවෘත්ති විකාශය

රූපවාහිනියේ 2022 පෙබරවාරි 22 දහවල් 12.30 ප්‍රවෘත්ති විකාශය

රූපවාහිනියේ 2022 පෙබරවාරි 22 රාත්‍රී 6.50 ප්‍රවෘත්ති විකාශය 

රූපවාහිනියේ වෙබ් අඩවිය 

Channel Eye – චැනල් අයි නාලිකාවේ වෙබ් අඩවිය 

நேத்ரா அலைவரிசை – நேத்ரா tv – නේනේත්‍රා ටී.වී. නාලිකාවේ වෙබ් අඩවිය 

 නිගමනය : රූපවාහිනිය සිය නිල ලාංඡනයේ ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ඉවත් කර ඇති බවට වන ප්‍රකාශ සත්‍ය යි. 

අප,හෑෂ්ටැග් පරපුර විසින් මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද අනාවරණ ලිපි සදහා මෙතැනින් පිව්සෙන්න.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …