ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ (Sri Lankan Airlines) 25 වන සංවත්සරය වෙනුවෙන් රුපියල් 30,000ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට හැකි බව සඳහන් කරන ලද පණිවුඩයක් ඉකුත් දින කිහිපයේදීකිහිපයේදී වට්ස්ඇප් (Whatsapp) පණිවුඩ ජාලය තුළ සංසරණය විය.
එලෙස හුවමාරු වූවූ වට්ස්ඇප් (Whatsapp) පණිවුඩයේ තිර ඡායාරූප (Screenshot) කිහිපයක් පහතින් දක්වා ඇත.

එහි ඇති සැබැදිය(link) මත ක්ලික් කිරීමෙන් අනතුරුව පහත දක්වා ඇති වෙබ් පිටුව විවෘත වේ.

ඉන් අනතුරුව ඉහත තිර ඡායාරූපයයේ(Screenshot) දැක්වෙන ආකාරයට තමන්ගේ වයස, ස්ත්‍රී/පුරුෂ භාවය වැනි පෞද්ගලික තොරතුරු විමසීමක් සිදු කරයි.
එම ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් අනතුරුව, ඔබ රුපියල් 30,000ක් දිනා ඇති බවට වෙබ් පිටුවක් විවෘත වේ.
එම වෙබ් පිටුවේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත.

ඔබ ජයග්‍රහණය කළ මුදල ලබා ගැනීමට නම් මෙම පණිවුඩය, වට්ස්ඇප් (Whatsapp) ඔස්සේ ඔබගේ තවත් යහළුවන් වෙත යවන්නැයි ද එහි දැක්වේ.
මෙම ක්‍රියාවලිය විශ්වාසදායී බව පරිශීලකයන්ට ඒත්තු ගැන්වෙන ආකාරයේ කමෙන්ට්ස් (Comments) ද එමඟින් පිවිසෙන වෙබ් අඩවියේ දක්වා ඇත.
එහි තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.
“මෙය සම්පූර්ණ අසත්‍යක්” බව අප මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ (Sri Lankan Airlines) මාධ්‍ය සම්බන්ධතා කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ෆේස්බුක් පිටුව හරහා ද (Sri Lankan Airlines – Facebook Page) හරහා ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කරන ලදි.
එවැනි වට්ටම් දීමක්/දීමනා ලබාදීමක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මේ වනවිට සිදු නොකරන එම විමසීමේ දී අප වෙත දැනුම් දෙන ලදි.
නිගමනය ; ශ්‍රී ලන්කන් ගුවන් සේවාව රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් දෙන බවට සඳහන් කරමින් කරමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ හුවමාරු වන පණිවුඩය ව්‍යාජ යි.
සුපිරි වෙළෙඳසැල්, බැංකු, මූල්‍ය ආයතන, අන්තර්ජාල වෙළෙඳාම් කරන ආයතන, භාණ්ඩ සහ සේවා සපයන ආයතන යනාදිය සම්බන්ධ කරගනිමින් මේ ආකාරයේ පණිවුඩ රැසක් අපට විවිධ අවස්ථාවල දී ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාලවත් වට්ස්ඇප් (WhatsApp) යනාදී පණිවුඩ ජාලවලත් හුවමාරු වන අයුරු දක්නට ලැබිණි.
මීට පෙර ද එලෙස හුවමාරු වූ පණිවුඩ සම්බන්ධයෙන් සවිස්තර කරුණු පරීක්ෂා කිරීමේ ලිපි අප විසින් පළ කරන ලදි. එවැනි එක් සවිස්තර ලිපියකට මෙතැනින් පිවිසෙන්න.
අප,හෑෂ්ටැග් පරපුර විසින් මේ ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් මීට පෙර කරන ලද අනාවරණ ලිපි සදහා මෙතැනින් පිව්සෙන්න.