FACT CHECK : “සියලු දෙනා ම කියවිය යුතු පොලිස් පණිවුඩයක්” යන  වට්ස්ඇප් (Whatsapp) පණිවුඩය ව්‍යාජයි.

“සියලු දෙනා ම කියවිය යුතු පොලිස් පණිවුඩයක්” යනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බව කියන කරුණු 22ක් ඇතුළත් පණිවුඩයක් මේ දිනවල වට්ස්ඇප් (Whatsapp) පණිවුඩ ජාලය තුළ සංසරණය/හුවමාරු වන අයුරු නිරීක්ෂණය විය. 

එලෙස හුවමාරු වූ වට්ස්ඇප්(Whatsapp) පණිවුඩයේ තිර ඡායාරූප(Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

මෙවැනි කිසිදු පණිවුඩයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර නොමැති බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය මාර්තු 12 වැනිදා පස්වරුවේ මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි. 

මෙම ව්‍ය‍‍‍ාජ පණිවුඩය සම්බන්ධ‍යෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනය පහතින් දක්වා ඇත.

ඉහතින් දක්වා ඇති වට්ස්ඇප් පණිවුඩය හෝ එහි ඇතුළත් කරුණු හෝ සඳහන් කරමින් ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය වෙත හෝ කිසිදු පණිවුඩයක් නිකුත් කර ඇතැයි අදාළ නිවේදනයේ දැක්විණි.

ශ්‍රී ලංකා පොලිසිය මේ නිවේදනය නිකුත් කර තිබියදී ද වුව ද ඉහතින් දැක් වූ වට්ස්ඇප් (WhatsApp) පණිවුඩය සංසරණය/හුවමාරු වන අයුරු දක්නට ලැබිණි. 

නිව්ස්වයර් (Newswire) පුවත් සේවය ද මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. “Be Careful, Economic Crisis” Police says fake message circulating linking Police

ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාව දැනුවත් කළ යුතු කරුණු තිබේ නම් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් මාධ්‍ය නිවේදන ලෙස ඒවා නිකුත් කරන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.


නිගමනය : “සියලු දෙනා ම කියවිය යුතු පොලිස් පණිවුඩයක්” යනුවෙන් පොලිසිය සම්බන්ධ කරගනිමින් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩජාලය තුළ හුවමාරු වන පණිවුඩය ව්‍යාජ යි.

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …