මේ වනවිට රට පුරා දෛනික සහ අඛණ්ඩ විදුලි කප්පාදුවක් සිදුවෙමින් පවතී.
මේ හේතුවෙන් විවිධ බලශක්ති ප්‍රභව සහ විකල්ප සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබෙන අතර පසුගිය දිනවලදී සූර්ය බලයෙන් ක්‍රියා කරන උපකරණ සම්බන්ධයෙන් ද සමාජය තුළත් සමාජ මාධ්‍ය තුළත් කතාබහක් ඇති වී තිබිණි.
සූර්ය බලයෙන් ක්‍රියා කරන දේශීය මෙන්ම විදේශීය උපකරණඋපකරණ/යන්ත්‍ර බොහෝමයක් මේ වන විට වෙළඳපොළෙන්ළෙන් සහ අන්තර්ජාලය හරහා ඕනෑම අයකුට මිලදී ගැනීමට ද අවස්ථාව තිබේ.
මේ අතර වාරයේදී සූර්ය බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් (Facebook Post) මාර්තු මස 03 වැනිදා ෆේස්බුක් ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි.
එහි තිර ජායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

ඩී දුල් නමින් තිබෙන ෆේස්බුක් ගිණුමකින් (Facebook Account) ඉහත දැක්වූ සටහන (Facebook Post) ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
එම සටහනේ දුරකතන අංකයක් සඳහන් කර තිබූ අතර අප දුරකතන අංකයට ඇමතුමක් ගත්තෙමු.
එම දුරකතන අංකය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා ට අයත් බව අපට එහි දි තහවුරු විය.
මෑත කාලයේ දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ පෞද්ගලික දුරකතන අංක, පෞද්ගලික ලිපින භාවිත කරමින් මෙවැනිම ව්‍යාජ සටහන් (Fake Posts) නිර්මාණය වීමේ වර්ධනයක්(ප්‍රවණතාවයක්) දක්නට ලැබුණි.
ඉහත ෆේස්බුක් සටහන සම්බන්ධයෙන් අප විජිත හේරත් මහතාගෙන් විමසීමක් කළේ ය.
තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් ඊට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සඳහන් කළ විජිත් හේරත් මහතා එය වැරැදි/ව්‍යාජ දැන්වීමක් බවත් ප්‍රකාශ කළේ ය.
මීට පෙර ද ඇතැම් අවස්ථා කිහිපයකදීම මේ හා සමාන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැන්වීම් ෆේස්බුක් සටහන් ප්‍රසිද්ධියට පත්ව තිබූ ආකාරය දක්නට ලැබිණි.
අප මෑතකදී මේ හා සමානම කරුණු පරීක්ෂා කිරීමක් කරන ලදි. ඊට මෙතැනින් පිවිසෙන්න.
නිගමනය: සූර්ය බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක් යනුවෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ඉහත සදහන් පෝස්ටුව ව්‍යාජයි.
හෑෂ්ටැග් පරපුර මීට පෙර කළ කරුණු පරීක්ෂා කිරීම්වලට මෙතැනින් පිවිසෙන්න. fact check.