FACT CHECK : “Team Born බෝර්න් අගේන්” යන කැප්ෂනය සහිතව සංසරණය වන ඡායාරූපය මහජනතාව නොමඟ යවයි.

“Team Born බෝර්න් අගේන්” යන කැප්ෂනය සහිතව ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරයක් අපට නිරීක්ෂණ විය.

මෙය පැරැණි ඡායාරූපයක් වන අතර මහජනතාව නොමඟ යවන ආකාරයේ කැප්ෂනයක් සහිතව එය සමාජ මාධ්‍ය තුළට මුදා හැර ඇති බව අපට නිගමනය කළ හැකි විය. 

මෙම ඡායාරූපය ඊයේ (7) ඉරිදා දිනය තුළ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ද නිරීක්ෂණය කළ හැකි විය. 

මෙම ඡායාරූපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ යන මහත්වරුන් සිටින බව හඳුනාගත හැකි විය. 

අයිසන්හවර් ශිෂ්‍යත්වලාභී ආදී විද්‍යාර්ථීන්ගේ හමුවකදී මෙම ඡායාරූපය ගෙන තිබේ. මෙම ඡායාරූපය 2019 අගෝස්තු මස 8 වැනිදා කොළඹ 7, ස්ථානයකදී ලබාගත් ඡායාරූපයකි.

මෙම ඡායාරූපයට වැරදි අර්ථකථන ලබා දී තිබෙන අයුරුත්, මහජනතාව නොමඟ යවන ආකාරයේ කැප්ෂන භාවිත කර තිබෙන අයුරුත් අපට නිරීක්ෂණය කළ හැකි විය. 

ඊට අමතරව කොළඹ ගාලු මුවදොර කේන්ද්‍රීයව පැවැති විරෝධතා, සහ තනි තනි පුද්ගලයන් ද මෙමඟින් ඉලක්ක කරගෙන තිබෙන අයුරුත් අපට නිරීක්ෂණය කළ හැකි විය. 

මෙම ඡායාරූපයේ දින වකවානු, ස්ථාන, සිදුවීම යනාදිය තහවුරු කරගැනීම සඳහා අප අයිසන්හවර් ශිෂ්‍යත්වලාභී ආදී විද්‍යාර්ථීන් කිහිපදෙනකුගෙන්ම විමසීම් කරන ලදි. 

අයිසන්හවර් ශිෂ්‍යත්ව (Eisenhower Fellowships Sri Lanka), ශ්‍රී ලංකාව අදාළව මෙම වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගත හැකි යි. 

අයිසන්හවර් ශිෂ්‍යත්වලාභී ආදී විද්‍යාර්ථීන්, මෙතැනින්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය පාක්‍යසෝති සර්වනමුත්තු යන මහත්වරු ද අයිසන්හවර් ශිෂ්‍යත්වලාභී ආදී විද්‍යාර්ථීයෝ වෙති. 

ඔවුන්ගේ ෆේස්බුක් පිටුවට මෙතැනින්, (Facebook Page).

Share this post

Related Projects

Fact Check

ආදායම් බදු ගෙවිය යුත්තේ කොහොම ද?

ආදායම් බදු අය කිරීම් සම්බන්ධයෙන් තවමත් රට තුළ විශාල කතාබහක් ඇති වී තිබෙන අතර රට පුරා විවිධ පාර්ශව විරෝධතා ද පවත්වමින් …

Fact Check

අදින් පසුව රටේ උද්‌ඝෝෂණ පැවැත්වීම තහනම් ද ?

‘අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම්, ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි’ යන සිරස්තලය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති සංසරණය වන අයුරු ඉකුත් දින …

Fact Check

A tsunami threat to Sri Lanka?

A message issued under the heading “Be aware of tsunami threat” was observed circulating on WhatsApp during the past couple …

Fact Check

இலங்கைக்கு சுனாமி அச்சுறுத்தலா ?

கடந்த சில மணி நேரங்களுக்கு முன்பு வாட்ஸ்அப்பில் சுனாமி அபாயம் குறித்து எச்சரிக்கையாக இருங்கள் என்ற தலைப்பில் ஒரு கடிதம் வலம் வருவதைக் காண முடிந்தது. 2023 …

Fact Check

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය …

Fact Check

රට යද්දිත් බදු ගෙවන්න ඕනේ ද ?

“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි …