False
වට්ස්ඇප් සමූහ (Whatsapp Group) තුනකට යැවීමෙන් කාලසීමාවකින් තොරව ඕනෑ තරම් ඩේටා (data) ලබාගත හැකි බව සඳහන් කරමින් පසුගිය දිනවල වට්ස්ඇප් පණිවුඩ හුවමාරු ජාලය ඔස්සේ පණිවුඩයක් හුවමාරු විය.
වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූ පණිවුඩය
මෙහි සත්‍යතාව විමසීම සඳහා අපි දුරකතන ජාල සේවා සපයන සමාගම්වලින් විමසීමක් කළෙමු.
ඒ අනුව ඩයලොග්, මොබිටෙල්, එයාර්ටෙල් සහ හච් යන මෙරට දුරකතන සේවා සපයන සමාගම්වලින් විමසීමක් කරන ලදි.
ඒ අනුව ඩයලොග්, එයාර්ටෙල් යන සමාගම් අපගේ විමසීමට ප්‍රතිචාර දක්වමින් මීට සිය සමාගම්වල කිසිදු සම්බන්ධයක් නොමැති බව සඳහන් කළේය.
මේ ඩයලොග් ආයතනය විද්‍යුත් තැපෑල් (ඊමේල්) ඔස්සේ අපට දැක්වූ ප්‍රතිචාරය යි.
“හිතවත් පාරිභෝගිකයිනි,
Group 3 කට share කළහොත් GB 43.67 ක Anytime Data ලබාදෙන බව පවසමින් WhatsApp ඔස්සේ සංසරණය වන පණිවිඩය අසත්‍ය ප්‍රචාරයක් වන අතර, එය Dialog ආයතනයෙන් නිකුත් කළ එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. කරුණාකර එවැනි පණිවිඩ share කිරීමෙන් වළකින්න.”
මෙය සිය සමාගම මඟින් නිකුත් කළ පණිවුඩයක් නොවන බවත් මෙය යම් අයකුගේ වංචාකාරී ක්‍රියාවක් බවත් මෙය එකිනෙකා හා බෙදාගැනීමෙන්/හුවමාරු (share) කිරීමෙන් වළකින ලෙසත් එයාර්ටෙල් සමාගම අප කළ විමසීමේදී දැනුම් දුන්නේ ය.
මෙම වට්ස්ඇප් පණිවුඩයේ සඳහන් දුරකතන අංකය සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළ අතර එය වැරැදි අංකයක් යන හඬ පටය එහිදි වාදනය විය.
මොබිටෙල් සහ හච් යන දුරකතන සේවා සමාගම්වලින් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් ලබාගැනීමට කිහිපවරකදීම උත්සාහ කළ නමුදු එය සාර්ථක නොවීය.
මොබිටෙල් දුරකතන සේවා සමාගමේ පාරිභෝගික අංශයෙන් විමසීමක් කරන ලදි.
ඒ අනුව මොබිටෙල් දුරකතන සේවා සමාගම මෙලෙස ඩේටා ලබා නොදෙන බවත් සියලු සේවා අදාළ මුදල් ගෙවා ලබාගත යුතු බවත් සඳහන් කරන ලදි. ඒ සියල්ලම නිල වෙබ් අඩවියේ සඳහන් බවත් ඊට අදාළ වෙනත් සේවා පාරිභෝගික සේවා විමසීම්වලින් ලබාගත හැකි බවත් පාරිභෝගික සේවා නිලධාරිනිය සඳහන් කරන ලදි.
හච් දුරකතන සේවා සමාගමේ පාරිභෝගික සේවා අංශයෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔවුන් ද මෙවැනි පණිවුඩයක් යොමු කර නැති බව තහවුරු කළේය.
හච් සමාගමේ පාරිභෝගික අංශයේ විද්‍යුත් තැපෑලට ද මේ සම්බන්ධයෙන් විමසීමක් කරමින් විද්‍යුත් තැපැල් පණිවුඩයක් (ඊ-මේල්) යොමු කරන ලදි.
ඊට ප්‍රතිචාර දක්වමින් මේවා නන්නාඳුනන පුද්ගලයන් විසින් කරන ව්‍යාජ පණිවුඩ බවත් මේවාට ප්‍රතිචාර නොදක්වන ලෙසත් පිළිතුරු ඊමේල් පණිවුඩයේ සඳහන්ව ඇත. ඇතැම් විට මෙවැනි පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමට සිය ජංගම දුරකතනවලට විවිධ පාර්ශව අනවසරයෙන් පිවිසිය (හැක් කිරීමට) හැකි බව ද එහි දැක්වේ.
‘ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.කේ. මහින්ද සමරවික්‍රම’ යන පුද්ගලයකු රුහුණ විශ්වවිද්‍යාලයේ සේවය කරන්නේදැයි එම විශ්වවිද්‍යාලයට දුරකතන ඇමතුමක් ලබා දී අපි විමසීමක් කළ අතර ‘ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්.කේ. මහින්ද සමරවික්‍රම’ යන නමින් කිසිවකුත් විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ සේවය නොකරන බව එම විශ්වවිද්‍යාලය තහවුරු කළේය.
අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිල්ලක් ද කරන ලදි.