2024 වර්ෂය මුළු ලොවටම වැදගත් වන මැතිවරණ වසරක් බවට කෙනෙකුට තර්ක කළ හැකිය. ‘ටයිම්ස්’ සඟරාව පසුගිය දෙසැම්බර් මස වාර්තා කළේ, ගෝලීය වශයෙන් ගත් කළ, ඉතිහාසයේ කවදාටත් වඩා වැඩි ඡුන්දදායකයින් ප‍්‍රමාණයක් 2024 දී ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රියාවලියට සහභාගී වන බවත්, අවම වශයෙන් රටවල් 64 ක (යුරෝපීය සංගමයද ඇතුලූව) ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත බවත්ය. මේ වසරේ ජාතික මැතිවරණවලදී 49% ක පමණ ගෝලීය ජනගහනයක් ඡුන්දය දීමට නියමිතය.
2024 වසරේ මුල් මාස හය ගත් කළ, බංගලාදේශය, පකිස්ථානය සහ ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපයේ රටවල් කිහිපයක් දැනටමත් ඔවුන්ගේ ජාතික මැතිවරණ පවත්වා ඇත. ශ‍්‍රී ලංකාව ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර ඉන් පසුව මහ මැතිවරණයක්ද පැවැත්වීමට නියමිතය.
තාක්ෂණය වේගයෙන් සංවර්ධනය වන කාල වකවානුවක, විශේෂයෙන් කෘත‍්‍රිම බුද්ධියට අදාළ තාක්ෂණය විස්මිත ලෙස සංවර්ධන වන අවධියක ගෝලීය මැතිවරණ පැවැත්වීමට නියමිත මෙම වසර සියල්ලටම දැඩි උද්යෝගයක් ඇති කරයි. මහජන මතය පාලනය කිරීමට හෝ බලපෑම් කිරීමට සහ වැරදි තොරතුරු පතුරුවා හැරීමට කෘත‍්‍රිම බුද්ධිය භාවිතා කරනු ඇතැයි යන්න දැනටමත් සැලකිල්ලට භාජනය වී ඇති කරුණක් බවට ඔප්පු වී ඇත,(https://reutersinstitute.politics.ox.ac.uk/news/ai-deepfakes-bad-laws-and-big-fat-indian-election) කෘත‍්‍රිම බුද්ධිය ආශ‍්‍රයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද මිනිස් රූප සහිත වීඩියෝ පට සහ ඩිජිටල් අන්තර්ගතය, මෑතකදී අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයේදී භාවිත කර ඇති බවට තහවුරු වී ඇත.
කලාපයේ බොහෝ රටවල් දැනටමත් මාර්ගගතව ලැබෙන නොමඟ යැවීමට හෝ හිතාමතාම රැවටීමට අදහස් කරන අසත්‍ය තොරතුරු වල විනාශකාරී බලපෑම අත්විඳ ඇත. ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වන වෛරී ප‍්‍රකාශ, වාර්ගික කෝලාහල, සුළු ජාතීන් ඉලක්ක කර ගැනීම සහ පුද්ගලයින් විශේෂිතව හදුනාගෙන හිංසනයට ලක් කිරීම වැනි දේ මෙයට ඇතුළත් ය. මෙවැනි සිද්ධීන් සඳහා රජයන් දක්වන ප‍්‍රතිචාරයන් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය කිරීම දක්වාම ගොස් ඉතා බලවත් බලපෑමක් ඇති කරයි. මෙසේ නොමඟ යැවීමට හෝ හිතාමතාම රැවටීමට අදහස් කරන අසත්‍ය තොරතුරු සහ වෛරී ප‍්‍රකාශ පතුරුවන බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම මෙන්ම සමාජ මාධ්‍ය අවහිර කිරීම් ද ඇතුළත් වේ. මාර්ගගතව ලැබෙන නොමඟ යැවීමට හෝ හිතාමතාම රැවටීමට අදහස් කරන අසත්‍ය තොරතුරු වලින් එල්ල වන තර්ජනය සැබෑ වන අතර, රජයන් ද විරුද්ධ මත යටපත් කිරීමට නිදහසට කරුණක් ලෙස එය භාවිතා කිරීමට නැඹුරු වී ඇත. දකුණු ආසියානු කලාපයේ බොහෝ ආණ්ඩු මෙලෙස කි‍්‍රයා කරයි.
පසුගියදා කොළඹදී එළි දැක්වූ, ”සමාජ මාධ්‍ය නියාමනය සහ නීතියේ ආධිපත්‍යය: ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශයේ ප‍්‍රධාන ප‍්‍රවණතා” යන මැයෙන් වූ මෑත කාලීන වාර්තාවෙන් නිරීක්ෂණය වන්නේල ”රටවල් තුනම, රාජ්‍ය ආරක්ෂාව යන්නට මුවාවී ඇති වාරණය මඟින් පමණට වඩා පුළුල් සහ නොපැහැදිලි භාෂා භාවිතය යන්න උලූප්පා දක්වමින්, නීත්‍යානුකූලව අවසර දිය හැකි කථනය සීමා කර ඇති” බවයි.
උදාහරණයක් ලෙස, දේශපාලන විරෝධතා සහ රජයට එල්ල වන විවේචන මැඩපැවැත්වීම සඳහා අන්තර්ජාල වසා දැමීම් නිතර භාවිතා කරන බවට ඉන්දීය බලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. මෑත වසරවලදී ඔසනඔදන ඇතුළුව අවම වශයෙන් යෙදුම් 509 ක් පමණ ඉන්දීය බලධාරීන් විසින් තහනම් කර ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. https://www.hrw.org/news/2024/04/08/indias-general-elections-technology-and-human-rights-questions-and-answers
Human Rights Watch (HRW) නිරීක්ෂණය කළේ, 2024 පෙබරවාරි මාසයේදී, රටේ මහ මැතිවරණයේ පළමු අදියර ආරම්භ වීමට මාස දෙකකට පෙර, ඉන්දීය බලධාරීන් අත්තනෝමතික ලෙස සමාජ මාධ්‍ය වේදිකාවල සිටින විචාරකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාල අන්තර්ගතයන් සහ ගිණුම් අවහිර කිරීමට ඔවුන්ගේ බලතල භාවිතා කළ බවයි. https://www.hrw.org/news/2024/04/08/indias-general-elections-technology-and-human-rights-questions-and-answer
බංගලාදේශයේ, අගමැති ෂීක් හසීනාගේ ආණ්ඩුව අඛණ්ඩව සිව්වන වාරය සඳහා නැවත බලයට පත් විය. එරට ප‍්‍රධාන විපක්ෂයට සහය දුන් ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමට බංගලාදේශ රජය කටයුතු කළ බැවින්ල එම විරුද්ධ පක්ෂ කණ්ඩායම පාර්ලිමේන්තු මැතිවරණය වර්ජනය කරන ලදී. https://www.hrw.org/news/2024/01/11/bangladesh-repression-security-force-abuses-discredit-elections
Human Rights Watch (HRW) ආයතනය නිකුත් කළ වාර්තාවකට අනූව විපක්ෂ කණ්ඩායම් බංගලාදේශ බලධාරීන්ට චෝදනා නැගුවේ විරුද්ධ මතයන් යටපත් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍යවල රජය විවේචනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවයි. තවද වාර්තාව මඟින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ 2018 ඩිජිටල් ආරක්ෂණ පනත වෙනුවට 2023 සැප්තැම්බර් මාසයේදී හඳුන්වා දුන් බංගලාදේශයේ සයිබර් ආරක්ෂණ පනත වැඩි වෙනසකට භාජනය වී නොමැති බවට ප‍්‍රවීණයන් කනස්සල්ල පළ කර ඇති බවයි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස යටපත් කිරීමට සහ රජයට එරෙහිව විවේචන නඟන්නන් හට දඬුවම් කිරීමට යොදාගත් ඩිජිටල් ආරක්ෂණ පනත යටතේ සිය ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
අන්තර්ජාල වසා දැමීම් පැනවීමේ ඉතිහාසයක් පකිස්ථාන බලධාරීන්ට ද ඇත. මෑත මැතිවරණ චක‍්‍රය තුළ එවැනි වසා දැමීම් කිහිපයක් සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වී තිබේ. විපක්ෂ නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ විරෝධතා මධ්‍යයේ 2023 මැයි මාසයේදී ජංගම සහ සමාජ මාධ්‍ය වේදිකා ඉලක්ක කර අන්තර්ජාලය වසා දමන ලදී. සමාජ මාධ්‍ය වෙත ප‍්‍රවේශය 2023 දෙසැම්බර් මාසයේ සහ 2024 ජනවාරි මාසයේ නැවත අවහිර කරන ලද අතර, විරුද්ධ පක්ෂ පවසන්නේ මෙය ඔවුන්ගේ මාර්ගගත මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට බාධා කළ බවයි. https://www.hrw.org/news/2024/02/06/keepiton-pakistans-caretaker-government-and-election-commission-must-ensure-open
මෑත කාලීන අවස්ථා කිහිපයකදී, ශ‍්‍රී ලංකා රජය විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීම් පනවා ඇත. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව සහ 2022 ආර්ථික අර්බුදය තුළ පැනනැඟුණු මහජන විරෝධතා මෙයට ඇතුළත් වේ. වෛරී ප‍්‍රකාශ හෝ අසත්‍ය තොරතුරු පතුරුවා හරින ලදැයි සැක කරන අය අත්අඩංගුවට ගැනීමට බලධාරීන් විවිධ නීති ද භාවිතා කර ඇත. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පරිගණක අපරාධ පනත වැනි නීති යටතේ පුරවැසියන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නීතිවලට නවතම එකතු කිරීම වන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ දී මතභේදාත්මක තත්ත්වයන් යටතේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතයි. විරුද්ධ පක්ෂ සහ ක‍්‍රියාකාරීන් චෝදනා කළේ පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන පරිදි සකස් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සමහර සංශෝධන ඇතුළත් කර නොමැති බවයි. https://www.sundaytimes.lk/240225/news/second-fr-petition-filed-in-sc-against-online-safety-act-549922.html
පනත සම්මත වූ පසු ඒ සම්බන්ධයෙන් ගොනු කරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කරනු ලැබුවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක් ‘කිසිදු හේතුවක් මත’ පසු විපරම් කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ප‍්‍රතිපාදන නොමැති බව පවසමිනි.
මාර්ගගත අපරාධ වලින් කාන්තාවන් සහ ළමයින් ආරක්ෂා කිරීමේ සංකල්පය එම පනතේ පවතින ප‍්‍රධාන කරුණක් ලෙස රජය හුවා දැක්වුවද, විවේචකයින් චෝදනා කරන්නේ එය විරුද්ධ මතවලට එරෙහිව දැඩි පියවර ගැනීමට භාවිතා කළ හැකි තවත් භයානක මෙවලමක් බවයි. මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත විසින්, මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ බලගතු කොමිෂන් සභාවක් පිහිටුවනු ඇති අතර, නීති සම්පාදනය පිළිබඳ විචාරකයින් පවසන්නේ ”අසත්‍ය ප‍්‍රකාශයක්” යනු කුමක්ද යන්න තීරණය කිරීමට මෙම සභාවට පනතේ විධිවිධාන භාවිත කළ හැකි බවයි. මෙම පනත යටතේ වැරදිවලට වරදකරුවන් වන පුද්ගලයන්ට රුපියල් මිලියන ගණනින් විශාල දඩ මුදල් සහ වසර පහක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.
මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව තවම පිහිටුවා නොමැති නමුත්, එය ජනාධිපතිවරණයට පෙර පිහිටුවිය හැකි බව සිතිය හැකිය. එවැනි තත්වයක් තුළ, බලධාරීන් විසින් රජයේ මතය හා නොගැළපෙන ඕනෑම මතයක් ‘අසත්‍ය’ ලෙස සලකා ඒ ප‍්‍රකාශයන්ට එරෙහිව දැඩි ලෙස පියවර ගැනීමට මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත භාවිතා කළ හැකිය. එම අවධානම සැමවිටම පවතින බවට අමතක කළ නොහැකිය.
මතභේදාත්මක හෝ විරුද්ධ මත දරන්නන් පසුපස හබා යාමට ආයුධ වශයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අදාළ පනත භාවිතා කර ඇති ආකාරය ශ‍්‍රී ලංකාව දැනටමත් දැක ඇත. උදාහරණයක් ලෙස අනාෆ් ජසීම් කවියා 2020 මැයි මාසයේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන මාස 18ක් රිමාන්ඞ් භාරයේ තබා ගත්තේ ඔහුගේ ”නවරසම්” කෘතිය හරහා අන්තවාදය පැතිරවීම සහ ඔහුගේ සිසුන්ට අන්තවාදී මතවාදය බෙදා දීම යන චෝදනා මත ය. අනතුරුව පුත්තලම මහාධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කරන ලදී. https://www.ft.lk/news/Poet-Ahnaf-Jazeem-arrested-under-PTA-acquitted/56-756267 එසේම, සමාජ මාධ්‍ය විචාරක රම්සි රසීක් 2020 අපේ‍්‍රල් මාසයේදී සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත සහ පරිගණක අපරාධ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ ශ‍්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අන්තවාදීන් මුස්ලිම් ප‍්‍රජාව පීඩාවට පත් කරමින් සිදුකරන ජාතිවාදය පිටු දැකීමට ”මතවාදී ජිහාදයක් (අරගලයක්)” කළ යුතු බවට ඔහු විසින් ෆේස්බුක්හි පළ කරන ලද සටහනක් පදනම් කොටගෙනය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී, ශ්‍රේෂ්ඨාධිකරණය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අදාළ පනත යටතේ අත්අඩංගුවට ගැනීම මඟින් රසීක්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ අතර ඔහුට වන්දි ගෙවන ලෙස රජයට නියෝග කළේය. https://ceylontoday.lk/2023/11/15/arrest-of-ramzy-razeek-ruled-as-fr-violation/
එසේම, මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතද මැතිවරණය ආසන්නයේ දී ආණ්ඩුවේ මතයට ප‍්‍රතිවිරෝධී මත දරන්නන් හබායාමට භාවිත කළ හැකිය. උදාහරණයක් වශයෙන්, යම් පුද්ගලයෙක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම හෝ එහි ආර්ථික ප‍්‍රතිපත්තිය විවේචනය කිරීම පිළිබඳව රජයේ සංඛ්‍යාලේඛනවලට විරුද්ධවීමට සමාජ මාධ්‍ය වෙත යොමු වන්නේ නම්, ඔහු හෝ ඇය මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව නිර්වචනය කරන ආකාරයේ “අසත්‍ය ප‍්‍රකාශයක්” පතුරුවා හැරීමේ චෝදනාවට ලක්වීමේ සම්භාවිතාවක් ඇත. එම චෝදනාවට එරෙහිව නඩු ද පැවරිය හැක.
පනත යටතේ නඩු පවරනු ඇතැයි යන බිය නිසා තම මත සමාජ මාධ්‍යය හරහා ප‍්‍රචාරණය කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දෙවරක් සිතීමට මෙන්ම තම මත දැක්වීමට පසුබටද වනු ඇත. විශේෂයෙන්ම, රජය දැඩි ලෙස විවේචනය කරන විපක්ෂයේ ක‍්‍රියාකාරීන් සහ දේශපාලඥයින් මැතිවරණය ආසන්නයේ සහ මැතිවරණ ප‍්‍රචාරක කාලසීමාව තුළම පනත යටතේ නඩු පැවරීමේ ඉලක්කයන් බවට පත් විය හැකි අතර, ඵලදායී ඡුන්ද ප‍්‍රචාරක ව්‍යාපාරයක් පැවැත්වීමට ඔවුන්ට ඇති හැකියාවටද මෙය දැඩි බාධා එල්ල කළ හැකිය.
එබැවින්, සමාජ මාධ්‍ය අවහිර කිරීම් වැනි වෙනත් ක‍්‍රියාමාර්ග ගනිමින්ද, මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අදාළ පනත සහ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යන පනත් අත්තනෝමතික ලෙස ක‍්‍රියාත්මක කරමින් කටයුතු කළහොත් එය රටේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අඩාල කරවීමේ අවදානමක් ඇති බව අප තරයේ මතක තබා ගත යුතුව ඇත.