Hashtag Generation

“ANDARES” of the month

அமைச்சர் நளிந்த ஜயதிஸ்ஸ இலங்கை மருத்துவ சபையில் பதிவு செய்யப்பட்ட வைத்தியர்

அமைச்சர் நளிந்த ஜயதிஸ்ஸவை கால்நடை வைத்தியர் என தெரிவிக்கும் பேஸ்புக் பதிவுகளின் உண்மைதன்மையை நாம் ஆராய்ந்தோம்.

Hashtag Team

11.12.2024

අමාත්‍ය නලින්ද ජයතිස්ස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි.

සොෟඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පශු වෛද්‍යවරයෙක් බව සඳහන් කරමින් සටහනක් සංසරණය විය. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකි. මේ අනුව ඔහු පශු වෛද්‍යවරයකු බව සඳහන් කරමින් පළවන සටහන් ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

Hashtag Team

09.12.2024

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ විවිධ තනතුරු සඳහා මේ දිනවල පුද්ගලයින් බඳවා ගන්නවාද?

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ පවතින රැකියා පුරප්පාඩු සඳහා මාර්ගත ක්‍රමයක් ඔස්සේ පුදගලයින් ලියාපදිංචි කර ගැනීමක් මේ දිනවල සිදු වන්නේ නැත. එය ව්‍යාජ පණිවුඩයකි.

Hashtag Team

06.12.2024

එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුම් උත්සවය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකළ කැලුම් ජයසුමනට ඇප ලැබුණාද?

පසුගිය දින වල මහවිරු සැමරුම සම්බන්ධයෙන් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන කැලුම් ජයසුමන අත්ඩංගුවට ගනු ලැබු අතර මේ වන විට ඔහුට ඇප ලැබී ඇති බවට පැතිරී යන පණිවුඩය අසත්‍ය පණිවුඩයකි.

Hashtag Team

06.12.2024

හදවත් සැත්කම් අවශ්‍ය දරුවන්ට නොමිලේ හදවත් සැත්කම් කරනවාද?

"හදවත් සැත්කම් කිරීමට අවශ්‍ය දරුවන්ව රිජ්වේ ආර්යා ළමා රෝහලට එවන්න” යනුවෙන් සඳහන් පණිවිඩයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. මෙය මීට වසර කිහිපයකට පෙර ද සංසරණය වී තිබුණි. එකල ව්‍යාපෘතියකට අදාළව එය සිදු වී තිබූ නමුත් වර්තමානයේ සංසරණය වීම මහජනතාව නොමඟ යවයි.

Hashtag Team

06.12.2024

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් දෙන්නේ නැද්ද?

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නිල වාහනයක් ලබා දීමට ගත් තීරණය ආපසු හරවා ගෙන ඇති බවට පුවත්පත් වාර්තාවක් පළ විය. මන්ත්‍රීවරයෙකුගේ ධූර කාලය තුළ ඔහුට භාවිතයට වාහනයක් ලබා දෙන බව කළ විමසීම්වලදී තහවුරු විය. ඒ අනුව පළ වූ පුවත්පත් වාර්තාව ව්‍යාජයි.

Hashtag Team

05.12.2024

ජනාධිපති අරමුදලෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මූල්‍යාධාර ලබා දෙන බවට පවසමින් රෝග කිහිපයක් ඇතුළත් කර සැකසු ලිපිය ව්‍යාජ වේ.

පසුගිය දින කිහිපයේ ජනාධිපති අරමුදලින් රෝග සඳහා මූල්‍යාධාර ලබා දෙන බව පවසමින් එයට අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලා ලිපියක් සංසරණය වී ඇත. එම ලිපිය ව්‍යාජ ලෙස සකස් කළ ලිපියකි.

Hashtag Team

04.12.2024

தமிழீழ விடுதலைப் புலிகளை நினைவுகூர தடையில்லை என பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர் கூறவில்லை

பொதுமக்கள் பாதுகாப்பு அமைச்சர், மாவீரர் நாள் நிகழ்வுகள் குறித்து ஊடகங்களுக்கு கூறிய கருத்துக்கள் தொடர்பில் அமைச்சும் அறிக்கை ஒன்றை வெளியிட்டுள்ளது.

Hashtag Team

26.11.2024

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමට බාධාවක් නැති බවට මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශකර නැත.

එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමට බාධාවක් නැහැ - මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශ කළ බව සඳහන් පුවත්පත් ඡායාරූපයක් සහිත ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. ආරක්ෂක අමාත්‍යාවරයා එවැනි ප්‍රකාශයක් සිදු කර නැත. පුවත්පත් ඡායාරූපය සහිත ෆේස්බුක් සටහන මහජනතාව නොමග යවයි.

Hashtag Team

26.11.2024

මහරගම අපේක්ෂා රෝහලට වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා මේ දිනවල මුදල් එකතු කිරීමක් සිදුවනවාද?

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රෝහල් උපකරණ ලබා ගැනීම සඳහා මුදල් එකතු කිරීමක් මේ දිනවල සිදු වන්නේ නැත. එම පණිවුඩය මහජනතාව නොමගයවනු ලබයි.

Hashtag Team

26.11.2024