Hashtag Generation

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් නොමිලේ පාඨමාලා හැදැරීමට අවස්ථා ලබා දෙනවද?

නොමිලේ මාර්ගගත පාඨමාලා පිරිනමන බව පවසමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ලාංජනය හා නාමය භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පණිවුඩ සංසරණය වී ඇත. එලෙස සංසරණය වී තිබු පණිවුඩ කිහිපයක් පහතින් දැක්වේ.

අප මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලු අතර එහීදී මුලින්ම සිදු කරනු ලැබුවේ.මෙය සමාජ මාධ්‍ය ඔස්සේ එනම් ෆේස්බුක් (Facebook )තුළ  සංසරණය වු බැවින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ෆේස්බුක් ගිණුම තුළ මෙවැනි පණිවුඩයක් සංසරණය වී ඇත්ද යන්න සොයා බැලීමයි. නමුත් මෙවැනි නොමිලේ පිරිනැමෙන පාඨමාලාවන් පිළිබදව ෆේස්බුක් (Facebook) ගිණුම තුළ දැක ගැනීමට නොහැකි වු අතර මෙම පණිවුඩය අසත්‍ය පණිවුඩයක් බවට පළ කර ඇති නිවේදනයක් අපට දැක ගැනීමට හැකි විය.එලෙස ඔවුන් පළ කර තිබු නිවේදනයක් ජායාරූපයක් පහතින් දැක්වේ.

අප මේ පිළිබදව තවත් තොරතුරු දැන ගැනීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ මහාචාර්ය E.P.M. රාජරත්ත මහතාගෙන් මේ පිළිබදව කරුණු විමසා සිටී අතර ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ මෙය අසත්‍ය පණිවුඩයක් බවයි. ඔහු තව දුරටත් කියා සිටියේ එවැනි කිසිදු පාඨමාලාවක් නොමිලේ ලබා දෙන බවට කිසි තැනක ප්‍රකාශ කර නොමැති බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ෆේස්බුක් ගිණුම තුළ මෙම පණිවුඩය පිළිබදව සදහන් කර ඇති බවයි.

නිගමනය : පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් නොමිලේ පාඨමාලා අවස්තා හැදෑරීම සදහා අවස්තා ලබාදෙන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පණිවුඩය අසත්‍ය වන අතර එවැනි කිසිදු පාඨමාලාවක් විශ්වවිද්‍යාලය මගින් ලබා නොදේ .

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.