Hashtag Generation

බුදුන් වහන්සේට අපහාස කළ තායි ජාතිකයකුට සිර දඬුවමක් යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

තායිලන්තයේ ක්‍රිස්තියානි පාස්ටර්වරයකු යැයි කියන පුද්ගලයකු බුදු රදුන්ට අපහාස කළ නිසා එරට ශ්‍රේෂ්ඨාධිකරණය වසර 10 බැගින් වසර 60කට බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ යැයි කියන ප්‍රකාශයක් ඉකුත් දින කිහිපයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වන ආකාරය දක්නට ලැබිණි.  

“2015 දී ක්‍රිස්තියානි පාස්ටර්වරයකු වූ එන් ලායි බුදුන්ට අපහාස කරමින් කොමෙන්ට් 6ක් ෆේස්බුක් ඔස්‌සේ දැමූ අතර තායි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එක් කොමෙන්ටුවකට වසර 10 බැගින් වසර 60ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී” යනුවෙන් එහි දැක්විණි. 

එලෙස හුවමාරු වූ ෆේස්බුක් (Facebook) සටහනේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දක්වා ඇත.

ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) ඔස්සේ මුලින්ම මේ ඡායාරූපය සම්බන්ධයෙන් සොයා බලන ලදි.  

එහිදි මෙම ඡායාරූපය රොයිටර්ස් පුවත් සේවයට අයත් ඡායාරූපයක් බව තහවුරු කරගත හැකි විය. මෙම ඡායාරූපය 2015 වසරේ ගත් ඡායාරූපයක් බව ද එහිදි තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. 

තනකෝන් සිරිපයිපෝන් (Thanakorn Siripaiboon) නමැති තායිලන්ත තරුණයකු මේ ඡායාරූපයේ සිටින බවත් ඔහු තායි රජුගේ සුනඛයාට අපහාසාත්මක වන අයුරින් දැමූ අදහසක් (Comment) හේතුවෙන් වසර 37කට සිර දඬුවමකට යටත් වූ බවත් රොයිටර්ස් වාර්තාවේ දැක්විණි. මෙතැනින් 

එමෙන්ම තනකෝන් සිරිපයිපෝන් අත්අඩංගුවට පත්වූ බවත් ඔහුට එල්ල වී ඇති චෝදනා ඔප්පු වුවහොත් ඔහුට එලෙස වසර 37ක සිර දඬුවමක් ලැබෙන බවත් එම වාර්තාව දැක්විණි. මෙතැනින්  මෙතැනින් මෙතැනින්  මෙතැනින් 

නිගමනය : මේ අනුව බුදුන් වහන්සේට අපහාස කිරීම නිසා අවුරුදු 60ක සිර දඬුවමක් නියම වූ පාස්ටර්වරයකු යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි. අදාළ ඡායාරූපයේ සිටින්නේ තායි රජුගේ බල්ලාට අපහාස කිරීමේ චෝදනාවට වසර 37ක සිර දඬුවමක් නියම වූ තනකෝන් සිරිපයිපෝන් (Thanakorn Siripaiboon) නමැති තරුණයා ය.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.