ජනාධිපතිවරයෙන් පසු ව පත් වූ නව රජය යටතේ පවතින අමාත්‍යාංශයන්හි නම් භාවිත කරමින් පසුගිය දින කිහිපයේ ම විවිධ පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එලෙසෙ ම අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරමින් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.
ඉහත ඡායාරූපය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීමේ දී බොහෝ පිරිසක් එය වැරදි පණිවුඩයක් බවට අදහස් දක්වා තිබුණි.
විවිධ අදහස් මේ සම්බන්ධයෙන් වට්ස්ඇප් ඔස්සේ බෙදා ගැනීම හේතුවෙන් අප මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවේය. ඉහත ඡායාරූපය අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කර නිර්මාණය වී ඇති නිසාවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අප පරීක්ෂා කර බැලුවේය. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මේ සම්බන්ධයෙන් තොරතුරු පළ කර තිබුණි.
එහි සඳහන් වූයේ මෙවැනි ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවයි. එය මෙවර ක්‍රියාත්මක වන්නේ 8 වරට බවත් එහි සඳහන් විය. ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීමට මෙතැනින්.
ඉන් පසුව අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද තොරතුරු ලබා ගත්තේය. ඒ සඳහා අප ජනාධිපති මාධ්‍ය අංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක නජිත් ඉන්දික දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය. මේ වන විට නව රජයක් පවතින වන බැවින් පෙර පැවති රජය යටතේ කියාත්මක වූ මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක වනවා ද යන්න ඔහුගෙන් කරුණු විමසීමක් කළේය. පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය මෙවරත් ක්‍රියාත්මක කරන අතර 2020/2021/2022 යන වර්ෂවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට විශ්වවිද්‍යාල සුදුසුකම් නොලැබූ ශිෂ්‍යන්ට මෙයට අයදුම් කළ හැකි බවයි.
ඉන් පසුව අප අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපනය අංශයේ සම්බන්ධීකරණ ලේකම් එච්.ඩී.සී. ජානකි දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය.
එම මහත්මිය අපට මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ “මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය දැනට 7 වතාවක් සිදු කරනු ලැබූ බවත් මෙවර 8 වන වරට 2020/2021/2022 යන වර්ෂවල හෝ ඊට පෙර වසරක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිට විශ්වවිද්‍යාල සුදුසුකම් නොලැබූ ශිෂ්‍යයන් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කරන බවයි”.
ශිෂ්‍යයන් හට මෙම ණය පොලී රහිතව ලබා දෙන්නේ ඔවුන්ගේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා බව එතුමිය වැඩිදුරටත් පවසා සිටියාය. ශිෂ්‍යයන් සඳහා ලබාදෙනු ලබන ණය ප්‍රමාණය පාඨමාලාවෙන් පාඨමාලවට වෙනස්වන බව ද ඇය තහවුරු කළාය. වැඩි දුර විස්තර ලබා ගැනීම සඳහා ඕනෑම පුද්ගලයකුට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස තොරතුරු ලබා ගත හැකි බව එතුමිය තව දුරටත් පවසා සිටි අතර වෙනත් සමාජ මාධ්‍ය ජාලාවල පණිවුඩ ලෙස ලැබෙන නිවේදනයන්ගේ නිරවද්‍ය භාවය අපට තහවුරු කළ නොහැකි බවත් අපගේ නිල වෙබ් අඩවියෙන් ඕනෑම තොරතුරුක් ලබා ගත හැකි බවත් එතුමිය තවදුරටත් ප්‍රකාශ කර සිටියාය.
නිගමනය : අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවුඩය නිවැරදි පණිවුඩයක් බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තහවුරු කර ලදි. මෙම ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය දැනට වසර කිහිපයකට පෙර සිට සිදු වන බවත් මෙවර 8 වන වර සිදු වන බවත් අමාත්‍යාංශය තහවුරු කර සිටියේය.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.