Hashtag Generation

රාජ්‍ය නොවන සංවිධානයක් ලංකාවේ එච්.අයි.වී ඒඩ්ස් ( HIV AIDS ) රෝගය ව්‍යාප්ත කරනවද?

අතීතයට සාපේක්ෂව වර්තමානයේ පණිවුඩ බෙදා ගැනීම ඉතාම කාර්‍යක්ෂම වී තිබේ. ඒ අතරින් ප්‍රධාන තැනක් වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හිමි කර ගනියි.

නමුත් පසු ගිය දින කිහිපයේ ඉතා කාර්‍යක්ෂම ලෙස මෙම මාර්ග ඔස්සේ අසත්‍ය පණිවුඩද සංසරණය විය. ඒ අතර පසුගිය දිනක ඒඩ්ස් රෝගය පිළිබදව අසත්‍ය හඩ  පණිවුඩයක් සංසරණය විය. එය පහතින් දැක් වේ.

(පුළුවන් තරම් ඉක්මනට ගෙදරට, දරුවන්ට, තමන්ගේ ඥාතීන්ට කියන්න මොන විදිහකින් හරි රාජ්‍ය නොවන සංවිධානයකින් නොමිලේ ලේ චෙක් කරලා දෙනවා කියලා ගෙවල්වලට ආවොත් පුළුවන් තරම් ඉක්මනට 119 ගහලා පොලිසියට දැනුම් දෙන්න. පුළුවන් නම් එන කට්ටිය අල්ලලා ගස් බඳින්න. මොකද ISIS කාරයන්ව ලංකාවට එවල තියෙනව ඒඩ්ස් බෝ කරන්න. ඉතින් දැන් ගෙවල් වලට එනවා. එන්නේ රාජ්‍ය නොවන  සංවිධානයකින් කරන ප්‍රජා සේවාවක් වශයෙන්. නොමිලේ ලේ චෙක් කරලා දෙනවා ලෙඩ දුක් බලනවා කියලා. ඒ එන්නේ බොරුවට ඒඩ්ස් වෛයිරසේ මිනිස්සුන්ට ඇතුල් කරන්න. ලංකාවට ගහන්න බැරි නිසා දැන් ඒඩ්ස් බෝ කරලා මර්දනය කරන්න හදන්නේ. ඒ නිසා දන්න හැමෝටම මේ මැසේජ් එක දෙන්න)

අප මේ පිළිබදව කරුණු විමර්ශනය කිරීමේදි ලංකාව තුළ රූපවාහිනි මාධ්‍ය ,ගුවන් විදුලි මාධ්‍ය  හෝ පුවත්පත් මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නිවේදනයක් විකාශනය හෝ සදහන් වී ඇත්ද යන්න සොයා බැලු අතර නමුත් එවැනි  ප්‍රවෘත්ති නිවේදනයක් කිසිදු මාධ්‍යයක සදහන් නොවීය.

ඉන් පසුව අප සිදු කරනු ලැබුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් දුරකතන මාර්ගය ඔස්සේ කරුනු දැන ගැනීමයි. එහිදි එතුමා ප්‍රකාශ කරනු ලැබුවේ මෙම පණිවුඩය අසත්‍ය පණිවුඩයක් බවත් මෙවැනි පණිවුඩ වලට නොරැවටෙන ලෙසයි . ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම පණිවුඩය මෙලෙසම දැනට වසර ගණනකට පෙරද සංසරණය වු බවයි. මෙම පණිවුඩයේ කියවෙන පරිදි කිසිම කෙනෙකු මේ වන තෙක් මෙවැනි සිදු විමකට අත්අඩංගුවට ගෙන නැති බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

නිගමනය :අයි එස්.අයි එස්. සටන් කාමින් රාජ්‍ය නොවන සංවිධායක් මාර්ගයෙන් ලංකාව පුරා එච්.අයි.වී ඒඩ්ස් රෝගය ව්‍යාප්ත කරන බවට පැතිරී යන පණිවුඩය මුසාවක් වන අතර එම හඩපටයේ සදහන් වන පරිදි කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.