Hashtag Generation

වාතයේ ගුණාත්මකභාවය පහළ ගිහින් ද ?

නගර කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි පසුගිය (17) වැනිදා උදෑසන මාධ්‍ය වාර්තා කර තිබිණි. වාතයේ ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවත් වායු ගුණාත්මක දර්ශකය තවදුරටත් පහළ යනු ඇති බවත් නිව්ස් ෆස්ට් (News First) ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරයේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පවසා තිබිණි. 

මධ්‍යම පරිසර අධිකාරියෙන් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර විමසීමක් කළේ ය. ‘කොළඹ හැර අනෙක් නගරවල තත්ත්වය යථ තත්ත්වයට’ පත්ව ඇතැයි හෑෂ්ටැග් පරපුර කළ විමසීමට පිළිතුරු දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පැවැසීය. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වාතයේ ගුණාත්මකභාවය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවත් එය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව නිරීක්ෂණය කළ හැකි බවත් ඔහු පැවැසීය. 

යාපනය, ගාල්ල, මන්නාරම, කොළඹ සහ ගාල්ල යන නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බව ජනවාරි 17 වැනිදා මාධ්‍ය වාර්තා කර තිබිණි. හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේදී ම සොයා බැලීය. 

වැඩිහිටි සහ රෝගි පුද්ගලයන් මේ පිළිබදව විමසිලිමත් විය යුතු බවත් පෙනහළු ආශ්‍රිත රෝග, හතිය යනාදී රෝග ඇති පුද්ගලයන් එළිමහනේදී මුව ආවරණ පැලඳීම සුදුසු බවත් වීරසුන්දර මහතා පවසා තිබිණි.  නිව්ස් ෆස්ට් (News First) වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තියේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මෙවැනි අවස්ථාවකදී ජනතාව ගත යුතු පියවර මොනවාදැයි අපි අජිත් වීරසුන්දර මහතාගෙන් විමසීමක් කළේ ය. 

මෙවැනි තත්ත්ව ශ්‍රි ලංකාව තුළම හටගන්නවැයි අපට ප්‍රකාශ කරන්න බෑ , ඒ වගේම  වෙන රටකට චෝදනා කරන්නත් බෑ, මේක ජාත්‍යන්තරයෙන් එන ගැටලුවක් , ගොඩක් දුරට සිදුවන්නේ පරිසර අසමතුලිතතාවය නිසායි, ජනතාවට ගොඩක් දුරට මේ වගේ දෙයක් දැන ගන්න ලැබෙන්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් ,හුස්ම ගැනීමේ වෙනස්කම්, ආදි සිදුවීම්.  ඒ වගේම අපි මෙවැනි තත්ත්වයක් තිබුණොත් අපි ඒ ගැන මාධ්‍යයට දැනුම් දෙනවා. එයින් ඒ පිළිබඳව මහජනතාවට දැනගන්න පුළුවන්.  මෙවැනි තත්ත්වයකදී ජනතාවට ආරක්ෂා වෙන්න මුඛ ආවරණ පලඳින්න පුළුවන්. පෙණහළු ආශ්‍රිත රෝග, වෙනත් රෝග ඇති පුද්ගලයන් අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලඳිය යුතු යි.”

මේ පිළිබදව කරුණු තහවුරු කර ගැනීම සඳහා හෑෂ්ටැග් පරපුරා, Airquality.lk වෙබ් අඩවිය ඔස්සේ ද වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව විමසා බැලීය. වාතයේ ගුණාත්මකභාවය මනිනු ලබන්නේ AQI දර්ශකය තුළිනි. එම දර්ශකය පහතින් දැක ගත හැක.

AQI දර්ශකයට අනුව පසුගිය සිකුරාදා (19)  නගර කිහිපයක වාතයේ ගුණාත්මකභාවය පහත පරිදි දැක්විණි.

දිස්ත්‍රික්කය වාතයේ ගුණාත්මකභාවය {AQI}
කොළඹ 67
කුරුණෑගල  71
අකුරණ 108
නුවරඑලිය 2  93
බදුල්ල 96
මොණරාගල 72
දඹුල්ල 66
නුවර  3  49
පොළොන්නරුව 01 51

පහතින් දැක්වෙන්නේ සිකුරාදා (19) දහවල් 12.58pm වාතයේ ගුණාත්මකභාවය දැක්වෙන ඡායාරූපයකි. 

වාතයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් වෙනස්වන අතර ඉහත දැක්වූ වෙබ් අඩවිවලින් ඒ පිළිබඳව විස්තර ලබාගත හැකිය. මේ තත්ත්වය නිසා ස්වසන හො වෙනත් ලෙඩ රෝග හෝ ඇති පිරිස් හැකි සෑම අවස්ථාවකදීම මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය හා සුදුසු වේ.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.