Hashtag Generation

ශිහාන් මිහිරංග පුංචි ඡන්දයට ?

ගායන ශිල්පී ශිහාන් මිහිරංග මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින බව සඳහන් කළ ටික්ටොක් (TikToK) විඩියෝවක් එම සමාජ මාධ්‍ය ජාලය තුළ මෙන්ම අනෙකුත් සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වන ආකාරය නිරීක්ෂණය විය.

මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර ශිහාන් මිහිරංගගෙන් විමසීමක් කළ අතර මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ පණිවුඩයක් යැයි ඔහු සඳහන් කළේ ය.

කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහ නගර සභාවේ මාලඹේ කොට්ඨාසය සඳහා ජාතික ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ලැයිස්තුවේ ද ඔහුගේ නම ඇතුළත්ව නැත. මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් අපේක්ෂක ලැයිස්තුමැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.

මේ ආකාරයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප සහ විඩියෝ භාවිත කරමින් ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ යැයි ද එසේත් නැතිනම් ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට සහාය ලබාදෙන්නේ යැයි ද සඳහන් කළ ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) පසුගිය කාලයේ දී විශාල වශයෙන් දක්නට ලැබිණි. ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් හෝ පිටුවලට (Facebook Profiles/Pages) මේ සම්බන්ධයෙන් දැනගැනීමට හැකි අතර මැතිවරණ කොමිෂන් සභාවේ ‘ඔ‌බේ අපේක්ෂකයා දැනගන්න’ පහසුකම ඔස්සේ ඔවුන් මෙවර මැතිවරණයට තරග වදිනවාද නැද්ද යන්න සනාථ කර ගත හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.