Hashtag Generation

“ශේෂ” චිත්‍රපටය කෑන් (Cannes) ලෝක සිනමා උළෙලේ හොදම නර්තන චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තාද?

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද සිනමා පට සඳහා මෙන්ම ටෙලි නාට්‍ය සඳහා ද විවිධ ආයතන තුළින් විවිධ සම්මාන උළෙලවල්  පවත්වනු ලබයි.

ප්‍රංශයේ නවක සිනමාකරුවන් දිරි ගැන්වීම සඳහා පවත්වනු ලබන කෑන් ලෝක සිනමා උළෙලේ (World Film Festival in Cannes)  හොඳම නර්තන චිත්‍රපටය යන තරඟ කාණ්ඩය සදහා ශ්‍රී ලංකාවේ “ශේෂ” නැමැති චිත්‍රපටය නිර්‌දේශ වී ඇති බව පසුගිය දිනෙක ඔවුන්ගේ නිල වෙබ් පිටුවේ පළ කර තිබුණි.

නමුත් මෙම පණිවුඩය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විමේදී සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍යද, මාධ්‍යවේදින්ද මෙම පණිවුඩය බෙදා දීමේ දී මේ පිළිබදව නිසි අවබෝධයකින් තොරව පණිවුඩ බෙදා දී  ඇති බව කරුණු විමසීමේදී පැහැදිලි විය.

එලෙස සංසරණය වු පණිවුඩ කිහිපයක තිර ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ. එකිනෙකා අතර පණිවුඩ හුවමාරු කර ගැනීමේදි මෙය කෑන් සිනමා උළෙල (Cannes Film Festival) සමග සම්බන්ධ කර සංසරණය වී තිබේ. 

බහුතරයක් දෙනා මේ පිළිබදව පැහැදිලි අවබෝධයකින් තොරව තොරතුරු හුවමාරු කිරීම නිසා හෑෂ්ටැග් පරපුර මේ පිළිබදව කරුණු පරීක්ෂාවක්  සිදු කළේය.

එහිදී අප මුලින්ම සිදුකරනු ලැබුවේ කෑන් සිනමා උළෙල පිළිබදව අන්තර්ජාලය ඔස්සේ කරුණු පරීක්ෂා කිරීමයි.

එහිදී අපට අන්තර්ජාලය ඔස්සේ දැක ගැනීමට හැකි වුවේ “කෑන් සිනමා උළෙල” ප්‍රංශයේ කෑන් නුවර වසරකට වරක් පවත්වනු ලබන සම්මාන උළෙලක් බවයි. මෙම සම්මාන උළෙලේ ශ්‍රි ලංකාවේ “ශේෂ” චිත්‍රපටය සම්මාන දිනාගත් හොදම නර්තන චිත්‍රපටය නැමැති තරඟ කාණ්ඩයක් කෑන් ලෝක සිනමා උළෙලේ නොමැති බව අපට තහවුරු විය.

මෙම කෑන් සිනමා උළෙල (Cannes film festival) පිළිබදව තව දුරටත් විස්තර දැන ගැනීමට මෙතැනින්.

අප ඉන්පසුව සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ “ශේෂ” නැමැති සිනමාපටය සදහා සම්මානය හිමි වු “කෑන් ලෝක සිනමා උළෙල” World Film  Festival in Cannes” නැමැති සිනමා උළෙල පිළිබදව අන්තර්ජාලය ඔස්සේ කරුණු පරීක්ෂා  කිරීමයි.

එහිදී අන්තර්ජාලය තුළින් අපට දැන ගැනීමට හැකි වුයේ මෙම සම්මාන උළෙල නවක සිනමා කරුවන්ට දිරි ගැන්වීමක් ලෙස ලබා දෙන සිනමා උළෙලක් බවයි. මෙහි මාසිකව ජයග්‍රහකයන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබයි. ඉන් පසුව වසරක් ගත විමේදි හොදම නිර්මාණ සදහා සම්මාන පිරිනමනු ලබන බවයි.

මෙම කෑන් ලෝක සිනමා උළෙල (World film festival ) පිළිබදව තව දුරටත් දැන ගැනීම සදහා මෙතැනින් පිවිසෙන්න.

අප මෙම සිනමා උළෙලවල් ද්විත්වය පිළිබදව ශ්‍රී ලංකාවේ සිනමා පිළිබද අත්දැකීමක් ඇති අනෝමා රාජකරුණා මහත්මියගෙන් දුරකතනය ඔස්සේ කරුණු විමසන ලදි. ඇය යාපනය ජාත්‍යන්තර සිනමා උළෙලේ සංවිධායකවරිය වන අතර Agenda 14 කෙටි චිත්‍රපට උළෙලේ නිර්මාතෲ ද වේ. ඇය ජාතික හා ජාත්‍යන්තර සිනමා උළෙලවල් 20කට අධික සංඛ්‍යාවක ජූරි සභිකවරියක් ලෙස කටයුතු කර ඇත.

මේ පිළිබදව ඇය අදහස් දැක්වුවේ “මෙම සම්මාන උළෙලවල් දෙකම තියෙන්නේ ප්‍රංශයේ කෑන් නුවර,මේකේ අන්තර්ජාතික මට්ටමින් තියෙන කෑන් සිනමා උළෙල (Cannes Film Festival) ගොඩක් ප්‍රසිද්ධයි. ඔය ශ්‍රී ලංකාවේ “ශේෂ” ෆිල්ම් එක සම්මානයකට භාජනය වෙලා තියෙන්නේ මේ සම්මාන උළෙලේ නෙවෙයි. ප්‍රංශයේ තියෙන තව සම්මාන උළෙලක ඒකේ නම “කෑන් හී ලෝක සිනමා උළෙල” (World Film Festival in Cannes) මේක තියෙන්නෙත් ප්‍රංශයේ කෑන් නුවරම තමයි, ඒකේත් කෑන් කියන නම තියෙන නිසා තමයි ශ්‍රී ලංකාවේ මේ දෙක පටලවා ගනිමින් වැරදි පණිවුඩ ගියේ , ඒත් පස්සේ ඒ පණිවුඩේ ගොඩක් අය හරියට දැන ගැනීමෙන් පස්සේ නිවැරදි කරලා තිබුණා. ප්‍රංශයේ කෑන් සිනමා උළෙලේ (Cannes Film Festival) නර්තන අංශයට  සම්මාන දෙන අංශයක් නෑ. මේ සම්මාන උළෙලවල් දෙක පටලවා ගැනීමක් තමයි මෙතන සිද්ද ‌වෙලා තිබුනේ ලෙස ඇය පවසා සිටින ලදී.

අප ඉන් පසුව මේ පිළිබදව “ශේෂ”  සිනමා පටයේ තිර රචනය සිදු කරනු ලැබු සමන්ත කුමාර ගමගේ මහතා දුරකතනය ඔස්සෙ සම්බන්ධ කර ගනිමින් මේ පිළිබදව කරුණු විමසා සිටින ලදි. ඔහු එහිදී ප්‍රකාශ කරනු ලැබුවේ “අපිත් ඉසෙල්ලම හිතුවේ මේක කෑන් සිනමා උළෙලින් අපට හම්බ උන ජයග්‍රහකයන් කියලා ඒත් අපි හොයලා බලනකොට තමයි දැන ගත්තේ මේක ප්‍රංශයේ කෑන් වල තියෙන වෙනත් සම්මාන උළෙලකින් අපට හම්බුන සම්මානයක් කියලා. ඒක අපි නිවැරදි පණිවුඩයක් ලෙස ආයේ නිවැරදි කලා” ලෙස ඔහු ප්‍රකාශ කර සිටියා. ඔහු තව දුරටත් පවසා සිටියේ ඔහුගේ ෆේස්බුක් ගිණුම තුළ නිවැරදි කර පණිවුඩයක් උඩුගත කල බවයි. ඔහු ෆේස්බුක් ගිණුම තුළ පළ කර තිබු ලිපියේ තිර ජායාරූපයක් පහතින් දැක්වේ.



අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.