Hashtag Generation

අලවතුගොඩ, ශ්‍රි විජයවර්ධනාරාමයේ පරිපාලන කමිටුවෙන් වෙසක් කලාප සදහා සීමා පනවා ඇත්ද?

සෑම අවුරුද්දකම මැයි මාසය යනු වෙසක් පෝහොය නිමිති කර ගනිමින් රට පුරා වෙසක් උත්සව පවත්වනු ලබන මාසයකි.

නමුත් පසුගිය දින කිහිපයේ අලවතුගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇති වෙසක් කලාප සදහා සීමා පැන වීමක් සහිත සටහනක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය විය.

එලෙස සංසරණය වූ සටහනේ ඡායාරූපයක් පහතින් දැක්වේ.

සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ සටහනට මෙතැනින් පිවිසෙන්න.

අප මේ පිළිබදව කරුණු විමර්ෂණයක් සිදු කල අතර අප මුලින්ම සිදු කරනු ලැබුවේ අලවතුගොඩ ප්‍රදේශය පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද යන්න සොයා බැලීමයි එහීදි අපට මාතලේ දිස්ත්‍රික්කයේත් බදුල්ල දිස්ත්‍රික්කයේත් අලවතුගොඩ නැමැති ප්‍රදේශය දැක ගැනීමට හැකි විය. ඉන් පසුව අප සිදු කරනු ලැබුවේ මාතලේ දිස්ත්‍රික්කයේ අලවතුගොඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාට, ප්‍රාදේශීය ලේකම් තුමියට මෙන්ම අලවතුගොඩ පොලිස් වසමේ පොලිසියටද දුරකතන ඇමතුම් ලබා ගනිමින් මේ පිළිබදව කරුණු තහවුරු කර ගැනීමයි. එහීදී ඔවුන් සියල්ලෝම පැවසුවේ අලවතුගොඩ යන ප්‍රදේශය මෙය වුවද ශ්‍රි විජයවර්ධනාරාමය නැමැති විහාරයක් සහා බෝගහකුඹුර නැමැති පාසලක් මේ ප්‍රදේශයේ නොමැති බවයි.

ඉන් පසුව අප බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති අලවතුගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් තුමියට මෙන්ම පරිපාලන නිලධාරී තුමිය දුරකතනය ඔස්සේ  සම්බන්ධ කර ගත් අතර එතුමියන් පැවසුවේ මෙම පණිවුඩයේ සදහන් විහාරයත් පාසලත් එම බල ප්‍රදේශයට අයිති නමුත් මෙවැනි නිවේදනයක් සම්බන්ධව ඇය දැනුවත් නැති බවයි.

ඉන් පසු පරිපාලන නිලධාරි තුමිය පැවසුවේ ග්‍රාම නිලධාරීතුමාගෙන් මේ පිලිබදව විමසන ලෙසයි. ඉන් පසුව අප ග්‍රාම නිලධාරී තුමා මෙන්ම  බෝගහකුඹුර පොලිසියෙන්ද මේ පිලිබදව කරුණු විමර්ෂණය සිදු කරන ලදි.

බෝගහකුඹුර පොලිසියේ ස්ථානධිපති තුමා අප දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර එහීදී ඔහු පවසන ලද්දේ මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලැබී නොමැති බවයි. එලෙස විහාරාධිපති  හිමියන් සිදු කරනවනම් කවුරුන් හෝ පැමිණිල්ලක් සිදු කල යුතුයි යන්න ඔහු පවසා සිටී අතර ඔහුද පවසා සිටීයේ ග්‍රාම නිලධාරී මහතාගෙන් තව දුරටත් විමසන ලෙසයි.

අප ඉන් පසුව මෙම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර ඔහු පවසා සිටියේ මෙය අසත්‍ය පණිවුඩයක් බවත් මෙවැනි කිසිදු නිවේදනයක් නිකුත් නොකර ඇති බවයි.

ඉන් පසුව අප විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් අතර උන් වහන්සේ පවසා සිටියේ මෙය වැරදි ප්‍රකාශයක් බවත් උන් වහන්සේ එවැනි කිසිදු ප්‍රකාශක් සිදු නොකල බවයි.එවැනි කිසිදු තීරණයකට විහාරස්ථානයේ පරිපාලන කමිටුව හෝ මා එලඹී නොමැති බව විහාරාධිපති හිමියන් පවසන ලදි.

විහාරාධිපති හිමියන් විසින් ශ්‍රි විජයවර්ධනාරාම විහාරස්ථානයේ නිල ෆේස්බුක් ගිණුමේ පරිපාලක දුරකතනය ඔස්සේ සම්බන්ධ කර දුන් අතර ඔහු පවසා සිටියේ අනවසරයෙන් පුද්ගලයෙකු ඇතුල් වී එය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති බවයි. නමුත් එය තහවුරු කීරීමට තරම් ප්‍රමාණවත්  ශාක්ෂි නොවීය. මේ වන විට ගිණුම තුළ එම පළ කීරීමද නොමැත. ඔහු පවසා සිටීයේ එම ෆේස්බුක් හී පළ කර තිබු ආකාරයට කිසිදු සීමා පැනවීමක් නොමැති බවයි.

නිගමනය: අලවතුගොඩ, ශ්‍රි විජයවර්ධනාරාම විහාරස්ථානයේ හා බෝගහකුඹුර විද්‍යාලයේ වෙසක් වැඩ සටහන්වලට සහ  නගරයේ වෙනත් වෙසක් වැඩ සටහන්වලට විහාරස්ථානයෙන් සීමා පැනවීමක් නොමැත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.