Hashtag Generation

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සඳහා සීමාවන් පැෆ්රල් සංවිධානය තීරණය කරන බවට ප්‍රකාශ කර නැත.

මේ ගතවන කාලය ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියේ සුවිශේෂී කාල පරිචිජේදයකි. තරගකාරී මැතිවරණ ප්‍රචාරණ කටයුතුත් සමග මැතිවරණය සම්බන්ධයෙන් නිරන්තර වැරදි තොරතුරු ද අපට දැක ගන්නය ඇත. එවැනි අකාරයට මැතිවරණ වියදම් සම්බන්ධයෙන් මහජනතාව නොමග යැවෙන ආකාරයෙන් පළ වූ පණිවුඩයක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

එම ලිපියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන්නේ “ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරණය වෙනුවෙන් වියදම් කළ හැකි ප්‍රචාරණ වියදම් සීමාව කොපණද යන්න පැෆ්රල් සංවිධානය තීරණය කරන බවයි”. එමෙන්ම “මැතිවරණ කොමිෂන් සභාව සහා දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව පැෆ්රල් සංවිධානය එය තීරණය කරන බවත්” එහි තවදුරටත් සදහන් වී ඇත.

මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් “ද මෝනින්” (The Morning) පුවත්පතේ වෙබ් පිටුව තුළ 2024/08/16 දින පළ වි තිබුණ අතර 2024/08/17 දින වන විට මෙම පුවත එම වෙබ් පිටුවෙන් ඉවත් කර ඇත.

අප මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසා සිටියේය. මෙවැනි තීරණයක් පැෆ්රල් සංවිධානය තීරණය කර නොමැති බවත් එවැනි තීරණයක් ගැනීමට පැෆරල් ආයතනයට හැකියාවක් නොමැති බවත් එම විමසීමට පිළිතුරු වශයෙන් එතුමා ප්‍රකාශ කර සිටියේය. එවැනි තීරණයක් ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින් බව ඔහු තව දුරටත් පැවසීය.

අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගෙන් ද මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය. එවැනි තීරණයක් පැෆ්රල් සංවිධානයට ගැනීමට නොහැකි බව පවසමින් මෙය වැරදි පණිවුඩයක් බවට එතුමා තවදුරටත් තහවුරු කළේය. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ අපේක්ෂකයින්ට වියදම් කළ හැකි ප්‍රචාරණ වියදම් සීමාවන් පිළිබදව තීරණය තවම දැනුම් නොදුන් බව ද එතුමා පැවසීය.

නිගමනය: ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාව පිළිබඳව පැෆ්රල් සංවිධානය විසින් තීරණය කර නොමැත. එය තීරණය කිරීමට බලය සහා වගකීම ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවටය. ඒ අනුව සංසරණය වූ මෙම පුවත අසත්‍ය පණිවුඩයක් බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.