Hashtag Generation

“පැහැරගත් ඊශ්‍රායල දරුවන්” යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය සහ පණිවුඩ ජාල ඔස්සේ සංසරණය වන පණිවුඩය ව්‍යාජ යි.

හමාස් සටන්කාමීන් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඒත් සමඟ වත්මන් යුද තත්ත්වය ආරම්භ විය. එම ප්‍රහාර එල්ල වීමත් සමඟ ඊශ්‍රායලය යුදමය තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර මේ වනවිට දෙපාර්ශවය අතර ගැටුම බරපතළ ලෙස උග්‍ර වී තිබේ. ගැටුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලම පාහේ වාර්තා කිරීමට පටන් ගත් අතර අදාළ වාර්තා කිහිපයට මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින් පිවිසිය හැකි ය. 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම උත්සන්න වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සංසරණය වීම ද ශීඝ්‍රයෙන් වැඩි වූ අතර ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළත් වට්ස්ඇප් (WhatsApp) සහ ටෙලිග්‍රෑම් (Telegram) ඇතුළු පණිවුඩ ජාල තුළත් ඉතා වේගයෙන් සහ විශාල වශයෙන් දුස් තොරතුරු (Disinformation) සංසරණයට වීමට පටන් ගැනිණි. 

ගැටුම් ආරම්භ වූ විගස ප්‍රාණඇපකරුවන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති වූ අතර පැහැරගත් ඊශ්‍රායල දරුවන් යැයි සඳහන් ඡායාරූප සහ විඩියෝ ද සමාජ මාධ්‍ය තුළ පළ වී තිබිණි. ප්‍රාණඇපකරුවන් සම්බන්ධයෙන් පළ වූ වාර්තා කිහිපයක් මෙතැනින්, මෙතැනින්, මෙතැනින්

‘පලස්තීන සටන්කාමීන් පැහැරගත් ඊශ්‍රායල දරුවන්’ යැයි කියන ඡායාරූප සහ විඩියෝ පට රැසක් සමාජ මාධ්‍ය තුළ ඉකුත් සති දෙකක කාලයේ දී සංසරණය විය. ඒවායේ තිර ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ. 


දරුවන් කූඩුවල සිටින බව දැක්වෙන විඩියෝ මුලින්ම පළ කර ඇත්තේ ටික්ටොක් (TikTok) විඩියෝ සමාජ මාධ්‍ය ජාලයේ යැයි නිගමනය කළ හැකි වූ අතර එය මුලින්ම පළ කර ඇත්තේ @user6903068251281 යන ගිණුමෙන් යැයි ද නිගමනය කළ හැකි ප්‍රමාණවත් තොරතුරු අන්තර්ජාලයෙන් සොයාගැනීමට හැකියාව ලැබිණි. අදාළ විඩියෝව මේ වනවිට ඉවත් කර ඇත. මෙතැනින්

මෙම විඩියෝව හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර වත්මන් ගැටුම් ඇති වීමට දින හතරකට පෙර සමාජ මාධ්‍යයේ පළ වී තිබූ බව හීබෲ බසින් ක්‍රියාත්මක වන කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවියක් වන FakeReporter.net ඔවුන්ගේ ට්විටර් (Twitter) ගිණුමේ පළ කර තිබිණි. (ට්විටර් (Twitter) වර්තමානයේ දී X යනුවෙන් හැඳින්වේ. 

අදාළ විඩියෝව වත්මන් ඊශ්‍රායල-හමාස් ගැටුම්වලට සම්බන්ධ විඩියෝවක් නොවන බවත් එය ගැටුම් ආරම්භ වීමට දින හතරකට පෙර සමාජ මාධ්‍යට මුදා හැර තිබූ බවත් අදාළ ට්විටර් පණිවුඩයේ දැක්විණි. 

අදාළ ට්විටර් පණිවුඩවලට මෙතැනින්, මෙතැනින්

මෙම විඩියෝ පට පැරැණි ඒවා යැයි ඒ අනුව නිගමනය කළ හැකි ය. එමෙන්ම මෙම විඩියෝ පට 2015 වසරේ ඒවා යැයි ද සිරියානු යුද්ධය සමයේ දී ගත් ඒවා යැයි ද සමාජ මාධ්‍ය තුළ අදහස් පළ වී තිබිණි. අයි.එස්.අයි.එස්. සංවිධානය දරුවන් ප්‍රාණ ඇපයට ගත් විඩියෝ යැයි ද ඇතැම් අදහස්වල දැක්විණි. 

කෙසේ නමුත් ඒවා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සොයාගැනීමට නොහැක. 

මේ සම්බන්ධයෙන් කෙරුණු කරුණු පරීක්ෂා කිරීම් දෙකකට මෙතැනින්, මෙතැනින්

නිගමනය : පලස්තීන සටන්කාමීන්, හමාස් සටන්කාමීන් පැහැරගත් ඊශ්‍රායල දරුවන් යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන විඩියෝ සහ ඡායාරූප මහජනතාව නොමඟ යවන්නේ යැයි නිගමනය කළ හැකි අතර අදාළ ඡායාරූප සහ විඩියෝවල සිටින්නේ ඊශ්‍රායල හෝ යුදෙව් දරුවන් යැයි කියන ප්‍රකාශ අසත්‍ය යැයි නිගමනය කළ හැකි ය. එම විඩියෝ සහ ඡායාරූප වත්මන් ඊශ්‍රායල-හමාස් ගැටුම් ඇති වීමට පෙර ගත් ඒවා යැයි ද තහවුරු කළ හැකි ය. කෙසේ නමුත් අදාළ ඡායාරූප සහ විඩියෝ ගත් දිනයක් හෝ මුලින්ම අන්තර්ජාලයට මුදාහළ දිනයක් නිශ්චිතව සඳහන් කළ නොහැක. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.