Hashtag Generation

මාලිමා ආණ්ඩුවක් යටතේ බුදුදහමට අනුග්‍රහය ලබා නොදෙන බව සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇති මැතිවරණ උණුසුමත් සමග දේශපාලන පක්ෂ, නායකයින් හා සභිකයන් සම්බන්ධ කර ගනිමින් විවිධ පණිවුඩ සංසරණය වීමක්  සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වී තිබේ. ඒ අතර පසුගිය දින කිහිපයේ ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ කර ගනිමින් බහුල වශයෙන් සමාජ මාධ්‍ය සටහන් සංසරණය විය. එවැනි ආකාරයට ඔහුව සහා ඔහුගේ පක්ෂය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහනක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉහත සටහනේ දැක්වෙන අකාරයට සුනිල් හඳුන්නෙත්ති මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්ද යන්න අප කරුණු පරීක්ෂාවක් සිදු කරන ලදි.

එහි දී අප මුලින්ම සිදු කරනු ලැබුවේ පසුගිය දින කිහිපයේ  කිසියම් හෝ පුවත්පතක මෙවැනි සටහනක් පළ වී ඇත්ද යන්න කරුණු පරීක්ෂාවක් සිදු කිරීමයි. නමුත් එවැනි සටහනක් පුවත්පතක පළ වී ඇති බව සොයා ගැනීමට නොහැකි විය. 

ඉන් පසුව අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා සිටියේය. ඔහු මෙය අසත්‍ය පුවතක් බවත් මෙය නිර්මාණය කර ඇත්තේ පසු ගිය දිනක එනම් 2024/08/25 දින පැවැත්වු බැංකු හා මූල්‍ය වෘත්තිකයන්ගේ ජාතික සමුළුවට පසු බව ඔහු පැවසුවේය. අප ඉන් පසුව එම සමුළුවේ පටිගත කල විඩියෝවක් යුටියුබ් ( Youtube ) මාධ්‍ය ඔස්සේ නරඹන ලදි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ දැක්වෙන සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ඡායාරූපය සහා සමුළුව තුළ සුනිල් හඳුන්නෙත්ති මහතා සමුළුව ඇමතීමේ ඡායාරූප සමාන විය. නමුත් ඔහු සමුළුව ඇමතීමේ අවස්ථාවේ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශනයක් සිදු කරන්නේ නැත.

තව දුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය දින කිහිපයේ සම්බන්ධ වූ වැඩසටහන්, මාධ්‍ය සාකාච්ජ්ජා , මහජන රැළි සියල්ල පරීක්ෂා කර බැලුවේය. නමුත් එවැනි ප්‍රකාශයක් සිදු කරන අවස්තාවක් සොයා ගැනීමට නොහැකි විය.

නිගමනය: සියලු කරුණු පරීක්ෂා අවසානයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු සටහනේ දැක්වෙන ආකාරයේ පණිවුඩයක් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ නොකළ බව තහවුරු විය. සමාජ මාධ්‍ය සටහන ජනතාව නොමඟ යවනු ලබයි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.