Hashtag Generation

මොරොක්කෝ භූමිකම්පාවේ ඡායාරූප සහිත Seismic Waves Card නමැති ගොනුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවුඩය ව්‍යාජයි.

මොරොක්කෝවට පසුගිය සැප්තැම්බර් 8 වැනිදා වැනිදා  වන දින බලපෑ රික්ටර් මාපකාංක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් බලපෑවේ ය.  භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 3000කට වැඩි පිරිසක් මිය ගියේ යැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි. . එමෙන්ම පුද්ගලයන් 5000කට වැඩි පිරිසක් තුවාල ලැබුවේ යැයි ද එම වාර්තාවල දැක්විණි. 

එම කාල සමයේදීම භූමිකම්පාවේ ඡායාරූප වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වී තිබිණි. එම ඡායාරූප සමඟ “Seismic Waves Card” යනුවෙන් සඳහන් ගොනුවක් ද සංසරණය වී ඇත. එම ගොනුව විවෘත කළහොත් දුරකතනය හැක් (Hack) වනු ඇතැයි යනුවෙන් ද එම පණිවුඩයේ දැක්වේ. මෙම පණිවුඩය භූකම්පනයෙන් පසුව ෆේස්බුක් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල පණිවුජාලවල සංසරණය වී තිබේ.

එලෙස සංසරණය වූ ව්‍යාජ පණිවුඩයේ තිර ඡායාරූපයක් පහත දැක්වේ.

“Seismic Waves Card ” නමින් හදුන්වා සංසරණය වු ගොනුව පහත දැක්වෙන දැක්වේ.

අප මේ පිළිබඳ කරුණු සෙවීමේදී අන්තර්ජාලය තුළ මෙවැනි පණිවුඩයක් සංසරණය වනවාදැයි මුලින්ම සොයාබැලීය. එහෙත් එවැන්නක් සොයාගැනීමට නොහැකි විය. සැප්තැම්බර් 8 වැනිදායින් පසු මොරොක්කෝ භූකම්පනය සම්බන්ධයෙන් පළ වී තිබූ විදෙස් මාධ්‍ය වාර්තා ද සොයා බැලූ අතර මෙවැනි පණිවුඩයක් සංසරණය වී ඇති බවට කිසිදු සාක්ෂියක් ඒවා තුළින් ද සොයාගැනීමට නොහැකි විය.

මෙම ව්‍යාජ පණිවුඩයේ එක් තැනක රූපවාහිනිය තුළද මෙම පණිවුඩය ජනතා වෙත දැනුම් දී ඇත යනුවෙන් සඳහන් කර තිබේ. කෙසේ නමුත් මොන රූපවාහිනි නාලිකාවේ ද යන්න එහි සඳහන් නොවූ අතර විදෙස් මාධ්‍ය වාර්තාවල ද එවැන්නක් පිළිබඳ වාර්තාවක් නොවීය.

ව්‍යාජ යැයි සිතිය හැකි මෙම පණිවුඩයේ ” Seismic Waves back” නමැති කොටස උපුටා ගනිමින් අන්තර්ජාලය තුළ ඒ සම්බන්ධයෙන් සොයාබැලීමක් කළේ ය. එහි දි ඉහත දැක්වෙන පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් යැයි නිගමනය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබුණු අතර කරුණු පරීක්ෂා කිරීම් කරන ආයතන හා සංවිධාන රැසක් ම ඉහත දැක්වෙන පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් යැයි තහවුරු කර තිබිණි. 

එලෙස  සිදු කර ඇති  කරුණු පරික්ෂා කීරීම් සදහා  මෙතැනින්, මෙතැනින්, මෙතැනින්. පිවිසෙන්න.

නිගමනය : මොරොක්කෝවට බලපෑ භූමිකම්පාවේ ඡායාරූප කිහිපයක් ඇතුළත් ” Seismic Waves  Card ” නැමැති ගොනුවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත. එම පණිවුඩය සහ අදාළ ගොනුව විවෘත කිරීමෙන් ඔබේ දුරකථනය හැක් වනු ඇතැයි කියන පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් යැයි නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.