Hashtag Generation

වර්තමානයේ රටේ පවතින තත්වය මත අධ්‍යාපනය සඳහා 6% දක්වා මුදලක් වෙන් කිරීමට නොහැකි බව අගමැති ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කළාද?

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින්නේ නව රජයක් යටතේ පාලනය වන පාලන කාලයකි. ජනාධිපතිවරණයෙන් පසු නොවැම්බර් 14 වෙනි දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන තෙක් රටේ පාලන බලය ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහා ඔහු යටතේ සිටින දෙදෙනෙකු ගෙන් සමන්විත වු ඇමති මණ්ඩලයටයි. මේ දිනවල නිතර සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වන්නේ ජනාධිපතිවරයා සහ දෙදෙනෙකු වු ඇමති මණ්ඩලයේ එක් එක් ක්‍රියාවන් පිළිබඳවයි. ඔවුන් ලබා දුන් පොරොන්දු සහා ඒවා ඉටු කරනවාද යන්න නිරන්තරයෙන් සමාජ මාධ්‍යවල කතා බහට ලක් වේ .

එවැනි ආකාරයට වර්තමාන අගමැති වන ආචාර්ය හරිනි අමරසුරිය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණේ පහත අකාරයටයි. 

අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කරනු ලැබුවේය. මුලින්ම අප සිදු කරනු ලැබුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති සටහනේ දැක්වෙන ආකාරයට අධ්‍යාපනය සඳහා වියදම් කරන මුදලට අමතරව 6% ක මුදලක් වැඩි කිරීමට  ජාතික ජන බලවේගයේ අධ්‍යාපනය ප්‍රතිපත්තිය තුළින් ජනතාවට පොරොන්දු වී ඇත්ද යන්න සොයා බැලීමයි.

ඒ සඳහා අප ජාතික ජන බලවේගයේ යුටියුබ් නාලිකාව පරික්ෂා කර බැලුවේය. එහිදී අපට තහවුරු කර ගැනීමට හැකි වුවේ එවැනි පොරොන්දුවක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති බවට ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කරන විඩියෝවකි. එම විඩීයෝව නැරඹීමට මෙතැනින් .

ආචාර්ය හරිනි අමරසුරිය වර්තමාන අගමැති වීමට පෙර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙවැනි අධ්‍යාපන ප්‍රතිපත්තියක් අන්තර්ගත බව ප්‍රකාශ කර ඇති බැවින් ඉන් පසුව අප සිදු කරනු ලැබුවේ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයට එය රටේ ආර්ථික තත්ත්වය මත සිදු කළ නොහැකි බව පැවසුවාද යන්න සොයා බැලීමයි, එහිදී අප සිදු කරනු ලැබුවේ සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පසුබිම පරීක්ෂා කිරීමයි.

එහි දැක්වෙන්නේ පසුගිය දිනක කොලඹ ආනන්ද විද්‍යාලයේ පැවැත් වූ ජාතික පාසල් විදුහල්පතිවරුන් සඳහා වූ විශේෂ වැඩමුළුවක නාමය සහ පසු බිමයි. ඉන් පසුව අප කරුණු තහවුරු කර ගැනීම සඳහා කොලඹ ආනන්ද විද්‍යාලයේදී අගමැතිතුමිය සභාව ඇමතිමේ අවස්තාව විඩීයෝ පටයකින්  නැරඹු අතර එම විඩියෝ පටය මඟින් එතුමිය එවැනි ප්‍රකාශයක් නොකරන බව තහවුරු කර ගැනීමට හැකි විය. මේ අනුව සමාජ මාධ්‍ය සටහනේ ඇත්තේ ව්‍යාජ ප්‍රකාශනයකි.

නිගමනය : ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් අධ්‍යාපනය සඳහා වැය කරන මුදල 6% ක් දක්වා වැඩි කිරීමට පොරොන්දු වී ඇත. නමුත් වර්තමානයේ රටේ පවතින තත්වය මත එය සිදු කිරීමට නොහැකි බව වර්තමාන අගමැති ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කර නැත. මේ අනුව මෙම සමාජ මාධ්‍ය සටහනේ ඇත්තේ ව්‍යාජ ප්‍රකාශනයක් බව අප කළ කරුණු පරීක්ෂාවේදී  තහවුරු විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න