Hashtag Generation

අනුර කුමාර දිසානායක සමඟ ඡායාරූපයේ සිටින්නේ දේවානි ජයතිලක නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ දේවානි ජයතිලක මහත්මිය සිටින ඡායාරූපයක් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පඬු කරද ශාකය සම්බන්ධයෙන් ඉකුත් සති කිහිපයේ දී ඇති වූ කතාබහ ය. ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ පඬු කරද ශාකය එම ස්ථානය ඉවත් කළේ යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් 2023 ජූලි මස 11  දින පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී පැවැසීය. මෙතනින්

මේ අනුව ඉකුත් දින කිහිපයේ දී සහකාර වන සංරක්ෂක (පරිසර කළමනාකරණ හා භූ සම්පත්) දේවානි ජයතිලක මහත්මිය  සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු කතාබහක් නිර්මාණය වූ අතර ඇය, අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින ඡායාරූපයක් ද මේ ආකාරයෙන් සංසරණය විය. එම ෆේස්බුක් සටහනේ තිර ඡායාරූප (screenshots) කිහිපයක් ද පහතින් දැක්වේ. 

එලෙස පඬු කරද ශාකය සහ දේවානි ජයතිලක සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දී සංසරණය වූ ෆේස්බුක් සටහන් (screenshots) කිහිපයක් පහතින් දැක්වේ. 

මෙම ඡායාරූපයේ අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ දේවානි ජයතිලක මහත්මිය නොව රංගන ශිල්පිනි ගංඟා ජීවනි වැලිවත්ත මහත්මිය බව හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරන ලද සොයාබැලීමකදී තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. එමෙන්ම මෙය මුලින්ම 2021 වසරේ දී සංසරණය වී ඇති බව ද මේ සම්බන්ධයෙන් කරන සොයා බැලීමේදී තහවුරු කරගැනීමට හැකිාව ලැබිණි. 

මේ පිළිබදව ගංඟා ජීවනී වැලිවත්ත සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් පහතින් දැක්වේ. මෙතනින්

මේ සම්බන්ධයෙන් Fact Crescendo ආයතනය 2021 වසරේ දී කරුණු පරීක්ෂාවක් කර ඇති අතර එය මෙතැනින්.  එහි ගංඟා ජීවනී වැලිවත්ත මහත්මියගේ ඡායාරූපයක් පළ කර ඇති අතර එය පහතින් දැක්වේ. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගෙන් විමසීමක් කළ අතර එම ඡායාරූපයේ තමන් සමඟ සිටින්නේ රංගන ශිල්පිනි ගංඟා ජීවනි වැලිවත්ත මහත්මිය බව ද ඔහු තහවුරු කළේ ය. 

මේ අතර ඉහත මුලින්ම පළ කර තිබෙන ‘කරඳ ගහ කැපුවේ හාමුගේ පාලනය තුල නිසා, උඹ නිහඬව ඉඳින් සඕදරී’ යන කැප්ෂනය සහිත ඡායාරූපය මුලින් ම සමාජ මාධ්‍යවල පළ කර ඇත්තේ 2021 දෙසැම්බර් 21 යැයි නිගමනය කළ හැකි ය. එම මුල් ඡායාරූපය පහතින් දැක්වේ. මෙතැනින්

නිගමනය :  ඉහත ඡායාරූපයේ අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින්නේ දේවානි ජයතිලක මහත්මිය නොවන අතර එම ඡායාරූපයේ සිටින්නේ රංගන ශිල්පිනියක වන ජීවනි වැලිවත්ත මහත්මිය බව නිගමනය කළ හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.