දැරියක අපයෝජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඉකුත් දිනවල ප්‍රවෘත්ති පළ වූ අතර ඊට අදාළ පුද්ගලයන්ගේ නම් යැයි සඳහන් කරමින් ලැයිස්තුවක් ඉකුත් දින කිහිපයේදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවත් වට්ස්ඇප් වැනි පණිවුඩ ජාලවලත් හුවමාරු විය.
‘ලංකාලයිව්ස්’ (LankaLives) යන වෙබ් අඩවියක් මෙම නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර තිබූ අතර එම සමාජ මාධ්‍ය සහ පණිවුඩ ජාල හරහා වැඩි වශයෙන් ව්‍යාප්ත වූයේ මෙම ප්‍රවෘත්තියයි.
එහි ප්‍රවෘත්තියේ ස්ක්‍රීන්ෂොට් පහතින් දැක්වේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කරන ලදි.
සැකකරුවන්ගේ නම් යනුවෙන් ලැයිස්තුවක් මාධ්‍යයට නිකුත් කර නැති බව එහිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අදාළ ප්‍රවෘත්තියේ දැනට අත්අඩංගුවට ගෙන ඇති ඇතැම් පුද්ගලයන්ගේ නම් සඳහන් යැයි ද කෙසේ නමුත් මෙවැනි ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් නොකළ බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම සිදුවීමට අදාළව මේ වනවිට (ජූලි 13) සැකකරුවන් 41 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද ඊට අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
මෙම ප්‍රවෘත්තිය පළ කර ඇති ‘ලංකාලයිව්ස්’ (LankaLives) වෙබ් අඩවිය සම්බන්ධයෙන් ද අප සොයාබැලීමක් කළේය.
‘ලංකාලයිව්ස්’ (LankaLives) වෙබ් අඩවියේ සඳහන් දුරකතන අංකය ව්‍යාජ එකක් වන අතර එහි දැන්වීම් පළ කිරීමට පළ කර ඇති ‘icon’ මත ‘click’ කළ ඒවා නැවත පිවිසිනේනේ වෙබ් අඩවියට ය.
මෙම වෙබ් අඩවියේ සමාජ මාධ්‍ය සබැඳි පළ කර තිබුණ ද ඒවා මත ‘click’ කළ ඒවා නැවත පිවිසිනේනේ වෙබ් අඩවියට ය.
ඒ අනුව මේ වෙබ් අඩවියේ සංස්කාරකවරයකු හෝ ඊට අදාළ පුද්ගලයකු සම්බන්ධ කරගත නොහැකි බව පෙනී යයි.
එමෙන්ම https://centralops.net/co/ මෙවලමට/වෙබ් අඩවියට අනුව ‘ලංකාලයිව්ස්’ (LankaLives) වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ 2020 ඔක්තෝබර් මස 07 වැනිදා ය.
මෙම සිදුවීමට අදාළ පරීක්ෂණවල නිරත ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උසස් නිලධාරිනියකුගෙන් විමසීමක් කරන ලදි.
“මේක ව්‍යාජ ලැයිස්තුවක්. මෙහෙම ලැයිස්තුවක් අපි මාධ්‍යයට නිකුත් කළේ නැහැ. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කෙරෙනවා. අත්අඩංගුවට ගත් ඇතැම් සැකකරුවන්ගේ නම් මේ ලැයිස්තුවේ ඇතුළත් බව අපට දැනගන්නට ලැබී තිබෙනවා” යැයි එම නිලධාරිනිය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් ද විමසීමක් කරන ලදි.
“පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනවා. ඉන්පසු අධිකරණය නීතිපතිවරයාගේ විමසීමෙන් අනතුරුව ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ඇය ප්‍රකාශ කළාය.
කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ අංක 6 උසාවියේ මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග සිදු වේ.
අදාළ නිලධාරියාට අනුව දණ්ඩ නීති සංග්‍රංහයේ 360, 360 (ඇ) සහ 365 යන වගන්ති ප්‍රකාරව නීති කටයුතු කරගෙන යන බව ද එම නිලධාරිනිය සඳහන් කළාය.
කායික හෝ මානසික හෝ මොනයම් ආකාරයකින් සිදුවන ළමා හිංසනය බරපතළ වරදකි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ළමා අපයෝජන සම්බන්ධයෙන් 2020 ජනවාරි 01 වැනිදා සිට 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා ලැබී ඇති පැමිණිලි ගණන 8,165 කි. (තාවකාලික)
මෙතැනින්, https://tinyurl.com/jpf3ypfb
ළමයා හා සම්බන්ධ/ආශ්‍රිත (පනත්/නීති/මාර්ගෝපදේශ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මෙතැනින්, http://www.childprotection.gov.lk/?page_id=134
ළමා අපයෝජන සම්බන්ධයෙන් දැනුම් දීමේ ක්ෂණික ඇමතුමේ සේවාව, 1929 වන අතර මෙය ඇමතීමෙන් පැමිණිලි කිරීම්, වෙනත් උපදෙස් ලබාගත හැකි ය. මෙම සේවාව භාෂා ත්‍රිත්වයෙන් ම ක්‍රියාත්මක ය.
විස්තර, මෙතැනින් http://www.childprotection.gov.lk/?page_id=249