Hashtag Generation

AI තාක්ෂණය යොදාගනිමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ජායාරූප නිවැරදි ජායාරූප නොවේ.

අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට ලෝකය මෙන්ම ශ්‍රි ලංකාවද තාක්ෂණය පැතිකඩින් දියුණු වී ඇත. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග එය නිසියාකාරව භාවිතා නොකිරීම නිසා විවිධ අසත්‍ය තොරතුරු ජනතාව අතරට සංසරණය වීමක් දැක ගැනීමට හැකි වේ. එලෙස පසුගිය දින කිහිපයේ AI තාක්ෂණය මගින් සංස්කරණය කරනු ලැබු විවිධ අසත්‍ය තොරතුරු හුවමාරු වීමක් දැක ගැනීමට හැකි විය.එලෙස හුවමාරු වු අසත්‍ය පණිවුඩ කිහිපයක් පහතින් දැක්වේ.

මෙවැනි ආකාරයට ව්විධ ජායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබිමක් අපට දැක ගැනීමට හැකි විය.මේ සම්බන්ධ තොරතුරු  සත්‍ය තොරතුරු ද යන්න අප සොයා බැලු අතර යාල වනෝද්‍යානයේ දුර්ලභ සත්වයෙකුගේ හමුවීමක කිසිදු වාර්තාවක් අපට හමු නොවීය. එමෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අප වීමසීමක් සිදුකල අතර ඔවුන්ද පවසා සිටියේ මෙය අසත්‍ය පුවතක් බවයි.

මෙම ජායාරූප දෙස බැලීමේදි පෙනියනු ලබන්නේ කිසියම් හෝ තාක්ෂණයක් භාවිතයෙන් නිර්මාණය කර ඇති ජායාරූප බවයි. අප මෙම ජායාරූප කෘතිමව නිර්මාණය කල එවාද යන්න තහවුරු කර ගැනීම සදහා මෙවලමක් භාවිතා කරන ලදි.එයින් ලැබුණ සාක්ෂි පහතින් දැක්වේ .

අප මේ පිළිබදව තව දුරටත් සොයා බැලු අතර මෙම ජායාරූප මුලින්ම නිර්මාණය කල පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ සොයා ගැනීමට හැකි විය. ඔහුගේ ෆේස්බුක් ගිණුම තුළ AI තාක්ෂණය ඔස්සේ ඔහු නිර්මාණය කල විශාල ජායාරූප ප්‍රමාණයක් දැක ගැනීමට හැකි විය.එම ගිණුමට පිවිසීමට මෙතැනින්. ඔහු පළමුවෙන් නිර්මාණය කල ,සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ  පිරිසක් බෙදා ගත් ජායාරූපයක් පහතින් දැක්වේ.

නිගමනය: සමාජ මාධ්‍යවල සංසරණය වන ආකාරයට රාවණාගේ දඩුමොණරය,  අලියෙකු ගසක නැගීම,වද වී යන චිකිබිල්ලා මෙවැනි ආකාරයට සංරණය වූ ජායාරූප සත්‍ය ඡායාරූපණ නොව කෘතීම බුද්ධිය තුළින් නිර්මාණය කළ ඡායාරූප වේ.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.