Hashtag Generation

‘ඉදිරියේ දී එල්ල විය හැකි සයිබර් ප්‍රහාරයක්’ යන ලිපිය සත්‍ය එකකි.

‘ඉදිරියේ දී එල්ල විය හැකි සයිබර් ප්‍රහාරයක්’ යන සිරස්තලය යටතේ, පොලිස්පති නිල කාර්යාලයේ ශීර්ෂය ඇතිව නිකුත් කරන ලදැයි කියන ලිපියක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ හුවමාරු වන ආකාරය ඉකුත් දින කිහිපයේ දී දක්නට ලැබිණි. 

විදෙස් ගතව ක්‍රියාත්මක වන කණ්ඩායමක් මැයි මස 16, 17 සහ 18 යන දිනවලදී මෙරට රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල පරිගණක පද්ධතිවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ඇතැයි අනාවරණය වී ඇති බව අදාළ ලිපියේ සඳහන්ව ඇත. 

හෑෂ්ටැග් පරපුර අදාළ ලිපිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගේන විමසීමක් කළේ ය. අදාළ ලිපිය පොලිස්පති නිල කාර්යලය විසින් නිකුත් කරනු ලබ ඇති බවත් තමන් යටතේ තිබෙන පොලිස් මාධ්‍ය කොට්ඨාසයට ද ලැබී ඇති බවත් හෙතෙම කීවේ ය. කෙසේ නමුත් අදාළ ලිපිය මාධ්‍ය වෙත මුදා හැරියේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේ ය. 

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ, කර්නල් එම්.බී.බී. නලින් හේරත් මහතාගෙන් විමසීමක් කළ අතර අදාළ ලිපියේ සඳහන් පරිදි පූර්ව අනතුරු ඇඟවීමක් කළ බව හේරත් මහතා පැවැසීය.

මේ කරුණු අනුව ‘ඉදිරියේ දී එල්ල විය හැකි සයිබර් ප්‍රහාරයක්’ යන සිරස්තලය යටතේ, පොලිස්පති නිල කාර්යාලයේ ශීර්ෂය ඇතිව නිකුත් කරන ලදැයි කියන ලිපිය සත්‍ය ලිපියක් බව නිගමනය කළ හැකි ය. කෙසේ නමුත් එහි ඇති කරුණු නිශ්චිතව තහවුරු කළ නොහැක. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.