Hashtag Generation

ඉන්දියාවේ 5G තොරතුරු සම්ප්‍රේෂණ කුලුනු ගිනි තබනවා යැයි සඳහන් ඡායාරූප ව්‍යාජයි.

ඉන්දියානුවන් 5G තාක්ෂණය ප්‍රතික්ෂේප කරමින්, 5G කුලුනු ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන ඡායාරූප ඉකුත් දින කිහිපයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබිණි. 

හෑෂ්ටැග් පරපුර Google Reverse Search භාවිත කරමින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළේ ය. මෙම ඡායාරූප ගෙන ඇත්තේ ඉන්දියාවට 5G තාක්ෂණය හඳුන්වා දීමටත් පෙර බව එහිදි අනාවරණය විය. ඉන්දියාවට 5G තාක්ෂණය හඳුන්වා දී ඇත්තේ 2022 දී ය

Google Reverse Search හරහා කරන ලද සොයා බැලීමේදී මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ 2018 වසරේ දී බව තහවුරු විය. මෙම ඡායාරූප ගෙන ඇත්තේ ඉන්දියාව හර්යානා ප්‍රාන්තයේ බරාරාහිදී ය. ඉන්දියාවේ HindExpress TV, යුටියුබ් (YouTube) නාලිකාව ද මෙම විඩියෝව පළ කර තිබිණි. 

මෙය ජංගම කුලුනක් ගිනිගන්නා විඩියෝ පටයක් වන අතර මුලින්ම අන්තර්ජාලයට එක් කර ඇත්තේ 2018 ජනවාරි 27 වැනිදා ය

නිගමනය : මේ අනුව ඉන්දියානුවන් 5G කුලුනු ගිනි තබා විනාශ කරනවා යැයි සඳහන් කරමින් මෙරට සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූප මහජනතාව නොමඟ යවන බව  කළ හැකි ය. මෙම ඡායාරූප ඉන්දියාවට 5G තාක්ෂණය හඳුන්වා දීමටත් පෙර ගෙන ඇති විඩියෝ පටයක් වන අතර එහි දැක්වෙන්නේ සම්ප්‍රේෂණ කුලුනක් ගිනි ගන්නා විඩියෝ පටයකි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.