Hashtag Generation

‘කුඩා දරුවකුට පහර දෙන විඩියෝව’ මහජනතාව නොමඟ යවයි.

කුඩා දරුවකු ඇදගෙන ගොස් පහර දෙන විඩියෝවක් ඉකුත් දින කිහිපයේ දීම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට ලැබිණි. මෙම දරුවා මද්‍රසා පාසලක දරුවකු යැයි මෙය දෙහිවල ප්‍රදේශයේ මද්‍රසා පාසලකට අයත් විඩියෝවක් යැයි ද එම විඩියෝ පටය සමඟ සංසරණය වූ පණිවුඩවලින් කියැවිණි. 

එලෙස සංසරණය වූ වීඩියෝවේ තිර ඡායාරූපයක් පහතින් දක්වා ඇත.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ අතර මෙය ශ්‍රී ලංකාවේ සිදුවීමක් නොවන බවත් මෙම විඩියෝ පටය අවස්ථා කිහිපයකදීම සමාජ ජාල සහ වට්ස්ඇප් (WhatsApp) ඇතුළු පණිවුඩජාලවලත් සංසරණය වී ඇත.  

මෙම විඩියෝවට අදාළ සිදුවීම  බංග්ලාදේශයේ සිදුවීමක් බවත් එය 2021 වසරේ සිදුවූවක් බවත් එහිදි සොයා ගැනීමට හැකියාව ලැබිණි. බංග්ලාදේශ මාධ්‍ය මේ සිදුවීම සම්බන්ධයෙන් ඒ දිනවලදී වාර්තා කර තිබිණි.  මෙතැනින් , මෙතැනින් , මෙතැනින්

මෙය බංග්ලාද‌ේශයේ මද්‍රසා පාසලක සිදුවීමක් යැයි ද මෙම විඩියෝව සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වීමත් සමඟ අදාළ මද්‍රසා ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් අදාළ මාධ්‍ය වාර්තාවල දැක්විණි. 

එවැනි එක් වාර්තාවක තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ. 

මෙම විඩියෝ පටය ඉන්දියාවේ සමාජ ජාල පරිශීලකයන් අතර සහ පණිවුඩජාලවල ද සංසරණය වී ඇති බව මේ සම්බන්ධයෙන් සොයාබැලීමේදී තවදුරටත් අනාවරණය විය. මුස්ලිම් විරෝධී ප්‍රකාශන ද සමඟ ඉන්දියාව තුළ අදාළ විඩියෝව සංසරණය වී ඇති බව මේ සම්බන්ධයෙන් කෙරුණු වාර්තා සහ කරුණු පරීක්ෂාවල සඳහන්ව තිබිණි. ඉන්දියාවේ Boom කරුණු පරීක්ෂා කිරීමේ ආයතනය සහ News Meter වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර තිබිණි. මෙතැනින්, මෙතැනින්.

එහි තිර ඡායාරූපයක් පහත දැක්වේ.