Hashtag Generation

‘පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාව’ යැයි සඳහන් ෆේස්බුක් සටහන් අසත්‍ය යි.

පානදුර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන විසි තුනකට හදිසියේ පොලිස් ආරක්ෂාවක් යොදා ඇතැයි සඳහන් සටහන් ෆේස්බුක් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ඊයේ (20) දක්නට ලැබිණි. 

 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර ‘පානදුර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන විසි තුනකට හදිසියේ පොලිස් ආරක්ෂාවක්’ යන ෆේස්බුක් සටහන් අසත්‍ය යැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. 

 

සාමාන්‍යයෙන්, රාමසාන කාලයේ දී ජංගම පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශවල මුර සංචාරවල යෙදෙන බවත් එය පාදක කරගනිමින් මෙවැනි කටකතාවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන්නට ඇතැයි ද හෙතෙම කීය. 

 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.