Hashtag Generation

පෞද්ගලික තොරතුරු සොරාගන්නා ෆේස්බුක් පිටු ගැන ඔබ දැනුවත් ද ?

ගූගල් සමාගම සහ වෙනත් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ආයතන මෙන් පෙනි සිටිමින් විවිධ පාර්ශව සයිබර් ප්‍රහාර එල්ල කරන බව ඉකුත් දින කිහිපයේ දී දක්නට ලැබිණි. 

කාලයක් මුළුල්ලේ ෆේස්බුක් පිටු (Facebook Page) ලෙස ක්‍රියාත්මක වෙමින් තිබූ ෆේස්බුක් පිටු ඒවායේ මුල් නම වෙනස් කර ඇති ආකාරයත් නව නම් ලෙස ගූගල් ආදී ප්‍රකට තාක්ෂණික සමාගම් හෝ ඒවාට සම්බන්ධිත නම් අලුත් නම් ලෙස යොදා ඇති ආකාරයත් නිරීක්ෂණය විය. 

ඇතැම් ෆේස්බුක් පිටු මෙලෙස වෙනස් කර ඇත්තේ ඔවුන්ගේ ෆේස්බුක් පිටු සත්‍යාපනය කරගෙන (Verified) ඇති නම් ය. එමෙන්ම මෙවැනි බොහෝමයක් ෆේස්බුක් පිටුවලට විශාල ග්‍රාහක පිරිසක් සිටින අයුරු ද දක්නට ලැබිණි. 

ඉන් අනතුරුව මෙම ෆේස්බුක් පිටු විවිධ ක්‍රමවේද මඟින් පෞද්ගලික/රහස්‍ය තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන ආකාරයත් පෞද්ගලික ගිණුම් හැක් කර (Hack) ඇති බවත් දක්නට ලැබිණි. 

එවැනි ෆේස්බුක් පිටු කිහිපයක තිර ඡායාරූප (screenshots) පහතින් දැක්වේ. 

 

මේ ආකාරයේ සිදුවීම් ගණනාවක් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණු අතර මේ හා සමාන සිදුවීමකට අදාළව හෑෂ්ටැග් පරපුර කරුණු පරීක්ෂාවක් කරන ලදි.  මෙතැනින් 

මේ අනුව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල තිබෙන සත්‍යාපනය කළ (verified) නිල් පැහැති හරි ලකුණ සහිත (blue tick) ගිණුම් සහ පිටු ද විශ්වාස කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

මේ ආකාරයෙන් සත්‍යාපනය කළා යැයි කියන ෆේස්බුක් පි‌‌‌‌ටු හරහා සමාජ ජාල පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු සොරාගත් සිදුවීම් ගැන ඉහතින් ද සඳහන් කර ඇත. 

සත්‍යාපනය කළ බව කියන ෆේස්බුක් පිටුවක් තවදුරටත් තහවුරු කරගැනීමේ සඳහා අදාළ පිටුවේ විස්තරය (About) වෙත යෑමෙන් ද ෆේස්බුක් පිටුවල විනිවිදභාවය (Page Transparency) යනාදී පහසුකම් භාවිත කළ හැකි ය. 

මීට අදාළව ෆේස්බුක් සමාගම ලබා දී ඇති කෙටි පැහැදිලි කිරීමක්, මෙතැනින්

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.