Hashtag Generation

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් ද ?

“සුනාම් අවදානම පිළිබඳව විමසිලිමත් වීම” යන ශීර්ෂය යටතේ නිකුත් කළ පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අයුරු ඉකුත් පැය කිහිපයේදී දක්නට ලැබිණි.

“2023 මාර්තු 02 දාතම යටතේ නිකුත් කර ඇති මෙම පණිවුඩයේ “ඉන්දියානු සාගරයේ සුමාත්‍රා දිවයින අසල රික්ටර් මාපකාංක 9.2 ක භූ චලනයක් සිදුවී ඇත” යනුවෙන් ද සඳහන්ව ඇති අතර ‘ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය’යන ලිපි ශීර්ෂය යටතේ අදාළ නිවේදනය නිකුත්ව තිබිණි.

මෙම පණිවුඩයේ ඉහළින් “අභ්‍යාස සඳහා පමණි” යනුවෙන් පැහැදිලිව සඳහන් කර තිබෙන නමුදු මෙම පණිවුඩය සත්‍ය ලෙසම සුනාමියක් හටගෙන යන අදහස ගෙන දෙන අයුරින් වට්ස්ඇප් ඔස්සේ සංසරණය වෙමින් තිබිණි.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් විමසීමක් කළේ ය. මාර්තු 02 වැනි දින මාතර ප්‍රදේශයේ සිදු කරන ලද පෙරහුරු වැඩසටහන් සඳහා නිකුත් කළ ලිපියක් මෙලෙස සංසරණය වී ඇතැයි කොඩිප්පිලි මහතා පැවැසීය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.