Hashtag Generation

“TATTOO” කියන ටොෆියේ මත්ද්‍රව්‍ය අන්තර්ගත ද?

අතීතයට සාපේක්ෂව ඕනෑම පණිවුඩයක් පහසුවෙන් හා ඉක්මනින් ලබා දීමට, දැනුවත් කිරීමට සමාජ මාධ්‍යයට හැකියාවක් ලැබී ඇත.එම නිසාවෙන් බොහෝ පණිවුඩ එම මාර්ග ඔස්සේ සිදු වේ. නමුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සියලුම පණිවුඩ සත්‍ය තොරතුරු නොවේ. එලෙස පසුගිය දින කිහිපයේ දරුවන් අතර මත්ද්‍රව්‍ය අන්තර්ගත ටොෆියක් වෙළදාම් වන බවට පණිවුඩයක් සංසරණය විය .එය පහතින් දැක්වේ.

අප මේ පිළිබදව කරුණු විමර්ශනය සිදු කල අතර එහිදී අප මුලින්ම සිදු කරනු ලැබුවේ මෙවැනි ටොෆියක් වෙළදසැල් වල ඇත්දැයි යන්න පරීක්ෂා කිරීමයි. නමුත් අපට මෙවැනි ටොෆියක් වෙළදපල් තුළින් දැක ගැනීමට නොහැකි විය. ඉන් පසුව අප සිදු කරනු ලැබුවේ සමාජ  මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වු එම ටොෆියේ ජායාරූපයක් Google Reverse image තුළින් පරීක්ෂා කර බැලීමයි. එහිදී ලැබු තොරතුරු වලට අනුව මෙය චීනයේ නිෂ්පාදනයක් බව අපට දැක ගැනීමට හැකි විය. “Guangdong Shahgyi food  ” නැමැති ආයතය මෙය නිෂ්පාදනය කරනු ලබයි. ඉන් පසු මෙම ආයතයේ නිල වෙබ් අඩවිය අප පරීක්ෂා කර බැලු අතර මෙම ටොෆියේ මත්ද්‍රව්‍ය අන්තර්ගත බවට කිසිදු තොරතුරක් එහී සදහන් නොවීය. ඔවුන් එහී දක්වා තිබුනේ මෙහි සියලු නිෂ්පාදන නියමාකාර වු තත්ත්ව පරික්ෂාවකින් අනතුරුව වෙළදපලට නිකුත් කරන බවයි.

මෙම පණිවුඩය පිළිබදව අප නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් දුරකතනය ඔස්සේ විස්තර ලබා ගත් අතර එහීදි ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ .මෙම ටොෆිය පිළිබදව කිසිදු පැමිණිල්ලක් පොලිසියට මේ වෙන තෙක් ලැබී නොමැති බවයි.

මෙය තව දුරටත් තහවුරු කර ගැනීම සදහා අප පරීභෝගික සේවා අධිකාරියෙන්ද වගකිව යුතු පුද්ගලයෙක්ගෙන් තොරතුරු ලබා ගත් අතර එහිදී ඔහුද ප්‍රකාශ කරනු ලැබුවේ .මෙම Tatto Popping candy ආහාරය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

අප මේ පිළිබදව තවත් කරුණු තහවුරු කර ගැනීම සදහා අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් වික්‍රමසිංහ මහතාගෙන් දුරකතනය ඔස්සේ කරුණු විමසා සිටී අතර එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ “ඔය සමාජ මාධ්‍ය වල සංසරණය වන ටොෆිය නීතීයානුකූලව අන්තර්ජාතික වශයෙන් තමයි බෙදා හරින්නේ මේක පැණි රස කෑමක්, මේවා අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රම වලින් ආනයනය කරන්න පුළුවන්  , මේවගේ මත්ද්‍රව්‍ය අන්තර්ගතද කියලා බලන්න රසායනාගාර පර්‍යේෂණ සිදු කරලා තමයි තියෙන්නේ මේ කිසිම දේක එහෙම විසක් නෑ. මේවා ගොඩක් අය ආනයනය කරලා විකුණ ගන්න මේවගේ බොරු ප්‍රචාර යවනවා , ගොඩක් වැඩිහිටි අය ළමයි මේකේ මත්ද්‍රව්‍ය තියෙනවා කියලා හිතාගෙන මේක මිලදී ගන්නවා .මේවා අසත්‍ය ප්‍රචාර මේවට රැවටෙන්න එපා”. එතුමා මේ ආකාරයෙන් පවසන ලදි.

නිගමනය : “TATTO Popping Candy ” නැමැති ටොෆියේ මත්ද්‍රව්‍ය අන්තර්ගත යැයි සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන් වට්ස්ඇප් (WhatsApp ) තුළ පණිවුඩ සංසරණය විය. එය හඩ පණිවුඩ ලෙසද සංසරණය විය. නමුත් එම ටොෆිය තුළ එවැනි මත්ද්‍රව්‍යයක් අන්තර්ගත නොවේ. එය ජනතාව නොමග යවන පණිවුඩයකි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.