Hashtag Generation

“UNICEF” සංවිධානය පාසල් උපකරණ එකතු කරනවා යැයි කියන පණිවුඩ ව්‍යාජ යි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) , අඩු ආදායම් ළමයින් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා පාසල් උපකරණ කට්ටල එකතු කරන බවත් සඳහන් පණිවුඩ ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අයුරු දක්නට ලැබිණි. එලෙස විශේෂයෙන්ම වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ හුවමාරු වූ පණිවුඩයේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.  

මේ අතරවාරයේ දී ම එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) සංවිධානයේ නම ඇතුළත් තවත් පණිවුඩයක් ද වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වී තිබිණි. එහි තිර ඡායාරූප දෙකක් පහතින් දක්වා ඇත. 

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා හෑෂ්ටැග් පරපුර එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වෙබ් අඩවිය සහ ෆේස්බුක් පිටුව නිරීක්ෂණය කළ අතර එහිදි ඉහත දැක්වෙන පණිවුඩ ව්‍යාජ එවා යැයි තහවුරු කරගැනීමට හැකියාව ලැබිණි. 

වට්ස්ඇප් ඇතුළු අනෙකුත් පණිවුඩ ජාල සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පණිවුඩ ව්‍යාජ ඒවා යැයි තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පළ කර තිබූ දැනුවත් කිරීම පහතින් දැක්වේ. මෙතැනින්

නිගමනය: එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අඩු ආදායම් පාසල් දරුවන්ට බෙදා දීම සඳහා පාසල් උපකරණ එකතු කරනවා යැයි කියන පණිවුඩ ව්‍යාජ යි. 

 අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.