Hashtag Generation

චාවකච්ඡේරිය ප්‍රදේශයේ පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොයන ලෙසට පළවන පුවත ව්‍යාජයි.

මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් ඊයේ රාත්‍රියේදී හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත.

මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ පුවත් වාර්තා කිරීමේ ෆේස්බුක්  සජීවී විකාශනය තුළ දී ශක්ති ටීවී හි විකාශනය වූ පුවතක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අදහස් දක්වා තිබුණි. “චාවකච්ඡේරිය ඡන්ද මධ්‍යස්ථානයේදී රාජකාරී අතරතුර පුද්ගලයකු මිය ගිය බැවින් එහි පිරිසකට ඡන්දය භාවිතා කිරී⁣මට නොයා සිටින ලෙස ශක්ති ටීවී පුවත් විකාශය තුළ සඳහන් වූ බවත් එය වැරදි තොරතුරක්ද?” යනුවෙන් එම පුද්ගලයා අදහස් දක්වා තිබුණි.

එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ශක්ති ටීවී පුවත් විකාශන තුළ එවැනි පුවතක් අන්තර්ගත වී නොතිබූ අතර අපි මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ද විමසීමක් කළෙමු. මැතිවරණ රාජකාරියේ නිරතව සිටි නිලධාරින් මිය ගියේ ඊයේ රාත්‍රිය බවත් ඒ සඳහා නව නිලධාරින් යොදවා ඡන්දය විමසීමේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන බවත් මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරන ලදී. තවද ඡන්දය හිමි සියලුම දෙනා ඡන්දය භාවිත කරන ලෙසත් කිසිදු බාධාවකින් තොරව ඡන්දය විමසීමේ කටයුතු සිදුවන බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් පැවසීය.

නිගමනය : මැතිවරණ රාජකාරී අතරතුර පුද්ගලයකු මිය ගිය නිසා චාවකච්ඡේරිය ප්‍රදේශයේ පිරිසකට ඡන්දය භාවිත කිරීමට නොයා සිටින ලෙස” පුවතක් ශක්ති ටීවී හි විකාශනය වී නොමැත. රාජකාරී අතරතුර මරණ කිහිපයක් සිදුවූ නමුත් ඊට අවශ්‍ය පියවර ගෙන සුපුරුදු පරිදි සෑම මධ්‍යස්ථානයකම ඡන්දය විමසීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම තහවුරු කරන ලදී.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.