දසවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 2024 නොවැම්බර් 21 දින ආරම්භ විය. එහි සජීවි විකාශන කටයුතු ශ්‍රී ලංකාවේ ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ ද වාර්තා කර තිබුණි.
පාර්ලිමේන්තුවේ එදින සජීවි විඩීයෝ පටිගත කිරීම් එලෙස විවිධ මාධ්‍ය ඔස්සේ ලබා දී තිබූ අතර හිරු ටීවී නාළිකාව ඔවුන්ගේ ප්රවෘත්ති නිවේදනයක් ඔස්සේ පළ කර තිබු සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වි තිබුණි. එවැනිම සටහනක් පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුමකද පළ වී තිබුණි. එම සටහන් පහතින් දැක්වේ.
“විපක්ෂ නායකතුමාට හිමි ආසනයේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකු වාඩි වී සිටින බව” එම පුවත් සිරස්තලය තුළ සඳහන් විය. අප හිරු ටිවී නාළිකාව පළ කළ මෙම පුවත නැවත පරීක්ෂා කිරීමේදි ඔවුන් එය ඉවත් කර තිබුණි. “මාලිමාවේ මන්ත්‍රී යන කොටස ඉවත් කර එය “නවක මන්ත්‍රීවරයෙකු” ලෙස සංස්කරණය කර තිබෙණු අපට දැක ගත හැකි විය. එය පහතින් දැක්වේ.
ඉහත හිරු නාළිකාවේ පළ වු විඩීයෝ පටයේ දැක්වෙන මන්ත්‍රීවරයා කුමන පක්ෂයේ මන්ත්රීවරයෙක්ද යන්න පිළිබඳව අපි කරුණු විමසා බැලුවෙමු.
ඔහු නමින් වෛද්‍ය අර්චුන රාමනාතන් වන අතර මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට 17 වන ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වී ඇත. ඔහු එහිදී ජන්ද 20, 487 ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වී තිබුණි.
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වු මන්ත්‍රීවරුන් ලබා ගත් ජන්ද ප්‍රමාණය සහා ඔවුන්ගේ පක්ෂය පිළිබඳව තොරතුරු දැන ගැනීමට මෙතැනින්.
හිරු ටීවී නාළිකාව තුළින් මෙවැනි අසත්‍ය පුවතක් වාර්තා කිරීමට පෙර වෛද්‍ය අර්චුන රාමනාතන් මහතා විසින් ඔහු පාර්ලිමේන්තුව තුළ විපක්ෂ නායක අසුනේ සිටින බව දැක්වෙන විඩීයෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. එම විඩියෝ පටය මෙතැනින් පිවිසෙන්න.
හිරු ප්රවෘත්ති නාළිකාවේ ෆේස්බුක් පිටුව තුළ පළ කර ඇති ” විපක්ෂ නායක තුමාගේ පුටුවේ වාඩි වු මන්ත්‍රීතුමා” යන සිරස්තලය සහිත පුවත නිවැරදි පුවතක් නොවන බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් ජේ.එම්.ජේ.කේ. ජයසුන්දර මහතා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට පිළිතුර වශයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හිරු නාළිකාවේ ෆේස්බුක් පිටුවේ පළ වු මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම ලිපි ද්විත්වයම පහතින් දැක්වේ.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
නිගමනය : පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුන රාමනාතන් මාලිමාවේ මන්ත්‍රීවරයෙක් බව දක්වමින් හිරු ටිවී නාළිකාව ඔස්සේ පළ කර තිබු පුවත සාවද්‍යයි. ඔහු යාපනය දිස්ත්‍රිකයෙන් ස්වාධීන කණ්ඩායම් 17 තුළින් තරග කර පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වී ඇත. මේ අනුව “විපක්ෂ නායකතුමාට හිමි අසුනේ මාලිමාවේ මන්ත්‍රීවරයෙකු වාඩිවෙයි” යන සිරස්තලය සහිත හිරු ටීවී පුවත සහා පෞද්ගලික සමාජ සමාජ මාධ්‍ය ගිණුමේ පළ වී තිබු සටහන් සාවද්‍ය බව නිගමනය කළ හැකිය.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න