Hashtag Generation

COVID-19 එන්නත් වල ග්‍රැෆීන් ඔක්සයිඩ් අඩංගු බවට සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු අසත්‍යයි.

කොවිඩ්-19 වෛරසයට එරෙහිව ෆයිසර් සමාගම නිෂ්පාදනය කළ එන්නතේ උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් නම් සංඝටක අන්තර්ගත යැයි සඳහන් කරමින් එම සමාගම නිකුත් කළා යැයි කියන සටහනක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. 

එලෙස සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූපක්(Screenshot) පහත දැක්වේ.

මෙම ෆේස්බුක් සටහනේ දැක්වෙන ග්‍රැෆීන් ඔක්සයිඩ් යනු වෛද්‍ය විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර කෙරෙහි උනන්දුවක් ඇති කර ඇති අද්විතීය ගුණාංග සහිත තනි ස්ථර කාබන් මත පදනම් වූ ද්‍රව්‍යයකි. මෙහි දක්වා ඇති ඇමුණුම් මගින් ග්‍රැෆීන් ඔක්සයිඩ් පිළිබදව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.  මෙතැනින් මෙතැනින්

කෙසේ වෙතත්, Moderna, Janssen, AstraZeneca, CanSino, Sinovac, සහ Pfizer ආදී අවසර ලත් COVID-19 එන්නත්වල ග්‍රැෆීන් ඔක්සයිඩ් අමුදුව්‍යයක් ලෙස හඳුනාගෙන නොමැත. එම එන්නත්වල අඩංගු අමුද්‍රව්‍ය ලැයිස්තු පිළිවෙළින්: මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, මෙතැනින්, සහ මෙතැනින්. (කොවිඩ්-19 එන්නත් පිළිබඳ විස්තර)

ඇමෙරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනාධිකාරියේ වෙබ් අඩවියේ ඇති කරුණු පත්‍රිකාවකට අනුව ෆයිසර් එන්නතෙහි අඩංගු අමුද්‍රව්‍ය වන්නේ ලිපිඩ, Messenger RNA (mRNA), ලිපිඩ, පොටෑසියම් පොස්පේට්, සෝඩියම් ක්ලෝරයිඩ්, ඩයිබැසික් සෝඩියම් පොස්පේට් ඩයිහයිඩ්‍රේට් සහ සුක්‍රෝස් ය. එහි ග්‍රැෆීන් ඔක්සයිඩ් ලැයිස්තුගත කර නැත. එම කරුණු පත්‍රිකාවට මෙතැනින්   

එමෙන්ම Pfizer-BioNTech කොවිඩ්-19 එන්නත නිෂ්පාදනය කිරීමේදී ග්‍රැෆීන් ඔක්සයිඩ් (Graphene oxide) භාවිත නොකරන ෆයිසර් සමාගමෙහි ගෝලීය මාධ්‍ය සම්බන්ධතා (Global Media Relations) පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර කියානා ගැස්විනි Keanna Ghazvini ඊමේල් මගින් රොයිටර්ස් වෙත දැනුම් දී ඇති බව ඔවුන්ගේ වාර්තාවල දැක්වේ. මෙතැනින්

ෆේස්බුක් සටහන්වල දැක්වෙන පර්යේෂණ වාර්තාව ස්පාඤ්ඤයේ ඇල්මේරියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලියා ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. 

ෆයිසර් එන්නතෙහි ග්‍රැෆීන් ඇති බව පෙන්වන පර්යේෂණවලට තමන් සම්බන්ධ නොවූ බවත් “නොදන්නා සම්භවයක් ඇති නියැඳියක්” විශ්ලේෂණය කළ මහාචාර්යවරයාගේ නිල 

නොවන වාර්තාවේ නිගමන ප්‍රතික්ෂේප කරන බව එම විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එම නිවේදනයට මෙතැනින් 

නිගමනය: ෆයිසර් සහ අනෙකුත් COVID-19 එන්නත්වල ග්‍රැෆීන් ඔක්සයිඩ් අඩංගු නොවන අතර ඒවයේ ග්‍රැෆීන් ඔක්සයිඩ් ඇතැයි කිසිදු විශ්වසනීය විද්‍යාත්මක සාක්ෂියකින් තහවුරු වී නොමැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් COVID-19 එන්නත් දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර දරුණු රෝගාබාධ වැළැක්වීමට සහ වෛරසය පැතිරීම අවම කිරීමට ආරක්ෂිත සහ ඵලදායී බව විද්‍යාත්මක පරීක්ෂණවලින් සහතික කර ඇත.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.